SKIP TO MAIN CONTENT

ආසියානු සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන්, ඔස්ට්‍රේලියාව තුළ discrimination වලට බහුලවම මුහුණ දෙන ජන කණ්ඩායම බව හෙළිවෙයි. (SBS සිංහල/ වාර්තා)

Migration
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ පාරිභෝගිකයින් ලෙස හෝ සේවකයින් ලෙස හෝ වෙනස් කොට සැලකීම් වලට බහුලවම මුහුණ දෙන ජන කණ්ඩායම ලෙස ආසියානු සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් හඳුනාගෙන තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය විසින් සිදුකළ නවතම සමීක්ෂණයකදී මේ බව අනවාරණය වී ඇත.

discrimination
Source: Pixabay

ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට බහුලවම මුහුණ දෙන ප්‍රමුඛතම ජන කණ්ඩායම්

ආසියානු පසුබිමක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් 82% ක ප්‍රතිශතයක් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන බව මෙම ජාතික සමීක්ෂණය හරහා හෙළිවිණි.

එමෙන්ම මැද පෙරදිග පසුබිමක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් 81% ක ප්‍රතිශතයක් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන බව හෙළිදරව් වී තිබේ.

එම ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන් වැනි ස්වදේශික ඔස්ට්‍රේලියානු ජාතිකයින්ය. ඔවුන්ගෙන් 71% ක ප්‍රතිශතයක් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන බව සඳහන්.

ආසියානු පසුබිමක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් බහුතරයක් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන්නේ පාරිභෝගිකයින් ලෙස කඩ සාප්පු වලදී සහ අවන්හල් වලදී බවත් දෙවනුව සේවකයින් ලෙස රැකියා ස්ථාන වලදී සහ තෙවනුව අධ්‍යපාන ආයතන වලදීය.

discrimination
Source: AAP

සෙසු ජන කණ්ඩායම්

මෙම සමීක්ෂණයට අනුව අප්‍රිකානු පසුබිමක් හිත ඔස්ට්‍රේලියානුවාසීන් 67% ක ප්‍රතිශතයක් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන බව හෙළිදරව් වී තිබේ.

පැසිෆික් දූපත් වාසී සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් ගේ එම ප්‍රතිශතය 66% කි.

දකුණු ඇමෙරිකානු පසුබිමක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් 61% ක ප්‍රතිශතයක් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන බව හෙළිවී ඇත.

යුරෝපා සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් 50% ක්ද ඇන්ග්ලෝ - ඔස්ට්‍රේලියානුවාසීන් 34% ක්ද ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙන බව අනාවරණය වී තිබේ.

discrimination
Source: AAP

ආසියානු පසුබිමක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන් ඔස්ට්‍රේලියාව තුළ වෙනස් කොට සැලකීම් වලට බහුලවම මුහුණ දෙන අවස්ථා

පාරිභෝගිකයින් ලෙස කඩ සාප්පු වලදී සහ අවන්හල් වලදී - 71%

සේවකයින් ලෙස රැකියා ස්ථාන වලදී - 65%

අධ්‍යාපන ආයතන වලදී - 65%

රජයේ දෙපාර්තමේන්තු හෝ සේවා ලැබීමේදී - 58%

ක්‍රීඩා තරග වලදී හෝ පොදු අවස්ථා වලදී - 57%

බැංකු, මුල්‍ය හෝ නීති සේවා වලදී - 54%

නිවසක් කුලියට හෝ මිලට ගැනීමේදී - 52%

පොලීසිය සමග කටයුතු කිරීමේදී - 46%

discrimination
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now