SKIP TO MAIN CONTENT

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහනට අලුතින්ම එක් කළ සංශෝධන මෙන්න (SBS සිංහල/ වාර්තා)

දැනට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පදිංචි අයදුම්කරුවන්ට වැඩි අවස්ථාවක් ලබා දීම මෙහි අරමුණ බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

Australian Federal budget 2022
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ තවත් සංශෝධන කිහිපයක් සිදු කර ඇති බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ වැඩසටහනේ General stream සහ Graduate stream යන ධාරාවන් ද්විත්වයේ State nomination සඳහා අයදුම් කිරීමට ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී භාවිත කරන ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය මෙලෙස වෙනස් කර තිබේ.

දැනට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පදිංචි අයදුම්කරුවන්ට වැඩි අවස්ථාවක් ලබා දීම මෙහි අරමුණ බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.


Highlights

  • General stream සහ Graduate stream යන ධාරාවන් දෙකටම මෙම නව සංශෝධන අදාළ වේ.
  • ආරාධනා පත්‍ර නිකුත් කිරීමට සලකා බලන නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව දැනට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පදිංචි වී සිටීම සඳහා ප්‍රමුඛතාව ලබාදේ.
  • දැනට ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක හෝ ටෙරිටරියක හෝ පදිංචි වී සිටීමට දෙවැනි ප්‍රමුඛතාව හිමිවේ.

General stream ධාරාවේ ශ්‍රේණිගත කිරීම් සිදුකරන අනුපිළිවෙල

  • General stream සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් පහත අනුපිළිවෙලට අනුකූලව ශ්‍රේණිගත කෙරේ.
  • දැනට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පදිංචි වී සිටීම
  • දැනට ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක හෝ ටෙරිටරියක හෝ පදිංචි වී සිටීම
  • ඉහළම EOI ලකුණු ප්‍රමාණය
  • EOI යොමු කළ පැරණිතම දිනය
Skilled Migration Occupation Lists
Source: SBS

Graduate stream ධාරාවේ ශ්‍රේණිගත කිරීම් සිදුකරන අනුපිළිවෙල

Graduate stream සඳහා Higher education graduates සහ VET graduates යන ඛාණ්ඩ දෙක යටතේ සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් පහත අනුපිළිවෙලට අනුකූලව ශ්‍රේණිගත කෙරේ.

Higher education graduates ඛාණ්ඩය

  • දැනට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පදිංචි වී සිටීම
  • දැනට ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක හෝ ටෙරිටරියක හෝ පදිංචි වී සිටීම
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආචාර්ය උපාධියක් හෝ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කිරීම
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ගෞරව උපාධියක් හෝ වෙනත් උසස් උපාධියක් සම්පූර්ණ කිරීම
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සාමාන්‍ය උපාධියක් සම්පූර්ණ කිරීම

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


VET graduates ඛාණ්ඩය

  • දැනට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පදිංචි වී සිටීම
  • දැනට ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක හෝ ටෙරිටරියක හෝ පදිංචි වී සිටීම
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Advanced Diploma මට්ටමෙන් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධ සුදුසුකමක් (VET qualification) සම්පුර්ණ කිරීම
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Certificate IV මට්ටමෙන් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධ සුදුසුකමක් සම්පුර්ණ කිරීම

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now