වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට $250 ක් දෙන බලශක්ති ප්‍රසාද දීමනාව යළි ක්‍රියාත්මකයි, අයදුම් කරන හැටි මෙන්න

වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට යළිත් වරක් $250 ක Power Saving Bonus හෙවත් බලශක්ති ප්‍රසාද දීමනාවක් ලබාදීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

electricity_bill.jpg

Source: Getty / Getty Images

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම වැඩිවීමට ඉහළ යන බලශක්ති මිලත් ප්‍රබල හේතුවක් වී තිබේ.

මේ නිසාම වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට යළිත් වරක් $250 ක Power Saving Bonus හෙවත් බලශක්ති ප්‍රසාද දීමනාවක් ලබාදීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට $250 ක බලශක්ති ප්‍රසාද දීමනාවක්

2023 මාර්තු 24 දින මෙම බලශක්ති ප්‍රසාද දීමනා වැඩසටහනේ නව වටයක් ආරම්භ විය.

මෙම වැඩසටහන හරහා පසුගිය වර මෙම ගෙවීම ලැබූ ඕනෑම වික්ටෝරියා ප්‍රාන්ත නිවැසියෙකු ඇතුළුව, වික්ටෝරියානු නිවැසියන්ට දැන් මෙම නව වටයේ $250 ගෙවීම ලබා ගත හැකිය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

වික්ටෝරියා ප්‍රාන්තයේ පවුල් මිලියනයකට වඩා වැඩි පිරිසකගේ ජීවන වියදම ලිහිල් කිරීමට මෙය උපකාර කරනු ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.

මේ අතර ,මෙම වැඩසටහනේ නවතම වටය මගින් අයදුම්කරුවන්ගෙන් 40% ක් වඩා හොඳ බලශක්ති ගනුදෙනුවක් Victorian Energy Compare වෙබ් අඩවිය හරහා සොයා ගෙන ඇති බවද ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Victorian Energy Compare වෙබ් අඩවිය බලශක්ති සපයන්නන් පිළිබඳ ස්වාධීන සංසන්දනාත්මක වෙබ් අඩවියක් වන අතර, වික්ටෝරියානුවන්ට ලාභදායී දීමනාවක් සොයා ගැනීම පහසු කරවන අතර විශාල පරිමාණයේ බලශක්ති සිල්ලර වෙළෙන්දන්ව පරීක්ෂාවට ලක් කරයි.

$250 ක බලශක්ති ප්‍රසාද දීමනාව ලබාගන්නා අයුරු

මෙම ප්‍රසාද දීමනාව සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට පෙර, ඔබ ඒ සඳහා සුදුසුදැයි පරීක්ෂා කරගත යුතුය.

ඒ සඳහා පහත සඳහන් සුදුසුකම් හා අවශ්‍යතා ඔබ විසින් සැපිරිය යුතුය:

  • ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ නේවාසික බලශක්ති පාරිභෝගිකයෙකු විය යුතුය (එනම් නිවසක විදුලිය ලබාගැනීමට අදාළ නේවාසික විදුලි ගිණුමක් තිබිය යුතුය)
  • ඔබ එම ගිණුම් හිමියා විය යුතුය
  • එක් නිවසකට ලබා ගත හැක්කේ එක් ගෙවීමක් පමණි

මෙම ප්‍රසාද දීමනාවට අයදුම් කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, Victorian Energy Compare වෙබ් අඩවිය ඔබේ ප්‍රදේශයේ ඇති අඩුම මිලක් සහිත විදුලි දීමනා පිළිබඳ තොරතුරු ඔබට ඉදිරිපත් කරයි.

එසේ වුවා කියා ඔබ නිවසට මේ වන විට විදුලිය පිරිනමන විදුලිය සැපයුම්කරුවන් මාරු කිරීමට අවශ්‍ය නොවන බවද Victorian Energy Compare වෙබ් අඩවිය පවසයි.

මෙම අයදුම් කිරීමේ ක්‍රියාවලියට විනාඩි පහක් හෝ දහයක් ගත වන අතර, ඒ සඳහා මෑතකදී ඔබට ලැබුණු විදුලිය බිලක් තිබිය යුතුය.

$250 ක බලශක්ති ප්‍රසාද දීමනාව ලබාගැනීමට මෙතැනින් පිවිසෙන්න.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now