ඔස්ට්‍රේලියානු නව Regional Visa හෙවත් ප්‍රාදේශීය වීසා ඛාණ්ඩ ලාභීන් හට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය එක් කොන්දේසියක් වන අවම වාර්ෂික ආදායම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේදී ප්‍රකාශයට පත් කෙරිණි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එළඹෙන නොවැම්බර් 16 වන දින සිට මෙම නව ප්‍රාදේශීය වීසා නිකුත් කිරීම ආරම්භ කෙරේ.

නව Regional Visa
මෙම නව Regional Visa අදාළ වන්නේ ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට සහ සේවය කිරීමට අවශ්‍ය නිපුණතා සංක්‍රමණිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට පමණි.
2019 වසරේ නොවැම්බර් 16 සිට ක්‍රියාත්මක කෙරෙන මෙම නව Regional Visa පහත පරිදි ප්‍රධාන ඛාණ්ඩ 2 කි.

Skilled Employer Sponsored Regional (Provisional) visa
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක ක්‍රියාත්මක සේවයෝජකයෙකුගේ අනුග්‍රහය යටතේ මේ සඳහා අයදුම් කළ හැකිය.
Skilled Work Regional (Provisional) visa
අදාළ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයේ නිර්දේශය මත හෝ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වාසය කිරීමට සහ සේවය කිරීමට සුදුසුකම් ලැබූ පවුලේ සාමාජිකයෙකු විසින් අනුග්‍රහය දැක්වීම මත මේ සඳහා අයදුම් කළ හැකිය.

කොන්දේසි
වසර 5 ක් දක්වා වූ වලංගු කාලයකට මෙම වීසා හිමිවන අතර මෙය පූර්ණ කාලීන රැකියා වීසාවක් වේ.
එමෙන්ම මෙම නව Regional Visa හිමි පුද්ගලයින්ට අවශ්‍ය සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කළ හැකි බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.
මෙම නව Regional Visa සඳහා එම ස්ථිර පදිංචි වීසා වැඩසටහන 2022 නොවැම්බර් මාසයේදී ආරම්භ වේ.
එහිදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා තමන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල වාසය කරමින් සේවය කළ බවට සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුවේ.
මෙම නව ප්‍රාදේශීය වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අයදුම් කිරීමේදී ඔවුන් අවම වශයෙන් වසර 3ක් අදාළ ප්‍රාදේශීය කලාප වල වාසය කරමින් පූර්ණ කාලීනව රැකියා කළ යුතු වේ.
එහිදී වාර්ෂික අවම වැටුප $53,900 ක් (බදු සහිතව) ලෙසට විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

සංක්‍රමණිකයින්ට අත්වන ප්‍රතිලාභ
මෙම නව Regional Visa හරහා නිපුණතා සංක්‍රමණිකයින්ට මෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල නියුතු ව්‍යාපාර හා සේවායෝජකයින්ට ද විශාල ප්‍රතිලාභ අත්වන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත වීමට අපේක්ෂා කරන නිපුණතා සංක්‍රමණිකයින්ට මේ හරහා අමතර ලකුණු ප්‍රමාණයක්ද පිරි නැමෙයි.
ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට අදාළ වෘත්තීය ලැයිස්තුවට වෘත්තීන් 450 කට අධික සංඛ්‍යාවක් මේ වන විට ඇතුලත් කර තිබීම නිසා නිපුණතා සංක්‍රමණිකයින්ට පුළුල් අවස්ථා හිමිවීමක් සිදුව තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප සඳහා අයදුම් කරන නිපුණතා සංක්‍රමණිකයින්ගේ වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවධානය යොමු කර ඇති බවද වාර්තා වේ.


