ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසුන්ගේ වෘත්තීය අපේක්ෂාවන් සහ මුදල් ගසාකන වංචා පිළිබඳ සයිබර් ආරක්ෂක ආයතනයක් අනතුරු අඟවා තිබේ.
අදාළ වංචාකරුවන් ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් මිලියන ගණනක් සොරකම් කර ඇති බවද වාර්තා වේ.
Highlights
- ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසුන්ගේ වෘත්තීය අපේක්ෂාවන් සහ මුදල් ගසාකන වංචා පිළිබඳ සයිබර් ආරක්ෂක ආයතනයක් අනතුරු අඟවා තිබේ.
- අදාළ වංචාකරුවන් ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් මිලියන ගණනක් සොරකම් කර ඇති බවද වාර්තා වේ.
- මෙම වංචාකරුවන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය සහ දුරස්ථව රැකියා කිරීම ඔවුන්ගේ වංචාවන්ට ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි සොයා බලා ඇත.
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් මුදල් වංචා කිරීමක්
Proofpoint නමැති සයිබර් ආරක්ෂණ සමාගම විසින් මෙම හෙළිදරව්ව සිදුකර තිබේ.
ව්‍යාජ රැකියා දීමනා ලබාදෙන බවට මෙන්ම නිවසේ සිට රැකියා කිරීමට සලසා පහසුවෙන් මුදල් ලබා දෙන බවට පොරොන්දු දෙමින් විශ්ව විද්‍යාල සිසුන් වෙත කෙරෙන වංචා ක්‍රියා ඉහළ යාම ඔවුන් විසින් නිරීක්ෂණය කර තිබේ.
ව්‍යාජ රැකියා දීමනා ලබාදෙන බවට කරන ආරාධනා 95% කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපන ආයතන ඉලක්ක කර ගෙන ඇති බවද Proofpoint ආයතනය පවසයි.
මෙම වංචාකරුවන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය සහ දුරස්ථව රැකියා කිරීම ඔවුන්ගේ වංචාවන්ට ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි සොයා බලා ඇති බවද එම ආයතනය සඳහන් කරයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
එවැනි වංචනිකයෙකු රැකියා සඳහා බඳවා ගන්නෙකු හෝ සේවා යෝජකයෙකු ලෙස පෙනී සිටින අතර caregivers, mystery shoppers, පරිපාලන සහායකයින්, නිරූපන ශිල්පීන් හෝ rebate processors වැනි රැකියා සඳහා සිසුන්ට ඉතා හොඳ වැටුප් ලබා දෙන බවට පොරොන්දු වේ.
Advance fee fraud (AFF) හෙවත් අත්තිකාරම් ගාස්තු වංචාව මෙන් නොව රැකියා වංචාව සාමාන්‍යයෙන් දීර්ග ක්‍රීඩාවක් වන අතර සේවා යෝජකයින් විශ්ව විද්‍යාල සිසුන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර විස්තර සහ වෙනත් පුද්ගලික තොරතුරුද ඒ හරහා රැස් කරයි.
තවත් අය මුදල් විශුද්ධිකරණයේ හවුල්කරුවන් බවට පත් කිරීම උදෙසා සිසුන්ට ගෙවීමක් ලබා දීමට සහ අදාළ මුදල් වෙනත් ගිණුමකට මාරු කිරීමට කැමති නම් මූල්‍ය විස්තර ඉල්ලා ගෙවීමට පොරොන්දු විය හැක.

දිනකට විද්‍යුත් තැපෑල තර්ජන 4,000කට ආසන්න ප්‍රමාණයක්
ඇමරිකානු, යුරෝපීය සහ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සිසුන් නිතිපතා ඉලක්ක කර ගනිමින් දිනකට ලැබෙන එවැනි ඊමේල් තර්ජන 4,000කට ආසන්න ප්‍රමාණයක් Proofpoint ආයතනය හඳුනාගෙන තිබේ.
වසර කිහිපයක්ම නිවසේ සිට රැකියා කිරීම සහ ඉගෙනීම විශ්වවිද්‍යාල සිසුන් මේ ආකාරයෙන් මෙම වංචාවන්ට ගොදුරු කර ගැනීමට මූලික හේතුව වී තිබේ.
විශ්ව විද්‍යාල සිසුන් නම්‍යශීලී සහ දුරස්ථ රැකියා අවස්ථා සඳහා වඩාත් විවෘතව පවතියි.
විශේෂයෙන් ඉහළ උද්ධමනය සහ අධ්‍යාපන පිරිවැය ඉලක්ක කරමින් ශිෂ්‍යයන්ගේ මූල්‍ය ධාරිතාව මත මත පීඩනය යොදමින්, ඉක්මන් මුදල් ඉපයීම පිළිබඳ පොරොන්දුව වඩාත් ආකර්ශනීය ආකාරයට ඔවුන් වෙත ගෙන ඒමෙන් වංචාකරුවන් විශ්ව විද්‍යාල සිසුන්ව මේ සඳහා පොළඹවා ගන්න බවද සඳහන්.

