SKIP TO MAIN CONTENT

දැවැන්ත ලෙස ප්‍රතික්ෂේප වන ඔස්ට්‍රේලියානු වීසා නිසා visa appeals 60,000 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව හෙළිවෙයි. (SBS සිංහල/ වාර්තා)

Australian Visa with rejection stamp
Source: SBS

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ප්‍රතික්ෂේප වූ ඔස්ට්‍රේලියානු වීසා සඳහා ඉදිරිපත් කළ visa appeals හෙවත් වීසා ඇපෑල ප්‍රමාණය අධික ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඒ අනුව එවැනි වීසා ඇපෑල 60,000 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව සඳහන්.

Australian Visa
Source: Department of Home Affairs

වීසා ඇපෑල ප්‍රමාණය

සංක්‍රමණිකයින්ගේ සහ සරණාගතයින්ගේ වීසා අයදුම්පත් සම්බන්ධ නැවත විනිශ්චය කිරීමට ලක් කරන  AAT ප්‍රමාණය 2016 වසරේ ජූලි මාසයේ සිට 2019 වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ 257% කින් ඉහළ ගොස් ඇති බව The Australian පුවත් පත අනාවරණය කරයි.

ඒ අනුව එම කාලය තුළ ඔස්ට්‍රේලියානු වීසා ප්‍රතික්ෂේප වීම් වලට අදාළව ඉදිරිපත් කළ ඇපෑල ප්‍රමාණය 17,480 සිට 62,476 දක්වා දැවැන්ත ලෙස ඉහළ නැග තිබෙන බව එම දත්ත පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා සහ තාවකාලික වීසා ප්‍රතික්ෂේප වීම් සම්බන්ධ ඉදිරිපත් කෙරුණු ඇපෑල විනිශ්චය කිරීම සියුම්ව සහ අපක්ෂපාතීව සිදු කිරීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

නමුත් මධ්‍යම රජයට වීසා ප්‍රතික්ෂේප වීම් සම්බන්ධ විමර්ශනය කිරීමට ක්‍රමවත් පටිපාටියක් සහ පද්ධතියක් නොමැතිවීමෙන් මෙම ඇපෑල දැවැන්ත ලෙස ගොඩ ගැසීමට ප්‍රධාන හේතුවක් විය හැකි බව Macquarie විශ්ව විද්‍යාලයේ සංක්‍රමණික නීති පිළිබඳ ප්‍රවීණයකු වන ආචාර්ය Daniel Ghezelbash, SBS පුවත් වෙත පැවසීය.

David Coleman
Minister for Immigration David Coleman Source: AAP

ඔස්ට්‍රේලියානු වීසා ප්‍රතික්ෂේප වීම්

2016/17 වසරට සාපේක්ෂව 2017/18 වසරේදී ස්ථිර පදිංචිය සඳහා වූ වීසා ප්‍රතික්ෂේප වීම් 46% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

එමෙන්ම 2018/19 වසරේදී ද එම අගය එලෙසෙම පවතින බව සඳහන්.

ඔස්ට්‍රේලියානු වීසා පිරි නැමීමේදී මධ්‍යම රජය අනුගමනය කරන දැඩි පිළිවෙල මෙවැනි අන්දමේ වීසා ප්‍රතික්ෂේප වීම් සඳහා ප්‍රධාන සාධකය ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පැවසීය.

එම වීසා ප්‍රතික්ෂේප වීම් ඔස්ට්‍රේලියානු ස්ථිර සහ තාවකාලික යන වීසා වර්ග ද්විත්වයටම එක ලෙස අදාළ වන බවද වාර්තා වේ.

2018 ජූලි සහ 2019 පෙබරවාරි යන කාලය අතරතුර ඔස්ට්‍රේලියානු වීසා ප්‍රතික්ෂේප වීමේ අනුපාතය 3.8% ක් වන බවද සඳහන්.

මේ අතර onshore protection වීසා අයදුම්පත් 90% කටත් වඩා අධික සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වන බවද වාර්තා වේ.

වීසා ඇපෑල ප්‍රාමාණය දැවැන්ත ලෙස ඉහළ යාමට ඉහත වීසා ප්‍රතික්ෂේප වීම් ප්‍රමාණය ඉහළ යාම ප්‍රමුඛව බලපාන බව ද Macquarie විශ්ව විද්‍යාලයේ සංක්‍රමණික නීති පිළිබඳ ප්‍රවීණයකු වන ආචාර්ය Daniel Ghezelbash, SBS පුවත් වෙත පැවසීය.

මේ අතර වසර 2014 සිට අපාරාධ සහ අනෙකුත් වැරදි ක්‍රියා මත විදේශ අපරාධකරුවන් ලෙස හඳුනාගත් සංක්‍රමණිකයින් 4.700 කගේ පමණ ඔස්ට්‍රේලියානු වීසා අහෝසි කර රටින් පිටුවහල් කිරීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කර ඇත.

Australian Visa
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now