නවතම වාර්තාවකට අනුව ලොව අවදානම් බවින් වැඩිම නිවාස වෙළෙඳ පොළ අතර සිව්වන අවදානම් නිවාස වෙළෙඳ පොළ ලෙස සිඩ්නි නුවර නම් කර තිබේ.
UBS Global Real Estate Bubble Index වාර්තාවට අනුව ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ නිවාස මිල පහළ ගොස් වසර කිහිපයකට පසුව ලොව ප්‍රධාන නගර වල නිවාස වෙළෙඳ පොළ අධික ලෙස ඉහළ යමින් පවතියි.
UBS වාර්තාවට අනුව උද්ධමනයට සරිලන ලෙස සිඩ්නි නිවාස වෙළෙඳ පොළෙහි මිල සැකසුණු අතර 2015 වසරේදී එය ඉහළටම නැගුණි. 2012 වසරේ මැද භාගයේ සිට එය 45%ක වර්ධනයක් වන අතර ඊට හේතුව වී ඇත්තේ විදේශීය ආයෝජකයන්ගේ සීග්‍ර ඉල්ලුම බව සඳහන්. ඒ අතරින් චීන ආයෝජකයන් විශේෂයි.
“වසර කිහිපයකට පෙර විදේශ ආයෝජකයන්ගේ ඉලක්කයක් බවට සිඩ්නි නුවර පත්වීමෙන් පසු එහි නිවාස වෙළෙඳ පොළ අධික ලෙස ඉහළ යන්නට වුණා” වාර්තාවේ කර්තෘ පැවසුවේය.
2012 වසරේදී මෙම දර්ශකයේ ආසියා පැසිෆික් කලාපයේ අඩුම අගයක් ලබා ගත් සිඩ්නි නුවර මෙවර එම කලාපයේ අනෙක් නගර පසු කරමින් ඉහලට පැමිණ තිබෙන බවද ඔහු පැවසීය.
2015 වසරේ සිට සිඩ්නි නුවර දේපළ මිල පහත බැස ඇත්තේ තනි ඉලාක්කම් වල අඩු අගයකින් බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.
වාර්තාවට අනුව සැපයුම වැඩි කිරීම මගින් සහ වැඩි දුර බදු ක්‍රියාමාර්ග වලින් විදේශීය නිවාස ආයෝජනය අඩු කර ක්‍රම ක්‍රමයෙන් මිල ඉහළ යාම නැවත් විය හැකිය.

ලොව ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වල නිවාස මිල නැග්ම
ලොව ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන 18ක නේවාසික දේපළ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ප්‍රධාන නගර වල නිවාස මිල අධි තක්සේරු කර ඇති බව UBS වාර්තාව පෙන්වා දෙයි.
ලොව අවදානම් නිවාස වෙළෙඳ පොළ ලැයිස්තුවේ මුලින්ම ඇත්තේ කැනඩාවේ Vancouver නගරය වන අතර දෙවැන්න ලන්ඩන් නුවර වී තිබේ. ස්වීඩනයේ අගනුවර වන Stockholm ලැයිස්තුවේ තෙවන තැන හිම කරගෙන ඇති අතර සිඩ්නි සිව්වන තැනද ජර්මනියේ Munich සහ Hong Kong පිළිවෙලින් පස්වන සහ සය වන තැන හිමි කරගෙන තිබේ.
මෙම නගරවල පොලී අනුපාතය අතිශය අවම අගයක් ගන්නා බැවින් ශක්තිමත් ආර්ථිකයක නියත බවක් නොමැති බවට මෙම වාර්තාව අනතුරු අඟවයි.
චීනයේ ඉල්ලුමට සරිලන දැඩි සැපයුමක් ඇති නිසා නිවාස මිල වල අතිරික්ත අගයක් මතුව ඇති බවද එය පෙන්වා දෙයි.
මෙම නිවාස මිල ඉහළ යාම පොලී අනුපාත හෝ දේපළ සැපයීම් ඉහළ දැමිය හැකි බවටද UBS වාර්තාව අනතුරු අඟවයි.

2011 වසරේ සිට මේ දක්වා
UBS දර්ශකයේ ශ්‍රේණිගත නගරවල නිවාස මිල ගණන් 2011 වසරේ සිට 50%ක සාමන්‍ය අගයකින් වැඩි වී ඇති බව අනාවරණය වී තිබේ.
දේපළවල සැලකිය යුතු ලෙස හා පමණට වැඩ වූ මිල දෝෂයන් නිසා මෙම නැග්ම ඇතිවී ඇති අතර මෙය පුපුරා යනතුරු එය නිශ්චිතවම කිව නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
මෙම වාර්තාව, වර්තමාන මිල - ආදායම් අනුපාතය සහ වර්තමාන මිල - කුලී අනුපාතය සමගද සසඳා තිබේ. ඒ අනුව වර්තමාන මිල - ආදායම් අනුපාතයට අනුව ලන්ඩන්, පැරිස්, සිංගප්පුරුව, නිව් යෝර්ක් සහ ටෝකියෝ 10 ට වඩා වැඩිය. Vancouver සහ Zurich නගර කුලී අනුපාතයෙන් ඉහළම අගයක් ගෙන තිබේ.
සිඩ්නි නුවර නිවාස වෙළඳ පොළ අසාමාන්‍ය ලෙස නැග්මක් ඇතිවන බව පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරයේ ලේකම් John Fraser පැවසීය. මීට අමතරව එම කාලයේදීම ඔස්ට්‍රේලියානු සංචිත බැංකුවේ හිටපු අධිපති Glenn Stevens පැවසුවේ සිඩ්නි නිවාස වෙළෙඳ පොළ උමතු වී ඇති බවයි.

