ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් ප්‍රජාව discrimination වලට මුහුණ දීම වර්ධනය වෙමින් පවතින බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අනතුරු ඇඟවීමක්. (SBS සිංහල/ වාර්තා)

Australian Muslims

Source: AAP

ඔස්ට්‍රේලියාවේ සිටින මුස්ලිම් ප්‍රජාව විවිධ අන්දමේ වෙනස් කොට සැලකීම් වලට (discrimination) මුහුණ දීමේ සිදුවීම් ඉහළ යමින් පවතින බව ඉස්ලාම් සභා පිළිබඳ ඔස්ට්‍රේලියානු සම්මේලනය (Australian Federation of Islamic Councils) රජයට අනතුරු අඟවා තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඉස්ලාම් සභා පිළිබඳ ඔස්ට්‍රේලියානු සම්මේලනය සමස්ත ඔස්ට්‍රේලියාවේම ක්‍රියාත්මක මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ඉස්ලාම් සංවිධානය වේ.

Australian Muslims
Source: AAP

මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන වෙනස් කොට සැලකීම්

Islamophobia හෙවත් මුස්ලිම් ප්‍රජාව කෙරෙහි ඇති අකැමැත්ත සහ විරෝධය ඔස්ට්‍රේලියාව තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පවතින බවට ඉස්ලාම් සභා පිළිබඳ ඔස්ට්‍රේලියානු සම්මේලනය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට දන්වා තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් යෝජිත Religious Discrimination පනත් කෙටුම්පත ආශ්‍රිතව නිර්දේශ යොමු කරමින් ඉස්ලාම් සභා පිළිබඳ ඔස්ට්‍රේලියානු සම්මේලනයේ සභාපති ආචාර්ය Rateb Jneid මේ බව දන්වා ඇත.

සුළුතර ප්‍රජාවන්ට සහ ආගමික ප්‍රජාවන්ට එරෙහිව ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම ඉහළ යමින් පවතින බවද ඔහු එහිදී පැහැදිලි කර තිබේ.

මුස්ලිම්වරුන් ගේ ආගමික ඇදහීම් සහ විශ්වාස වල සුරක්ෂිතතාව තහවුරු කරන ලෙසට එම නිර්දේශ හරහා ඉස්ලාම් සභා පිළිබඳ ඔස්ට්‍රේලියානු සම්මේලනය ඉල්ලා සිටී.

පසුගිය මාර්තු මාසයේදී නවසීලන්තයේ Christchurch නුවර මුස්ලිම් දේවස්ථාන ද්විත්වයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම් සමග මෙම තත්ත්වය සමාජයේ වඩාත් තීව්‍ර වී පෙනෙන්නට පටන් ගෙන තිබේ.

Australian Muslims
Source: AAP

Religious Discrimination පනත් කෙටුම්පත

ඔස්ට්‍රේලියානු නීතිපති Christian Porter විසින් ආගම් මතවාද ඇති පුද්ගලයන් වෙනස්කම් වලට භාජනය නොවීමට නීති සම්පාදනය කරමින් සිටී.

මෙම නීති මගින් ආගම් මතවාද ඇති පුද්ගලයන් ආරක්ෂා කෙරෙන අතරම ඔවුන්ට වෙනත් පුගලයන් හට වෙනස්කම් කිරීමට ද ඉඩ නොලැබෙනු ඇත.

එමෙන්ම මෙම නව නීති මගින් සමාගම් සේවකයෙකු තම සේවා ස්ථානයෙන් පිටත ආගමික මත පල කිරීම තහනම් කිරීමට ඉඩ තිබේ.

මේ අනුව සමාගම් විසින් සිය සේවකයන්ට ආගම් මත ප්‍රකාශ කිරීම තහනම් කරයි නම් එමගින් මුල්‍යමය වශයෙන් ඔවුන්ට අවධානමක් ඇති බවට පෙන්විය යුතු වේ.

Australian Muslims
Source: AAP

ඔස්ට්‍රේලියාවේ මුස්ලිම්වරුන් කොපමණ සිටීද?

2016 වසරේදී පැවැත්වූ ඔස්ට්‍රේලියාවේ අවසන් ජන සංගණනයට අනුව ඔස්ට්‍රේලියාව තුළ ඉස්ලාම් ආගම අදහන පුද්ගලයින් 604,200 සිටින බවත් එය සමස්ත ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 2.6% පමණ වන බවත් අනාවරණය වී තිබේ.

2011 දී එම ප්‍රමාණය 476,290 ක් ලෙස වාර්තා වූ අතර වසර 5 කදී ඉස්ලාම් ආගම අදහන පුද්ගලයින් 27% කින් පමණ වර්ධනය වී ඇත.

ඔස්ට්‍රේලියාවේ විශාලතම මුස්ලිම් ජනගහනයක් ඇති ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හැඳින්වෙන අතර එය 3.58% ප්‍රතිශතයකි.

ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම මුස්ලිම් ජනගහනයක් ඇති ප්‍රාන්තය වන්නේ වික්ටෝරියානු ප්‍රාන්තයය. එහි මුස්ලිම් ප්‍රතිශතය  3.32% කි.

ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් ජනගහනයෙන් හරි අඩකටම හිමිකම් කියනුයේ ලෙබනන් හෝ තුර්කි සම්භවයක් ඇති මුස්ලිම්වරුන්ය.

Australian Muslims
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now