ලකුණු 95 කින් ඔස්ට්‍රේලියාවේ PR ගන්න පුළුවන් ACT රැකියා ලැයිස්තුව මෙන්න (SBS සිංහල/ වාර්තා)

190 වීසා උදෙසා IT වෘත්තීන් සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 95 ක් වන අතරේ Pharmacists සඳහා පමණක් එය 100 ක් විය.

The list of ACT Occupations that can get you Australian Permanent residency for 95 points

Source: Getty Image/samxmeg

Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා 2021 වසරේ ඔක්තෝබර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.

ඔක්තෝබර් 05 වන දින නිකුත් කළ එම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු පහත පරිදි වේ.


Highlights

  • මෙවර Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ අයදුම්කරුවන් 17 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
  • ඊට අමතරව 491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 60 ක් නිකුත් කර තිබේ.
  • මෙවර වටයේ වෘත්තීන් 21 කට 190 හා 491 වීසා සඳහා ACT වෙතින් ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

ACT ඔක්තෝබර් මාසයේ පළමු ආරාධනා පත්‍ර වටය

ACT හි ඔක්තෝබර් මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටය 2021 ඔක්තෝබර් 05 වන දින ක්‍රියාත්මක විය.

මෙම වටයේදී 457/482 වීසා ලාභීන් දෙදෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඊට අමතරව මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා අයදුම්කළ අයදුම්කරුවන් 17 දෙනෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

ඒ සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 95 කි.

මෙවර Accountants වෘත්තීය සඳහා 190 වීසා ඛාණ්ඩයෙන් කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොමැත.

ඊට අමතරව Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 60 ක් නිකුත් කර ඇති බව සඳහන්.

ඒ සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 65 කි.

නමුත් Accountants වෘත්තීය සඳහා එය ලකුණු 100 ක් බව සඳහන්.

It is revealed that last year most of the Australian Permanent visas were delivered to onshore applicants
Source: Getty Images

මෙවර වටයේ ආරාධනා පත්‍ර ලැබූ වෘත්තීන්

මෙවර වටයේ වෘත්තීන් 21 කට 190 හා 491 වීසා සඳහා ACT වෙතින් ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

එහිදී වැඩිම ඉල්ලුමක් සහ ජනප්‍රියම වෘත්තීන් ලෙස සැලකෙන Chef, Cook, Enrolled Nurse, Registered Nurse, ICT Business and Systems Analyst, Software and Applications Programmer, Database and Systems Administrator, Computer Network Professional, Motor Mechanic, Civil Engineering professional, Electrical Engineer සහ Electronics Engineer වැනි වෘත්තීන් සඳහා 491 වීසා වෙනුවෙන් සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 65 කි.

එමෙන්ම 190 වීසා උදෙසා IT වෘත්තීන් සඳහා සලකා බැලූ Canberra Matrix අවම ලකුණු ප්‍රමාණය 95 ක් වන අතරේ Pharmacists  සඳහා පමණක් එය 100 ක් විය.

මෙවර වටයේ 190 හා 491 වීසා සඳහා ACT වෙතින් ආරාධනා පත්‍ර නිකුත් කළ වෘත්තීන් සහ ඒවාට අදාළ අවම ලකුණු පහත පරිදි වේ. 

INVITATION ROUND - 5 October 2021
Occupation IDNOMINATED OCCUPATIONMinimum Rank: 491Minimum Rank: 190
1336Supply and Distribution Manager65  
1411Cafe and Restaurant Manager6595
2211Accountants100 
2251Marketing specialist65 
2324Graphic and Web Designers6595
2332Civil Engineering professionals65 
2333Electrical Engineers65 
2334Electronics Engineers6595
2515Pharmacists  100
2544Registered Nurses65 
2611ICT Business and Systems Analyst6595
2612Multimedia Specialists and Web Developers  95
2613Software and Applications Programmers6595
2621Database and Systems Administrator65 
2631Computer Network Professionals65 
2726Welfare, Recreation and Community Arts Workers 95
3212Motor Mechanics65 
3513Chef6595
3514Cook65 
4114Enrolled Nurse65 
5111Contract, Program and Project Administrators65 
The ACT Critical Skills List was updated on 24 June 2022
The ACT Critical Skills List was updated on 24 June 2022 Source: Getty Images

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි Skilled වීසා කෝටාව

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.

  • Skilled Nominated (subclass 190) වීසා - 600
  • Skilled Work Regional (subclass 491) වීසා - 1,400

මේ අතර 2021 ඔක්තෝබර් මාසයේ 01 වනදින වන විට ACT හි ඉතිරිව ඇති 190 හා 491 වීසා ප්‍රමාණය පහත පරිදි වේ.

  • 190 වීසා - 447
  • 491 වීසා - 1052

මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බවද ACT ප්‍රාන්ත රජය පවසයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ACT Critical Skills ලැයිස්තුව

ACT Critical Skills ලැයිස්තුව ACT 190 හා 491 වීසා සඳහා අදාළ වේ.

ACT Critical Skills ලැයිස්තුව සෑම සිව් මසකට වරක්ම සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලැබේ.

ඒ අනුව ACT Critical Skills ලැයිස්තුවේ නවතම යාවත්කාලීන කිරීම 2021 සැප්තැම්බර් මස මුල සතියෙදේ සිදු කෙරිණි.

මේ වන විට ක්‍රියාත්මක වන නවතම ACT Critical Skills ලැයිස්තුව මෙතනින් ලබාගත හැකිය.


Share

4 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now