Highlights
- ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි දත්ත අවශ්‍ය බව විපක්ෂය පවසයි
- මෙම සතිය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොරෝනා එන්නත් සායන 36ක්
- බ්‍රිස්බේන්හි කොරෝනා රෝහල් අඩු කිරීමට බලධාරීන්ගේ අවධානය
- මෙවර පාස්කු දිනය විශේෂ බව ඕස්ට්‍රේලියානුවන් පවසයි.
- පොලිස් අත්අඩංගුවේදී තවත් ආදිවාසී වැසියකු මරුට
- කොරෝනා එන්නත් දුප්පත් රටවලටත් සපයන ලෙස පාප්වහන්සේ ඉල්ලයි
- තායිවානයේ සිදු වූ දුම්රිය අනතුරට හේතු වූ ට්‍රක් රථ රියදුරු සමාව අයදී
- ඕස්ට්‍රේලියානු කාන්ත ක්‍රිකට් කණ්ඩායම නව ලෝක වාර්තාවක් පිහිටුවයි
ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි දත්ත අවශ්‍ය බව විපක්ෂය පවසයි
ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන කොරෝනා එන්නත් වැඩපිළිවෙල පිළිබඳව දැඩි විනිවිදබාවයක් අවශ්‍ය බව ඕස්ට්‍රේලියානු විපක්ෂය සඳහන් කරයි.
මේ වන විට ඕස්ට්‍රේලියානුවන් 842,000කට අසන්න පිරිසකට කොරෝනා එන්නත් ලබා දීම සිදු කොට තිබේ.
මෙම තත්වය මත ලබන ඔක්තෝබර් මස වන විට පවතින ඉලක්කය වන, සෑම ඔස්ට්‍රේලියනුවකුටම කොරෝනා එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු පක්ෂ සෞඛ්‍ය ප්‍රකාශක Mark Butler සඳහන් කොට සිටින්නේ එම ඉලක්ක කරා ලඟා වීමට නම් මේ වනවිට පවතින එන්නත් ලබාදීමේ වේගය ඉහල දැමිය යුතු බවයි.
එමෙන්ම මේ වනවිට එන්නත් ලබා දී ඇති කණ්ඩායම් සම්බන්ධයෙන් පැහැදිලි දත්ත ලබාදීමද රජය මගින් සිදු කලයුතු අතර අවධානම් සහිත පිරිස සඳහා ඉකමනින් එන්නත් ලබාදීමට එමගින් හැකි වන බවද Mark Butler පෙන්වා දෙයි.
මෙම සතිය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොරෝනා එන්නත් සායන 36ක්
මෙම සතියේදී කොරෝනා එන්නත් සායන 36ක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා විවුර්ත කිරීමට එම ප්‍රාන්ත රාජ්‍ය බලධාරීන් කටයුතු කොට තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දැඩි සහායක් ලැබීමත් සමග එම ප්‍රාන්ත බලධාරීන් මෙම පියවර ගෙන ඇති බව නිව් සවුත් වේල්ස් හෙල්ත් හි ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
මේ වනවිට ප්‍රාන්තය තුල පුද්ගලයින් 126,500කුට පමණ කොරෝනා එන්නත් ලබා දී තිබේ.
බ්‍රිස්බේන්හි කොරෝනා රෝහල් අඩු කිරීමට බලධාරීන්ගේ අවධානය
බ්‍රිස්බේන් හි කොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර සපයන රෝහල් සංක්‍යාව සීමා කිරීම සඳහා ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂණ සිදු කරමින් සිටී
Princess Alexandra රෝහලට සෘජු ලෙස සම්බන්ධ කොරෝනා පොකුරු දෙකක් පසුගියදා වාර්තා විය
ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරිය වන Yvette D'Ath සඳහන් කොට සිටින්නේ ප්‍රාන්තය තුල සිටින කොරෝනා ආසාදිතයින් විවිධ රෝහල් කර රැගෙන යාම වෙනුවට එක් රෝහලක් වෙත යොමු කිරීම ඔස්සේ සෞඛ්‍ය සේවකයින් හට දැඩි ආරක්ෂාවක් සැලසෙන හෙයින් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි.
මෙවර පාස්කු දිනය විශේෂ බව ඕස්ට්‍රේලියානුවන් පවසයි.
ඊයේ දිනයේදී පාස්කු ඉරිදා සඳහා සහභාගී වෙමින් ඕස්ට්‍රේලියානුවන් සඳහන් කොට සිටියේ මෙවර පාස්කු ඉරිදා දිනය සුවිශේෂී වූ බවයි.
පසුගිය වසරේදී කොරෝනා තත්වය මත පල්ලි සහ වෙනත් පූජනීය ස්ථාන රැසක් වසාදමා තිබු අතර මේ වනවිට එය නැවතත් යථා තත්වයට පත්ව තිබේ.
සිඩ්නි හි Lebanon Maronite කතෝලික දේවස්ථානයද මෙලෙස පසුගිය වසරේදී වසා දැමුණු අතර මෙම වසරේදී නැවතත් සාමාන්‍ය ලෙස පුජා පැවැත්වීමට හැකි වීම සතුටුදායක බව එම දේවස්ථාන සාමාජිකයින් සඳහන් කොට සිටී.
පොලිස් අත්අඩංගුවේදී තවත් ආදිවාසී වැසියකු මරුට
තවත් ඕස්ට්‍රේලියානු ආදිවාසී පුද්ගලයකු පොලිස් අත්අඩංගුවේ පසුවන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර මේ වන විට, එක් මසක් තුල පොලිස් අත්අඩංගුවේ පසුවන විට මියගොස් ඇති ඕස්ට්‍රේලියානු ආදිවාසී පුද්ගලයින් ගණන 5ක් ලෙස වාර්තා වේ.
මිය යන විට මෙම පුද්ගලයා 45 වැනි වියේ පසුව ඇති අතර ඔහු බටහිර ඕස්ට්‍රේලියාවේ අධි ආරක්‍ෂිත බන්ධනාගාරයක සිට තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් මේ වනවිට බටහිර ඔස්ට්‍රේලියානු පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
1991 වසරේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියානු ආදිවාසී වැසියන් 450 කට වැඩි පිරිසක් අත්අඩංගුවේ පසුවන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා එන්නත් දුප්පත් රටවලටත් සපයන ලෙස පාප්වහන්සේ ඉල්ලයි
කොරෝනා එන්නත් දුප්පත් රටවල් සඳහා ලැබීම සහතික කරන ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.
ශාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු උත්සවයට සහභාගී වෙමින් උන්වහන්සේ සඳහන් කොට ඇත්තේ එන්නත්කරණය කොරෝනා වෛරසයට එරෙහිව පවතින අත්‍යවශ්‍ය කරුණක් වනබවයි.
තායිවානයේ සිදු වූ දුම්රිය අනතුරට හේතු වූ ට්‍රක් රථ රියදුරු සමාව අයදී
දශක ගණනකට පසු තායිවානයේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුරේ තුන් වන මැදිරිය ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු වන බව වාර්තා වේ.
නිසි ලෙස තිරිංග ක්‍රියාත්මක කොට නොතිබීම හේතුවෙන් දුම්රිය මාර්ග නඩත්තු කිරීමේ ට්‍රක් රථයක් දුම්රිය මාර්ගයට පැමිණ ඇති අතර අදාල දුම්රිය එම රථයේ ගැටීම මගින් මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 190 දෙනෙකු තුවාල ලැබීය.
අනතුර සම්බන්ධයෙන් අදාල ට්‍රක් රථයේ රියදුරු අනතුරට පත් වූ පිරිසගේ පවුල වලින් සමාව අයැද තිබේ.
ට්‍රක් රථයේ රියදුරු මේ වනවිට ඇප මත මුදාහැර සිටී
ඕස්ට්‍රේලියානු කාන්ත ක්‍රිකට් කණ්ඩායම නව ලෝක වාර්තාවක් පිහිටුවයි
අඛණ්ඩව 22 වැනි වරටත් එක්දින ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය කිරීම ඔස්සේ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නව ලෝක වාර්තාවක් පිහිටුවයි.
Maunganui හිදී නවසීලන්තය අතර පවතී තරඟයේදී කදුළු 6ක ජයක් ලබමින් කාන්ත ක්‍රිකට් කණ්ඩායම මෙම වාර්තාවට හිමිකම් කියා තිබේ.
2003 වසරේදී ඕස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව තරඟ 21ක් ජයග්‍රහණය කරමින් මෙම ලෝක වාර්තාවට හිමිකම් කීවේය.
කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා Meg Lanning සඳහන් කොට සිටින්නේ මෙය තම කණ්ඩායම ලබාගත් විශාල ජයග්‍රහණයක් වන බවයි.
ඔබේ ප්‍රියතම සිංහල අවුරුදු ආහාරයට මනාපය පළ කර SBS සිංහල ගුවන් විදුලියෙන් වටිනා තෑගී මල්ලක් දිනාගන්න ඔබටත් අනගි අවස්ථාවක්,
මේ සඳහා SBS සිංහල ගුවන් විදුලිය සිදු කරන Online මත විමසුමට මෙතනින් පිවිසෙන්න

