ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත සැකසීමේ බලය ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු මණ්ඩලයෙන් ඉවත් කර ඒ වෙනුවට මුදල් ප්‍රතිපත්ති විශේෂඥ මණ්ඩලයක් පත් කිරීමට Albanese රජය සූදානම් වේ.
මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පිළිබඳ ප්‍රධාන සමාලෝචනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබේ.
මධ්‍යම බැංකුව කොටස් දෙකකට
මෙම සමාලෝචනයට අනුව පාලන මණ්ඩලයක් සහ මුල්‍ය ප්‍රතිපත්ති විශේෂඥ මණ්ඩලයක් අතර බලය බෙදීමෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවද අනෙකුත් මහ බැංකු පවතින මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අදාළ මුල්‍ය ප්‍රතිපත්ති විශේෂඥ මණ්ඩලය මුල්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත විය යුතු බවටද සමාලෝචනය නිර්දේශ කර තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත සැකසීමේ බලය මුදල් ප්‍රතිපත්ති විශේෂඥ මණ්ඩලය යටතට පත්වනු ඇත.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නැවත නැවතත් පොලී අනුපාත ඉහල යාමකට මුහුණ දීමේ නිවාස හිමියන් මත ඇති පීඩනය ලිහිල් කිරීම, එකොළොස් වරක් වෙනුවට වසරකට අට වරක්
මධ්‍යම බැංකු මණ්ඩලය රැස්වීම මෙම සමාලෝචනය නිර්දේශ කරයි.
90 දශකයෙන් පසුව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පිළිබඳ සිදුකෙරුණු පළමු විධිමත් සමාලෝචනය ලෙස මෙය වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව සම්බන්ධ නිර්දේශ 51 ක්
මෙම සමාලෝචනයේදී කරන ලද විශේෂිත නිර්දේශ 51 සඳහා Albanese රජය ප්‍රතිපත්තිමය සහය ලබා දීමට අපේක්ෂා කරන බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එමෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව, පාර්ලිමේන්තුව සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ දැන් කටයුතු කරන බවත් ඔහු එහි සඳහන් කර තිබේ.
මෙම සමාලෝචනය, එහි නිර්දේශ සහ මධ්‍යම රජයේ ප්‍රතිචාරයවල අවසන් අරමුණු වන්නේ මධ්‍යම බැංකුවට හොඳම රාමු, අරමුණු, ක්‍රියාවලි සහ විශේෂඥතාව ඇති බව සහතික කිරීම බවද භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.
මෙම සමාලෝචනය පුළුල් මාතෘකා 14ක් යටතේ විශේෂිත නිර්දේශ 51ක්, තේමා 5කට ඛාණ්ඩ කර ඇත: එම තේමා පහත පරිදි වේ.
- පැහැදිලි අරමුණු සහ මෙවලම් සහිත පැහැදිලි මුල්‍ය ප්‍රතිපත්ති රාමුවක් සහ හොඳින් අර්ථ දක්වා ඇති මූල්‍ය ස්ථායිතා භූමිකාවක්
- වඩා හොඳ ක්‍රියාවලීන් සහ තීරණ සම්බන්ධයෙන් වැඩි විනිවිදභාවයකින් සහ වගවීමකින් සහය දක්වන වඩාත් ප්‍රවීණ මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයක් ඇතුළුව ශක්තිමත් මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම සහ වගවීම
- වඩාත් කඩිසර සහ බලගැන්වීමේ සංස්කෘතියක් සහ වඩාත් විවෘත හා නිර්මාණාත්මක කතිකාවක් සමඟ විවෘත හා ක්‍රියාකාරී මධ්‍යම බැංකුවක්
- කළමනාකරණයට සහාය වීම සහ අධීක්ෂණය කිරීම සඳහා නව පාලන මණ්ඩලයක් පිහිටුවීම ඇතුළුව වඩාත් ශක්තිමත් ආයතනික පාලනයක්
- මධ්‍යම බැංකු ප්‍රධානීන් ආයතනික හා සංස්කෘතික වෙනස්කම් ඇති කිරීම සහතික කිරීමේ පියවර
මෙම ප්‍රකාශය මගින් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ ස්වාධීනත්වය සහ උද්ධමනය ඉලක්කගත අගයට ගැනීමේ ක්‍රියාවලිය සඳහා සහය දැක්වීම පිණිස මධ්‍යම රජයේ කැපවීම නැවත තහවුරු කරනු ඇති බවද මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළේය.

