ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් භයානක අන්දමින් රිය පදවන වෙළෙඳ වෘත්තිකයින්ට සහ විශාල ප්‍රමාණයේ සමාගම් වලට බලධාරීන් අනතුරු අඟවයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
භයානක අන්දමින් රිය පදවා මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අහෝසි වීමට ඉඩ තිබෙන අදාළ රියදුරන්ගේ රියදුරු බලපත්‍ර ඩොලර් 3000 ක් වැනි විශාල දඩ මුදලක් පවා ගෙවා අදාළ සමාගම් බේරාගන්නා බව ඔවුන් චෝදනා කරයි.

මාර්ග නීති උල්ලංඝනය
සමාගම් සතු වාහන මාර්ග සංඥා එළි නොතකා ධාවනය කිරීම මෙන්ම නියමිත වේග සීමාවට වඩා අධික වේගයෙන් රිය පැදවීම වැනි මාර්ග නීති බහුල ලෙස උල්ලංඝනය කරන බව Road Safety Camera කොමිසම පවසයි.
එහිදී වැරැද්ද සිදුකළ රියදුරා පිළිබඳ වික්ටෝරියානු පොලීසියට හෙළි නොකිරීම පිණිස අදාළ සමාගම් ඩොලර් 3,000 ක දඩයක් ගෙවිය යුතු බවට පවතින නීතිය යටතේ හැකිය.
නමුත් අදාළ වැරැද්ද සිදුකළ රියදුරා නම් කළහොත් එම වැරැද්දට ගෙවිය යුතු දඩය ඩොලර් 300 ක් පමණි.
කෙසේනමුත්, රියැදුරාව බේරාගැනීම සඳහා අදාළ සමාගම් ඩොලර් 300 වෙනුවට ඩොලර් 3000 දඩය ගෙවන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

දඩ ගෙවීම
පසුගිය වසර දෙක තුළ සමාගම් විසින් 50,000 කට අධික දඩ සංඛ්‍යාවක් ගෙවා ඇති නමුත් එහිදී කිසිදු රියදුරෙකු හෙළි කර නොමැති බව Road Safety Camera කොමිසමේ දත්ත පෙන්වා දෙයි.
එම වැරදි වලදී නියමිත රියදුරන් හෙළිදරව් වූවානම් රියදුරන් 4,280 කගේ රියදුරු බලපත්‍ර අහෝසි වීමට ඉඩ තිබූ බවද ඔවුන් පවසයි.
මෙලෙස රියදුරු ගේ තොරතුරු අනාවරණය නොකිරීම ඕනෑකමින් සිදුකරන බව Road Safety Camera කොමිසමේ කොමසාරිස් John Voyage, ABC පුවත් සේවයට පැවසීය.
සමාගම් වාහන වල ලොග් පොතක් තිබීම සාමාන්‍ය දෙයක් බවත් අදාළ වාහනය එම මාර්ග නීතිය උල්ලංඝනය කරන අවස්ථාවේ ධාවනය කළ රියදුරා කවුරුන්ද යන්න සමාගමට සොයාගැනීම අපහසුවීම පිළිගත නොහැකි කරුණක් බවත් John Voyage වැඩි දුරටත් පැවසීය.

නීතියේ සිදුරු වැසිය යුතු බවට ඉල්ලීම්
සමාගම් විසින් වරදකාරී රියදුරන්ව ආරක්ෂා කිරීමට ඉවහල් වන වත්මන් මාර්ග නීති වල සිදුරු වසා දමා පවතින නීති සංශෝධනය කළ යුතු බවට Road Safety Camera කොමිසමේ කොමසාරිස් John Voyage පැවසීය.
වරදකාරී රියදුරුව නම් නොකරන වාරයක් පාසා අදාළ සමාගම් වාහනයේ ලියා පදිංචිය අවලංගු කරන ලෙස එම සංශෝධන වලින් ප්‍රධාන සංශෝධනයක් ලෙස Road Safety Camera කොමිසම ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වික්ටෝරියානු පොලීසියේ ද අවධානය මේ වන විට යොමුවී ඇත.
එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්ත රජයද මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කළ යුතු බව විපක්ෂය පවසයි.


