පසුගිය අගෝස්තු 09 වන දිනට යෙදී තිබුණු ඔස්ට්‍රේලියානු සංගණන රාත්‍රිය මෑත ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ආන්දෝලනාත්මකම රාත්‍රිය බවට පත් වූයේ එක පිට එක පුවත් මවමිනි. එම රාත්‍රියට පෙරාතුව පටන් ඔස්ට්‍රේලියානු ජාතික සංගණනය පිළිබඳ විවිධ ඉසව් වලින් විවිධ කතා ඇසෙන්නටද පටන් ගත්තේය. මෙම කතා බහ වඩාත් උත්සන්න කරමින් අගෝස්තු 09 වන දින රාත්‍රියේ ඔස්ට්‍රේලියානු සංගණන වෙබ් අඩවියට එල්ල වූ හැකර් ප්‍රහාර ඔස්ට්‍රේලියාව පමණක් නොව මුළු ලොවම කැළඹු පුවතක් බවට පත් විය.
මේ අතර සමස්ත ශ්‍රී ලාංකීය ජාතියම කැළඹු තවත් පුවතක් සංගණනයට දින කීපයකට පෙර ඔස්ට්‍රේලියාව පුර මෙන්ම ශ්‍රී ලංකාවේද පැතිර යන්නට පටන් ගත්තේය. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ පිළිගත් රටවල නම් ලැයිස්තුව තුළ “දෙමල ඊළාම්” (Tamil Eelam) යනුවෙන් රටක්ද ශ්‍රී ලංකාවට පහලින් දිස්වී තිබෙනු දැකීම එම පුවතය. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වෙබ් අඩවියේ “දෙමල ඊළාම්” (Tamil Eelam) යනුවෙන් වෙනමම තීරුවක් 7107 යන කේතය යටතේ දිස් විය. ශ්‍රී ලංකාවේ කේතය වන්නේද එම අංකයමය. පහතින් දිස්වන්නේ එම ඡායාරූපයයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහය ඇතිව මෙම කරුණ පිළිබඳ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වෙත ලිපියක්ද යොමු කළ බව අපට වාර්තා විය. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකීය සමාජය තුල සක්‍රීය සමාජ ක්‍රියාකාරිකයෙකු වන රන්ජිත් සොයිසා මහතා මෙම ලිපිය යොමු කිරීමේ පුරෝගාමීත්වය ගත් බවද සඳහන් කළ යුතුය. එම ලිපියේ ඡායාරූපයක් පහතින් දැක්වේ.

ඉන් අනතුරුව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වෙතින් ඊට සාර්ථක පිළිතුරක් ලැබී ඇති අතර එහි සඳහන්ව තිබුණේ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය, 2016 රටවල වර්ගීකරණ ලයිස්තුවේ “දෙමල ඊළාම්” (Tamil Eelam) සම්බන්ධ සියලු සඳහන් කිරීම් හෝ නිර්දේශ කිරීම් ඉවත් කළ බවත් කිසියම් අපහසුතාවක් හට ගත්තේනම් ඒ පිළිබඳ කණගාටුව පළ කරන බවත්ය. එම පිළිතුරු ලිපියේ ඡායාරූපයක් පහතින් දැක්වේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ රටවල් වර්ගීකරණ ලයිස්තුවේ නවතම පිටපත ඔබට මේ වන විට http://www.abs.gov.au/AUSSTATS/abs@.nsf/DetailsPage/1269.02016?OpenDocument යන වෙබ් ලිපිනයෙන් බාගත කරගත හැකි අතර එහි අවසන් යාවත් කාලීන කිරීම සිදුව ඇත්තේ කැන්බරා වේලාවෙන් අගෝස්තු 09 වන දින පෙරවරු 11.30ටය. එම ලැයිස්තුවට අනුව දකුණු ආසියාතික රටවල ලෙස නම් කර ඇත්තේ බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාල දිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව පමණි.

මෙවැනි දැනුවත් කිරීම් හරහා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ස්වෙරී භාවය තහවුරු කිරීමට හැකි වීම ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවද හිමිකරගත් මහඟු ජයග්‍රහණයකි.
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

