වික්ටෝරියානු ප්‍රාන්තයේ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍ර රැකගන්න, ව්‍යාපාරික සමාගම් $3000 බැගින් දඩ ගෙවන බව හෙළිවෙයි. (SBS සිංහල/ වාර්තා)

Road Fines

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් භයානක අන්දමින් රිය පදවන වෙළෙඳ වෘත්තිකයින්ට සහ විශාල ප්‍රමාණයේ සමාගම් වලට බලධාරීන් අනතුරු අඟවයි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


භයානක අන්දමින් රිය පදවා මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අහෝසි වීමට ඉඩ තිබෙන අදාළ රියදුරන්ගේ රියදුරු බලපත්‍ර ඩොලර් 3000 ක් වැනි විශාල දඩ මුදලක් පවා ගෙවා අදාළ සමාගම් බේරාගන්නා බව ඔවුන් චෝදනා කරයි.
Road Fines
Source: Flickr

මාර්ග නීති උල්ලංඝනය

සමාගම් සතු වාහන මාර්ග සංඥා එළි නොතකා ධාවනය කිරීම මෙන්ම නියමිත වේග සීමාවට වඩා අධික වේගයෙන් රිය පැදවීම වැනි මාර්ග නීති බහුල ලෙස උල්ලංඝනය කරන බව Road Safety Camera කොමිසම පවසයි.

එහිදී වැරැද්ද සිදුකළ රියදුරා පිළිබඳ වික්ටෝරියානු පොලීසියට හෙළි නොකිරීම පිණිස අදාළ සමාගම් ඩොලර් 3,000 ක දඩයක් ගෙවිය යුතු බවට පවතින නීතිය යටතේ හැකිය.

නමුත් අදාළ වැරැද්ද සිදුකළ රියදුරා නම් කළහොත් එම වැරැද්දට ගෙවිය යුතු දඩය ඩොලර් 300 ක් පමණි.

කෙසේනමුත්, රියැදුරාව බේරාගැනීම සඳහා අදාළ සමාගම් ඩොලර් 300 වෙනුවට ඩොලර් 3000 දඩය ගෙවන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
speed_cameras_02_aap.jpg
Source: AAP

දඩ ගෙවීම

පසුගිය වසර දෙක තුළ සමාගම් විසින් 50,000 කට අධික දඩ සංඛ්‍යාවක් ගෙවා ඇති නමුත් එහිදී කිසිදු රියදුරෙකු හෙළි කර නොමැති බව Road Safety Camera කොමිසමේ දත්ත පෙන්වා දෙයි.

එම වැරදි වලදී නියමිත රියදුරන් හෙළිදරව් වූවානම් රියදුරන් 4,280 කගේ රියදුරු බලපත්‍ර අහෝසි වීමට ඉඩ තිබූ බවද ඔවුන් පවසයි.

මෙලෙස රියදුරු ගේ තොරතුරු අනාවරණය නොකිරීම ඕනෑකමින් සිදුකරන බව Road Safety Camera කොමිසමේ කොමසාරිස් John Voyage, ABC පුවත් සේවයට පැවසීය.

සමාගම් වාහන වල ලොග් පොතක් තිබීම සාමාන්‍ය දෙයක් බවත් අදාළ වාහනය එම මාර්ග නීතිය උල්ලංඝනය කරන අවස්ථාවේ ධාවනය කළ රියදුරා කවුරුන්ද යන්න සමාගමට සොයාගැනීම අපහසුවීම පිළිගත නොහැකි කරුණක් බවත් John Voyage වැඩි දුරටත් පැවසීය.
Road Fines
Source: AAP

නීතියේ සිදුරු වැසිය යුතු බවට ඉල්ලීම්

සමාගම් විසින් වරදකාරී රියදුරන්ව ආරක්ෂා කිරීමට ඉවහල් වන වත්මන් මාර්ග නීති වල සිදුරු වසා දමා පවතින නීති සංශෝධනය කළ යුතු බවට Road Safety Camera කොමිසමේ කොමසාරිස් John Voyage පැවසීය.

වරදකාරී රියදුරුව නම් නොකරන වාරයක් පාසා අදාළ සමාගම් වාහනයේ ලියා පදිංචිය අවලංගු කරන ලෙස එම සංශෝධන වලින් ප්‍රධාන සංශෝධනයක් ලෙස Road Safety Camera කොමිසම ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වික්ටෝරියානු පොලීසියේ ද අවධානය මේ වන විට යොමුවී ඇත.

එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්ත රජයද මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කළ යුතු බව විපක්ෂය පවසයි.
sbs
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
වික්ටෝරියානු ප්‍රාන්තයේ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍ර රැකගන්න, ව්‍යාපාරික සමාගම් $3000 බැගින් දඩ ගෙවන බව හෙළිවෙයි. (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala