SKIP TO MAIN CONTENT

පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයට අකිල අද බ්‍රිස්බේන් එයි

Akila Dhananjaya _Sri Lankan Cricketer
Akila Dhananjaya _Sri Lankan Cricketer

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත වීම හේතුවෙන් එල්ලවුණු චෝදනාවට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා ඔහුව බ්‍රිස්බේන් වෙත එවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු සැලසුම් කරයි. ඒ අනුව අකිල ඊයේ දිනයේදී (19 Nov) ශ්‍රී ලංකාවේ සිට බ්‍රිස්බේන් බලා පැමිණ තිබේ. ගාල්ල ක්‍රීඩාංගන යෙදී පැවැත්වුණු ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරඟයේදී අකිල ධනංජයගේ පන්දු යැවීම මෙලෙස විනිසුරුවන්ගේ සැකයට බඳුන්විය.

චෝදනාව ලැබීමෙන් දින 14 ක් ඇතුළත සිය පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයකට මුහුණ දිය යුතුවන හෙයින් මෙලෙස ඔහු බ්‍රිස්බේන් නුවර බලා පිටත්කොට හැර තිබේ. ඒ අනුව අකිල ධනංජය බ්‍රිස්බේන් නුවර ක්‍රීඩා විද්‍යායතනයේදී මේ මස 23 වැනිදා පන්දු යැවීමේ පරීක්‍ෂණයට මුහුණ දීමට නියමිතය.

මේ හේතුවෙන් අකිලට ශ්‍රී ලංකා - එංගලන්ත තුන්වැනි ටෙස්ට් තරගය අහිමි වන බව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා - එංගලන්ත තුන් වැනි ටෙස්ට් තරඟය මෙම 23 දා කොළඹ SSC ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි. එංගලන්තය මේ වන විට මීට පෙර පැවති ටෙස්ට් තරඟ 2 ම ජයග්‍රහණය කොට ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණය හිමිකොට ගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now