ඔස්ට්‍රේලියාව තුළ පාරිභෝගිකයින් ලෙස හෝ සේවකයින් ලෙස හෝ වෙනස් කොට සැලකීම් වලට බහුලවම මුහුණ දෙන ජන කණ්ඩායම ලෙස ආසියානු සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් හඳුනාගෙන තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය විසින් සිදුකළ නවතම සමීක්ෂණයකදී මේ බව අනවාරණය වී ඇත.

Source: Pixabay
ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට බහුලවම මුහුණ දෙන ප්‍රමුඛතම ජන කණ්ඩායම්
ආසියානු පසුබිමක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් 82% ක ප්‍රතිශතයක් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන බව මෙම ජාතික සමීක්ෂණය හරහා හෙළිවිණි.
එමෙන්ම මැද පෙරදිග පසුබිමක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් 81% ක ප්‍රතිශතයක් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන බව හෙළිදරව් වී තිබේ.
එම ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන් වැනි ස්වදේශික ඔස්ට්‍රේලියානු ජාතිකයින්ය. ඔවුන්ගෙන් 71% ක ප්‍රතිශතයක් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන බව සඳහන්.
ආසියානු පසුබිමක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් බහුතරයක් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන්නේ පාරිභෝගිකයින් ලෙස කඩ සාප්පු වලදී සහ අවන්හල් වලදී බවත් දෙවනුව සේවකයින් ලෙස රැකියා ස්ථාන වලදී සහ තෙවනුව අධ්‍යපාන ආයතන වලදීය.

Source: AAP
සෙසු ජන කණ්ඩායම්
මෙම සමීක්ෂණයට අනුව අප්‍රිකානු පසුබිමක් හිත ඔස්ට්‍රේලියානුවාසීන් 67% ක ප්‍රතිශතයක් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන බව හෙළිදරව් වී තිබේ.
පැසිෆික් දූපත් වාසී සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් ගේ එම ප්‍රතිශතය 66% කි.
දකුණු ඇමෙරිකානු පසුබිමක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් 61% ක ප්‍රතිශතයක් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන බව හෙළිවී ඇත.
යුරෝපා සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් 50% ක්ද ඇන්ග්ලෝ - ඔස්ට්‍රේලියානුවාසීන් 34% ක්ද ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන බව අනාවරණය වී තිබේ.

Source: AAP
ආසියානු පසුබිමක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට බහුලවම මුහුණ දෙන අවස්ථා
පාරිභෝගිකයින් ලෙස කඩ සාප්පු වලදී සහ අවන්හල් වලදී - 71%
සේවකයින් ලෙස රැකියා ස්ථාන වලදී - 65%
අධ්‍යාපන ආයතන වලදී - 65%
රජයේ දෙපාර්තමේන්තු හෝ සේවා ලැබීමේදී - 58%
ක්‍රීඩා තරග වලදී හෝ පොදු අවස්ථා වලදී - 57%
බැංකු, මුල්‍ය හෝ නීති සේවා වලදී - 54%
නිවසක් කුලියට හෝ මිලට ගැනීමේදී - 52%
පොලීසිය සමග කටයුතු කිරීමේදී - 46%

Source: SBS Sinhala