ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර සිසුන්ව මේ වසර අග සිට ගෙන්වා ගන්න වික්ටෝරියා ප්‍රාන්තයත් සූදානම් (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියා ප්‍රාන්තය දැනට බාරගන්නා ජාත්‍යන්තර සංචාරකයින්ගේ සීමාවට අමතරව සීමිත සංඛ්‍යාවක් ජාත්‍යන්තර සිසුන් ප්‍රාන්තයට ඇතුළත් කර ගත යුතු බවට මෙම සැලසුම මගින් යෝජනා කර තිබේ.

University of Melbourne Vice-Chancellor Duncan Maskell says the tertiary education sector is looking forward to the approval of the plan.

University of Melbourne Vice-Chancellor Duncan Maskell says the tertiary education sector is looking forward to the approval of the plan. Source: University of Melbourne/Facebook

ජාත්‍යන්තර සිසුන් යළි වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වා ගැනීම උදෙසා වන සැලසුමක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ලබාදී තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් එය අනුමත කළහොත් මේ වසර අගදී ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වේ.


Highlights

  • මෙම සැලසුමේ පළමු අදියර යටතේ විශ්ව විද්‍යාලවලට ලියා පදිංචිවී සිටින ජාත්‍යන්තර සිසුන් 120 ක් බැගින් සෑම සතියකම වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වා ගැනීමට අදහස් කර ඇත.
  • ගුවන් ටිකට් පත් ගාස්තුව සඳහා වන පිරිවැය අදාළ සිසුන් විසින් දැරිය යුතු අතර සිසුන්ට නිරෝධායනය වීම සඳහා යන පිරිවැය ඔවුන්ගේ විශ්ව විද්‍යාලවලින් දරනු ලැබේ.
  • සැලසුමේ දෙවැනි අදියරේදී TAFE විද්‍යාල, ඉංග්‍රීසි පාඨ මාලා, පුද්ගලික විද්‍යාල සහ ද්විතීක පාසල් සඳහා ලියාපදිංචිවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට කටයුතු කෙරේ.

වික්ටෝරියා ප්‍රාන්ත රජයේ සැලසුම

වික්ටෝරියා ප්‍රාන්තය දැනට බාරගන්නා ජාත්‍යන්තර සංචාරකයින්ගේ සීමාවට අමතරව සීමිත සංඛ්‍යාවක් ජාත්‍යන්තර සිසුන් ප්‍රාන්තයට ඇතුළත් කර ගත යුතු බවට මෙම සැලසුම මගින් යෝජනා කර තිබේ.

එනිසා මෙය හරහා ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමට අපේක්ෂාවෙන් විදෙස් රටවල සිරවී සිටින ඕස්ට්‍රේලියානුවන්ට අසාධාරණයක් නොවේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලවල, TAFE විද්‍යාලවල සහ අනෙකුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලැබීමට ලියා පදිංචිවූ සිසුන් කොවිඩ් ආරක්ෂිතව වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වා ගැනීමට මේ හරහා සැලසුම් කර ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත රජයේ වෙළෙඳ අමාත්‍ය Martin Pakula පැවසීය.

මෙම සැලසුමේ පළමු අදියර යටතේ විශ්ව විද්‍යාලවලට ලියා පදිංචිවී සිටින ජාත්‍යන්තර සිසුන් 120 ක් බැගින් සෑම සතියකම වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වා ගැනීමට අදහස් කර ඇත.

තම උපාධි පාඨ මාලා නොකඩවා කරගෙන යාම සඳහා හෝ සම්පූර්ණ කිරීම සඳහා ප්‍රායෝගික අධ්‍යන කටයුතු සිදුකිරීමට අවශ්‍ය සිසුන්ට සහ පශ්චාත් උපාධි පර්යේෂණ සිසුන්ට මෙහිදී ප්‍රමුඛතාවය දෙනු ඇත.

මෙල්බර්න් වෙත පැමිණෙන ගුවන් යානයේ ගුවන් ටිකට් පත් ගාස්තුව සඳහා වන පිරිවැය අදාළ සිසුන් විසින් දැරිය යුතුවේ.

නමුත් මෙල්බර්න් නුවරට පැමිණ එම සිසුන්ට නිරෝධායනය වීම සඳහා යන පිරිවැය ඔවුන්ගේ විශ්ව විද්‍යාලවලින් දරනු ලැබේ.

COVID-19 Quarantine Victoria විසින් කළමනාකරණය කරනු ලබන වෙනමම නවාතැන්වල මෙම සිසුන් නිරෝධායනය කෙරේ.

මෙම සැලසුමේ දෙවැනි අදියරේදී TAFE විද්‍යාල, ඉංග්‍රීසි පාඨ මාලා, පුද්ගලික විද්‍යාල සහ ද්විතීක පාසල් සඳහා ලියාපදිංචිවී සිටින සිසුන් ගෙන්වා ගැනීමට කටයුතු කෙරේ.

International students
Source: Getty Images/supersizer

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්

ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට ලබාදෙන අධ්‍යාපනය හරහා වික්ටෝරියානු ආර්ථිකය ඩොලර් බිලියන ගණනක් උපයන අතර එමගින් රැකියා දස දහස් ගණනකට සහාය වේ.

වික්ටෝරියානු විශ්ව විද්‍යාලවලට මේ වන විට ජාත්‍යන්තර සිසුන් 47,000 ක් පමණ ලියා පදිංචිවී සිටී.

නමුත් කොවිඩ් වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියානු දේශ සීමා පසුගිය වසරේ මාර්තු මස සිට වසා දමා තිබීම නිසා ඔවුන්ට තවමත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවී තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Alan Tudge හැකි ඉක්මනින් මෙම සැලැස්ම අනුමත කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ උපකුලපති Duncan Maskell පැවසීය.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ  රටවල් 100 ක පමණ ජාත්‍යන්තර සිසුන් 75,000 කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබති.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න



Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now