SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වැඩිම රැකියා පුරප්පාඩු ඇති ක්ෂේත්‍ර සහ ප්‍රාන්ත මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වැඩිම රැකියා පුරප්පාඩු ඇති රැකියා ක්ෂේත්‍රය ලෙස සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා ක්ෂේත්‍ර දැක්වේ.

The most job vacancies in Australia by industries and states
Source: Getty Images/skynesher

3 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2022 මැයි දක්වා ගෙවුණු මාස තුන තුළ ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු 13.8% කින් වැඩි වී තිබේ.

එය ප්‍රමාණයක් ලෙස ගත් කල රැකියා පුරප්පාඩු පුරප්පාඩු 58,200 ක ඉහළ යාමකි.

රැකියා ක්ෂේත්‍ර සහ ප්‍රාන්ත හා ටෙරිටරි අනුව ඔස්ට්‍රේලියාවේ නවතම රැකියා පුරප්පාඩු පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.


Highlights

  • වැඩිම රැකියා පුරප්පාඩු අනුපාතයක් වාර්තා කර ඇත්තේ Northern Territory විසින් වන අතර එය 31.6% කි.
  • ප්‍රමාණාත්මකව ගත් කළ වැඩිම රැකියා පුරප්පාඩු සංඛ්‍යාවක් ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේය.
  • ඔස්ට්‍රේලියාවේ වැඩිම රැකියා පුරප්පාඩු ඇති රැකියා ක්ෂේත්‍රය ලෙස සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා ක්ෂේත්‍ර දැක්වේ.

ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු ඉහළ යයි

ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු ප්‍රමාණය ක්‍රමිකව වැඩිවී ඇති අතර පසුගිය මැයි මාසයෙන් අවසන් වූ මාස තුනට පුරප්පාඩු ඉහළ යාම 13.8% කින් සිදුවී තිබේ.

කොවිඩ් වසංගතය ආරම්භ වීමට පෙර 2020 පෙබරවාරි මාසයට වඩා 2022 මැයි මාසයේ රැකියා පුරප්පාඩු මට්ටම 111.1% වැඩි විය.

පුද්ගලික අංශයේ පුරප්පාඩු 439,100 ක් වූ අතර එය 2022 පෙබරවාරි මාසයේ සිට 14.2% ක වැඩිවීමකි.

එමෙන්ම රාජ්‍ය අංශයේ පුරප්පාඩු 41,000ක් වූ අතර එය 2022 පෙබරවාරි මස සිට 9.4%ක වැඩිවීමකි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


රැකියා පුරප්පාඩු ප්‍රාන්ත සහ ටෙරිටරි මට්ටමින්

2022 පෙබරවාරි සිට මැයි දක්වා ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු ප්‍රමාණය අනුපාත ලෙසින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරයි.

ඒ අනුව වැඩිම රැකියා පුරප්පාඩු අනුපාතයක් වාර්තා කර ඇත්තේ Northern Territory විසින් වන අතර එය 31.6% කි.

28.3% ක රැකියා පුරප්පාඩු අනුපාතයක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම රැකියා අනුපාතයක් ඇති ප්‍රාන්තය ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සටහන් වේ.

වික්ටෝරියා ප්‍රාන්තය මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්ව ඇති අතර එහි අනුපාතය 27.3% කි.

නමුත් ප්‍රමාණාත්මකව ගත් කළ වැඩිම රැකියා පුරප්පාඩු සංඛ්‍යාවක් ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානවලට පත්ව තිබේ.

2020 පෙබරවාරි මාසයේ සිට 2022 මැයි දක්වා ඔස්ට්‍රේලියාවේ රැකියා පුරප්පාඩු ප්‍රාන්ත සහ ටෙරිටරි මට්ටමින් පහත පරිදි වේ.

 Job vacancies, states and territories
Job vacancies by states and territories Source: ABS

ඔස්ට්‍රේලියාවේ වැඩිම රැකියා පුරප්පාඩු ඇති රැකියා ක්ෂේත්‍ර

ඔස්ට්‍රේලියාවේ වැඩිම රැකියා පුරප්පාඩු ඇති රැකියා ක්ෂේත්‍රය ලෙස සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා ක්ෂේත්‍ර දැක්වේ.

නවාතැන් සහ ආහාර සේවා එම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇත.

වෘත්තීමය රැකියා, විද්‍යාත්මක සහ තාක්ෂණික සේවා තුන්වන ස්ථානයටත් සිල්ලර වෙළෙඳ අංශය සිව්වන ස්ථානයටත් පත්ව තිබේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රය ඔස්ට්‍රේලියාවේ පස්වනියාට වැඩිම රැකියා පුරප්පාඩු ඇති රැකියා ක්ෂේත්‍රය වේ.

ඔස්ට්‍රේලියාවේ වැඩිම රැකියා පුරප්පාඩු ඇති රැකියා ක්ෂේත්‍ර අනුව පහතින් දැක්වේ.

Job vacancies by industry
Job vacancies by industry Source: ABS

පුරප්පාඩු සඳහා හේතු

පුරප්පාඩු සඳහා ප්‍රධානතම හේතුව නම් සේවකයින් ඉල්ලා අස්වීම සහ ඔවුන්ව ප්‍රතිස්ථාපනය කිරීම බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

නියමිත වැඩ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදීම දෙවැනි හේතුව ලෙස දැක්වේ.

එමෙන්ම ව්‍යාපාර පුළුල් කිරීම නිසාද රැකියා පුරප්පාඩු බිහිවන අතර එම හේතුව මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්ව තිබේ.



Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now