ඔස්ට්‍රේලියාවේ PR පිරිනමන 2021/22 Skilled වීසා වැඩසටහනේ පළමු ආරාධනා පත්‍ර වටයේ තොරතුරු (SBS සිංහල/ වාර්තා)

මෙවර ආරාධනා පත්‍ර වටයේදී 189 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 80 ක් බවත් 491 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 65 ක් බවත් සඳහන්.

Skilled Migration Invitation Rounds

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2021 ජූලි මාසයේ ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔස්ට්‍රේලියාවේ 2021/22 නව මුල්‍ය වර්ෂයේ ජාතික මට්ටමින් Skilled වීසා වලට අදාළ පළමු ආරාධනා පත්‍ර වටය ලෙස මෙය වාර්තා වේ.


Highlights

  • 2021 ජූලි මාසයේ ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 500 ක් නිකුත් කර තිබේ.
  • Skilled Work Regional (Provisional) – Family Sponsored වීසා (subclass 491) සඳහා ආරාධනා පත්‍ර 250 ක් ද නිකුත් කර ඇති
  • මෙවර ආරාධනා පත්‍ර වටයේදී 189 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 80 ක් බවත් 491 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 65 ක් බවත් සඳහන්.

2021 ජූලි මාසයේ ආරාධනා පත්‍ර වටය

2021 ජූලි මාසයේ ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 500 ක් ද Skilled Work Regional (Provisional) – Family Sponsored වීසා (subclass 491) සඳහා ආරාධනා පත්‍ර 250 ක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙවර ආරාධනා පත්‍ර වටයේදී 189 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 80 ක් බවත් 491 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කළ අවම ලකුණු සංඛ්‍යාව 65 ක් බවත් සඳහන්.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


කොරෝනා වසංගතයට පෙර සාමන්‍යයෙන් මසකට ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරුණු නමුත් ඉන් අනතුරුව එම සංඛ්‍යාව බොහෝ සෙයින් කප්පාදු කෙරිණි.

ඒ අනුව බලන කල මෙවර එම ප්‍රමාණය 1,750 කින් කප්පාදු කර තිබේ.

එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 70% ක කප්පාදුවකි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් 189 වීසා ඛාණ්ඩයෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.

Home Affairs
Source: Department of Home Affairs

ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් 2021 ජුනි මාසයේදී 190 වීසා සඳහා nominations

2021 ජුනි මාසයේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන්ගෙන් 190 වීසා සඳහා nominations ලබා ගත් අයදුම්කරුවන් ප්‍රමාණය පහත පරිදි වේ.

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 1,381
  • වික්ටෝරියා ප්‍රාන්තය - 310
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 37
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 342
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 298
  • ටස්මේනියා ප්‍රාන්තය - 268
  • Northern Territory - 124
  • Australian Capital Territory - 88

190 වීසා ඛාණ්ඩයද සෘජුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන වීසා ඛාණ්ඩයකි.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now