ඔස්ට්‍රේලියාවේ මෙවර tax return එක යොමු කිරීමට පෙර ATO එකෙන් අලුත් පණිවිඩයක් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්ගේ පසුගිය මුල්‍ය වර්ෂයට අදාළ බදු තොරතුරුවලින් මිලියන 80 කට අධික තොරතුරු ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට මේ වන විට ලැබී ඇති බවත් ඒ අනුව අදාළ බදු ගෙවන්නන් හට තම වාර්ෂික tax return එක යොමු කළ හැකි බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

The latest message from ATO before submitting your tax return

The latest message from ATO before submitting your tax return Source: AAP

ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්ගෙන් බහුතරයකට දැන් තමන්ගේ වාර්ෂික tax return එක හෙවත් වාර්ෂික බදු ප්‍රතිලාභය ඉදිරිපත් කළ හැකි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

2021-22 මුල්‍ය වර්ෂය 2022 ජුනි 30 වනදායින් අවසන් වීමත සමග බදු ගෙවන්නන් තම වාර්ෂික tax return එක යොමු කළ යුතුවේ.


Highlights

  • බොහෝ බදු ගෙවන්නන් හට තම වාර්ෂික tax return එක දැන් යොමු කළ හැකි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.
  • ඔබේ වාර්ෂික tax return එක යොමු කිරීමට පෙර සේවා යෝජකයින් විසින් ඔබේ ආදායම් ප්‍රකාශයන් ‘Tax ready' ලෙස සලකුණු කළ යුතුය.
  • මේ වන විට බදු ගෙවන්නන් මිලියන 2කට වැඩි පිරිසකට ඩොලර් බිලියන 5.7කට අධික මුදලක් ආපසු ගෙවා ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

බදු ගෙවන්නන් බහුතරයකට දැන් වාර්ෂික tax return එක යොමු කළ හැකියි

ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්ගේ පසුගිය මුල්‍ය වර්ෂයට අදාළ බදු තොරතුරුවලින් මිලියන 80 කට අධික තොරතුරු ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට මේ වන විට ලැබී ඇති බවත් ඒ අනුව අදාළ බදු ගෙවන්නන් හට තම වාර්ෂික tax return එක යොමු කළ හැකි බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

සේවා යෝජකයින්, බැංකු, පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂකයින්, කොටස් ලියාපදිංචි කිරීම් සහ වෙනත් ආයතන වලින් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය රැස් කරන බොහෝ තොරතුරු දැන් ලැබී ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැහැදිලි කළේය.

ඔබ විසින් manual ආකාරයට ඇතුළත් කිරීමට අවශ්‍ය සියලුම තොරතුරු ද ඔබ සතුව තිබේ නම්, ඔබට ඔබේ වාර්ෂික tax return එක යොමු කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.
බදු ගෙවන්නන්ගේ කාලය නාස්ති වීම මග හැරීමට මෙම දත්ත සුදානම් කර තිබියදී, බදු ගෙවන්නන් තවමත් ඔවුන්ගේ බදුවලට අදාළ තොරතුරු නිවැරදි දැයි පරීක්ෂා කර බැලිය යුතු බවත් කලින් පුරවා නොමැති වෙනත් තොරතුරු manual ආකාරයට එකතු කර ඇති බව සහතික කර ගත යුතු බවත් සහකාර කොමසාරිස් Tim Loh පැවසීය.

කුලියට දීමෙන් ලැබෙන ආදායම, අමතර ආදායම් සහ Services Australia වෙතින් ලැබෙන වසංගත නිවාඩු ආපදා ගෙවීම වැනි ආදායම් ඔබ විසින් manual ආකාරයට එකතු කිරීමට අවශ්‍ය වන වියදම්වලට උදාහරණ වේ.
ATO Tax Talk
Source: ATO

ආදායම් ප්‍රකාශ සහ ගෙවීම් සාරාංශ

සේවා යෝජකයින් විසින් ඔබට ලැබුණු වැටුප් මුදල් ප්‍රමාණය සහ රඳවාගත් බදු ප්‍රකාශ කරන ආදායම් ප්‍රකාශයක් (income statement) හෝ ගෙවීම් සාරාංශයක් (payment summary) ඔබ වෙත ලබා දෙනු ඇත.

ඔබේ වාර්ෂික tax return එක යොමු කිරීමට පෙර සේවා යෝජකයින් විසින් ඔබේ ආදායම් ප්‍රකාශයන් ‘Tax ready' ලෙස සලකුණු කර ඇති බව සහතික කිරීම ද ඉතා වැදගත් වේ.

බදු ගෙවන්නෙකුට වසර තුළ සේවා යෝජකයින් එක් අයෙකුට වඩා සිටියේ නම්, ඔහුට හෝ ඇයට ආදායම් ප්‍රකාශ හෝ ගෙවීම් සාරාංශ එකකට වඩා තිබේ.

ආදායම් ප්‍රකාශයක් හෝ ගෙවීම් සාරාංශයක් පිළිබඳ තොරතුරු වැරදි නම්, ඒවා නිවැරදි කිරීමට සේවායෝජකයාට හැකි බැවින් සේවකයා තම සේවායෝජකයාව ඇමතිය යුතුය.
“ලියාපදිංචි බදු නියෝජිතයෙකුගේ සහය ලබාගන්නා පුද්ගලයින්ගේ තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඔබේ අනුමැතිය ඇතිව එම නියෝජිතයින්ට හැකියාව තිබෙනවා, නමුත් ඔබ බදු නියෝජිතයෙකු භාවිතා කළත්, තොරතුරු නිවැරදි බව සහතික කිරීමට ඔබ තවමත් බැදී සිටින බව මතක තබා ගන්න” යනුවෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැහැදිලි කළේය.
“ඔබගේ සම්බන්ධතා තොරතුරු යාවත්කාලීන කිරීමට අමතක වීම, බැංකු ගිණුම් විස්තර, ආදායම අත්හැරීම, අඩු කිරීම් මත අධි හිමිකම් කීම හෝ අඩු කළ නොහැකි අයිතම සඳහා හිමිකම් පෑම වැනි වැරදි, බදු ප්‍රතිලාභ සැකසීම සහ ඔබේ මුදල් ආපසු ගෙවීම මන්දගාමී විය හැකියි." යනුවෙන්ද ඔහු වැඩි දුර පැහැදිලි කළේය.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ආපසු මුදල් ලබා ගැනීම

මේ වන විට බදු ගෙවන්නන් මිලියන 2කට වැඩි පිරිසකට ඩොලර් බිලියන 5.7කට අධික මුදලක් ආපසු ගෙවා ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

සති දෙකකට අඩු කාලයක් තුළ නිකුත් කරන ලද බොහෝ ගෙවීම් සමඟ සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුටම තම refund එක හෙවත් ප්‍රතිලාභ මුදල් ආපසු ලැබී ඇති බවත් ඔබ හෝ ඔබේ බදු නියෝජිතයා අපට කතා කළත්, මෙම ක්‍රියාවලිය වේගවත් කළ නොහැකි බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh ප්‍රකාශ කළේය.

“ඔබේ tax return එක ඉදිරිපත් කිරීමෙන් පසුව, ATO online සේවා, ATO app හෝ දුරකථනයෙන් එහි ප්‍රගතිය සිදුවන ආකාරය පිළිබඳව ඔබට අවධානයෙන් සිටිය හැකියි. ඔබ ලියාපදිංචි බදු නියෝජිතයෙකු හරහා tax return එක ගොනු කර ඇත්නම්, ඔවුන්ට ඔබ වෙනුවෙන් මෙය පරීක්ෂා කළ හැකියි”යනුවෙන්ද ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් බදු ගෙවන්නන්ගේ මුදල් ආපසු ගෙවීම සැකසීමේ අවසන් අදියරේ සිටින විට තමන්ම tax return එක ගොනු කළ අයට SMS එකක් ද ලැබෙනු ඇත.

ඔවුන්ට ගෙවිය යුතු ආපසු ගෙවීම ලැබෙන්නේ කවදාද යන්න සඳහා ඇස්තමේන්තුවක් මෙයට ඇතුළත් වේ.

ඕනෑම ආපසු ගෙවන මුදල් ප්‍රමාණය එක් එක් පුද්ගලයාගේ ආදායම් තත්ත්වය සහ ඔවුන් වසර පුරා ගෙවා ඇති බදු ප්‍රමාණය මත රඳා පවතින බව සැලකිල්ලට ගැනීම වැදගත් බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අවධාරණය කරයි.



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ මෙවර tax return එක යොමු කිරීමට පෙර ATO එකෙන් අලුත් පණිවිඩයක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala