මේ වන විට වසා දමා ඇති ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා එළඹෙන නත්තල් සමයේදී යළි විවෘත කිරීමට හැකිවෙතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශ්වාස කරයි.
ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ට රටින් පිටව ගොස් නැවත පැමිණිය හැකි අතර එලෙස පැමිණිමේදී අනිවාර්ය හෝටල් නිරෝධායනයකින් තොර ක්‍රමවේදයක් සකස් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක අමාත්‍ය Dan Tehan පැවසීය.
Highlights
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ජාත්‍යන්තර සිසුන්ව ඉදිරි මාසවලදී ගෙන්වා ගැනීමට සූදානම් වේ.
- ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කළ කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගත් සිසුන්ට පමණක් පැමිණිය හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.
- මේ අතර තම විශ්ව විද්‍යාලයට පැමිණෙන සියලුම දෙනා අනිවාර්යෙන් කොවිඩ් එන්නත ලබාගත යුතු බවට මෙල්බර්න් විශ්ව විද්‍යාලය පවසයි.
ඒ අතරේ ජාත්‍යන්තර සිසුන්ව සහ නිපුණතා සංක්‍රමණිකයින්ව ද ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison පසුගියදා ප්‍රකාශ කළේය.
මේ අතර ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ජාත්‍යන්තර සිසුන්ව ඉදිරි මාසවලදී බාරගැනීමට සූදානම් වෙයි.
නමුත් ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කළ කොවිඩ් එන්නත්වලින් එකක, මාත්‍රා දෙකම ලබාගත් සිසුන්ට පමණක් එලෙස පැමිණීමට අවසර ලැබෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පැවසීය.

ඔස්ට්‍රේලියාවේ දැනට අනුමත කර ඇති කොවිඩ් එන්නත්
ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත් අනුමත කිරීමේ බලයලත් එකම ආයතනය ලෙස Therapeutic Goods Administration හෙවත් ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය හැඳින්වේ.
එය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඖෂධ සහ චිකිත්සක නියාමන ආයතනය ලෙස කටයුතු කරයි.
ලොව පුරා ඇති කොවිඩ් එන්නත්මේවලින් වන විට Pfizer, AstraZeneca සහ Moderna එන්නත් පමණක් ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කර ඇත.

මෙල්බර්න් විශ්ව විද්‍යාලය කොවිඩ් එන්නත අනිවාර්ය කරයි
මේ අතර තම විශ්ව විද්‍යාලයට පැමිණෙන සියලුම දෙනා අනිවාර්යෙන් කොවිඩ් එන්නත ලබාගත යුතු බවට මෙල්බර්න් විශ්ව විද්‍යාලය පවසා තිබේ.
ඒ අනුව නොවැම්බර් 5 වනදා සිට මෙල්බර්න් විශ්ව විද්‍යාලයට ඇතුළු වන සිසුන්, කාර්ය මණ්ඩලය, කොන්ත්‍රාත්කරුවන් සහ අමුත්තන් යන සියලුම දෙනා කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා තිබිය යුතු බව මෙල්බර්න් විශ්ව විද්‍යාලය පවසයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

