තමාටම කියා නිවසක් මිලට ගැනීම ඔස්ට්‍රේලියාවේ වෙසෙන සැමගේම ප්‍රධාන සිහිනයකි.
එමෙන්ම තමන්ගේ නිවාසය හොඳම මිලකට අලෙවි කිරීම ද තවත් බොහෝ දෙනාගේ ප්‍රධානතම අපේක්ෂාවකි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
මේ අරමුණු ද්විත්වයටම මූලික වන තොරතුරක් පිළිබඳ පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කළේය.
එනම් බාධාවකින් තොරව නිරතුරුවම නිවාස අලෙවිය සිදුවන්නේ ඔස්ට්‍රේලියාවේ කුමන ප්‍රදේශ වලද යන්නයි.

Source: AAP
සිඩ්නි සහ මෙල්බර්න්
ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ ප්‍රධානතම කලාප ද්විත්වය වන්නේ සිඩ්නි සහ මෙල්බර්න් කලාපය.
ඒ අනුව එම කලාප වල බාධාවකින් තොරව නිරතුරුවම නිවාස අලෙවිය සිදුවන්නේ කුමන ප්‍රදේශ වලද යන්න දැනගැනීම ඉතා වැදගත්ය.
සිඩ්නි කලාප
Schofields
Gledswood Hills
Riverstone
ඉහත කලාප වල නිවාසයක සාමාන්‍ය මධ්‍යන මිල $1,032,338 කි.
මෙල්බර්න් කලාප
Clyde
Clyde North
Officer
Manor Lakes
ඉහත කලාප වල නිවාසයක සාමාන්‍ය මධ්‍යන මිල $818,237 කි.

Source: AAP
බ්‍රිස්බේන්, කැන්බරා සහ ඇඩිලේඩ්
සිඩ්නි සහ මෙල්බර්න් කලාප වලට පසුව ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ මීලඟ ප්‍රධාන කලාප ලෙස බ්‍රිස්බේන්, කැන්බරා සහ ඇඩිලේඩ් කලාප දැක්විය හැකිය.
එම කලාප වල බාධාවකින් තොරව නිරතුරුවම නිවාස අලෙවිය සිදුවන්නේ පහත ප්‍රදේශ වලය.
බ්‍රිස්බේන් කලාප
බටහිර බ්‍රිස්බේන් කලාපය
බ්‍රිස්බේන් නගරය
කැන්බරා කලාප
Kingston
Canberra
ඇඩිලේඩ් කලාප
Brompton
ඇඩිලේඩ් නගරය

Source: AAP
හෝබාර්ට් සහ පර්ත්
හෝබාර්ට් සහ පර්ත් කලාප වල බාධාවකින් තොරව නිරතුරුවම නිවාස අලෙවිය සිදුවන්නේ පහත ප්‍රදේශ වලය.
හෝබාර්ට් කලාප
දකුණු හෝබාර්ට් කලාපය
නිරිත දිග හෝබාර්ට් කලාපය
ඊසාන දිග හෝබාර්ට් කලාපය
පර්ත් කලාප
දකුණු පර්ත් කලාපය
උතුරු පර්ත් කලාපය

Source: SBS Sinhala