රැජිණගේ අභාවයෙන් පසු ඔස්ට්‍රේලියාව ජනරජයක් බවට පත්කිරීමට බහුතරයක් අකමැති ලකුණු (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 46% ක් පමණක් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සහ බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සමඟ ඇති සම්බන්ධය ඉවත් කිරීමට සහාය දෙන්නේදැයි ඇසූ විට "ඔව්" යනුවෙන් පිළිතුරු දුන් බව එම සමීක්ෂණයෙන් සොයා ගත්තේය.

King Charles III (left) meets with Australian Prime Minsiter Anthony Albanese

Prime Minister Anthony Albanese says it's too soon for Australia to discuss becoming a republic. Source: Getty / STEFAN ROUSSEAU

ඔස්ට්‍රේලියාව ජනරජයක් බවට පත්කිරීම පිළිබඳ ජනමත විචාරණයක් සඳහා අද ඡන්දයක් පැවැත්වුවහොත් Resolve poll නමැති නවතම සමීක්ෂණයට අනුව එය සම්මත නොවනු ඇත.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 46% ක් පමණක් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සහ බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සමඟ ඇති සම්බන්ධය ඉවත් කිරීමට සහාය දෙන්නේදැයි ඇසූ විට "ඔව්" යනුවෙන් පිළිතුරු දුන් බව එම සමීක්ෂණයෙන් සොයා ගත්තේය.

දෙවැනි එළිසබත් රැජිනගේ අභාවයෙන් පසු ඔස්ට්‍රේලියාව ස්වාධීන රාජ්‍යයක් ලෙස තමන්ගේම රාජ්‍ය නායකයා පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා මධ්‍යයේ මෙය සිදු විය.

මේ අතර ඔස්ට්‍රේලියාව ජනරජයක් බවට පත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මෙය සුදුසු කාලය නොවන බව අගමැතිnthony Albanese පුන පුනා ප්‍රකාශ කර තිබුණි.

Resolve poll හි මෙම නවතම සමීක්ෂණයේ ප්‍රතිඵල Nine මාධ්‍ය ජාලයේ පුවත්පත්වල පළ කර තිබුණි.

ඔස්ට්‍රේලියාව ජනරජයක් බවට පත්වියයුතු යයි ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයක් සිටින එකම ප්‍රාන්තය වික්ටෝරියා ප්‍රාන්තය බව එම සමීක්ෂණය සොයාගත්තේය.

වයස අවුරුදු 18 ත් 34 ත් අතර අයගෙන් 54% ක් බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සමඟ සබඳතා බිඳ දැමිය යුතු බවට එහිදී පැවසීය.

රැජින ඇගේ පාලන කාලය තුළ හොඳ කාර්යයක් ඉටු කර ඇති බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 75% ක් පමණ කියා සිටි අතර තුන්වන චාල්ස් රජු ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා ලෙස හොඳින් කටයුතු කරනු ඇති බව 45% ක් පැවසීය.

සමීක්ෂණයේ ප්‍රතිඵල සහ ඔස්ට්‍රේලියානු දේශපාලනය

රැජිණගේ අභාවයෙන් පසු දෙවැනි එළිසබත් රැජින සහ ඇගේ පවුලේ අයට ලැබුණු සහයෝගයේ ස්වභාවය තුළ මෙම මත විමසුම දැකිය යුතු බව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Richard Marles පැවසුවේය.

"දෙවැනි එළිසබත් රැජිනගේ මරණය වැනි ඓතිහාසික මොහොතකින් පසුව ජනරජය පිළිබඳ ඡන්ද විමසීම් ගැන ඕනෑවට වඩා කතා කළ යුතු යැයි මම සිතන්නේ නැහැ" යනුවෙන් ඔහු ABC ගුවන් විදුලියට පැවසීය.

රැජිනගේ අභාවයෙන් පසු පසුගිය සති දෙක තුළ සිදු වූ සියල්ල සුවිශේෂී මිනිසෙකු හට කෘතඥ වීම බව තමාට හැඟෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

දිවංගත දෙවැනි එළිසබත් රැජින හට ශෝකය පළ කිරීම සඳහා අද (සැප්තැම්බර් 22) සමස්ත ඔස්ට්‍රේලියාවටම ජාතික නිවාඩු දිනයක් බවට පත් කර ඇත.

රැජින හට ශෝකය පළ කරන ජාතික උත්සවය අද පෙරවරුවේ කැන්බරා නුවරදී පැවැත්විණි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

එම උත්සවය මහජනතාව සඳහා විවෘත නොවුණු නමුත් ඔස්ට්‍රේලියාව පුරා සමරු උත්සව ගණනාවක් පවත්වා ඇති බව මුල්‍ය ඇමතිනි Katy Gallagher සඳහන් කළාය.

අට වරක් Archibald ත්‍යාගය ලැබූ ශ්‍රීමත් William Dargie විසින් 1954 දී නිර්මාණය කළ රැජිනගේ සිතුවමක් ඇතුළුව සුවිශේෂී ඔස්ට්‍රේලියානුවන් කිහිපදෙනෙකු මෙම උත්සවයට සහභාගී සිටියහ.

මෙම සිතුවම ඔස්ට්‍රේලියාවේ ජාතික පුෂ්පය වන golden wattle වලින් සහ රැජිනගේ ප්‍රියතම මල් වන Sweet peas හා ඩේලියාවලින් වටකර තිබුණි.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: AAP




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now