ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපීය වීසා ලද සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව සියයට 124 කින් ඉහළ ගොස්

Regional Migration

Alan Tudge, Minister for Cities, Urban Infrastructure and Population, Source: AAP

ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වලට සංක්‍රමණික ජනතාව යොමු කරලීමේ වැඩසටහන සම්බන්දයෙන් ඔස්ට්‍ර්ලියානු මධ්‍යම රජය තම ජනගහන ප්‍රතිපත්තිය පිලිබඳ කරුණු හෙළිදරව් කලයුතු බවට පවසමින් Settlement Services International නමැති ආයතනය පරීක්ෂණයක් ඉල්ලා සිටි.

මේ පිළිබඳව අදහස් දක්වනු ලැබූ Settlement Services International ආයතනයේ සාමාන්‍යධිකාරී Yamamah Agha සඳහන්කොට සිටියේ ප්‍රාදේශීය ප්‍රදේශවලට යෑම සඳහා පුහුණු සංක්‍රමණිකයින් දිරිමත් කිරීමට රජයට අවශ්‍ය නම්, මෙම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ජනාවාස සේවා සඳහා අවශ්‍ය ප්‍රවේශය විවෘත කළ යුතු බවයි.

මේ අතර මේ වසරේ මුල් මාස තුන තුළ ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපීය වීසා ලද සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව සියයට 124 කින් ඉහළ ගොස් තිබේ.

මෙම වසර මුලදී රජය විසින් මෙරටට වාර්ෂිකව ලබාගන්නා සංක්‍රමණිකයින් සංඛ්‍යාව 1,60,000 ක් දක්වා අඩු කොට ප්‍රදේශික කලාපීය වීසා බලපත්‍ර සඳහා ඇති අවස්ථා 23,000 ක් ලෙසට වෙන් කිරීමෙන් පසුව මෙම වැඩිවීම සිදුව ඇති බවද වාර්තාවේ.

Immigration and Settlement Services හි නියෝජ්‍ය ලේකම් Malisa Golightly විසින් ඊයේ දිනයේදී පැවති මහජන කරුණු විමසීමේ අවස්ථාවකට එක්වෙමින් මෙම සංඛ්‍යා සහ දත්ත පළමු වරට තහවුරු කරන ලදී.මෙරට ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ප්‍රාදේශීය වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය දී ඇති බව ඇය පවසයි

එළඹෙන නොවැම්බර් 16 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රාදේශීය කලාප වලට රජය විසින් නව විසා ඛණ්ඩ 2 ක් හඳුන්වා දෙනු ලැබ ඇත. මෙරට ප්‍රාදේශීය කලාපයක ක්‍රියාත්මක සේවා ආයතනයක අනුග්‍රහය යටතේ අයදුම් කළ හැකි Regional Sponsored Migration visa සහ ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයේ නිර්දේශය මත හෝ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක සේවය කිරීමට සුදුසුකම් ලැබූ පවුලේ සාමාජිකයෙකු විසින් අනුග්‍රහය දැක්වීම මත අයදුම් කළ හැකි Regional Skilled Sponsored visa යන විසා ඛාණ්ඩ එයට අයත් වේ.


2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now