ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල ගුවන් ගමන් සඳහා පිටවීමේ ගාස්තු ඉහළ දැමෙයි. ගුවන් සේවා වලින් චෝදනා. (SBS සිංහල/ වාර්තා)

Australian airport

Source: Flickr

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල සහ ගුවන් සේවා ප්‍රධානීන් අතර සීතල යුද්ධයක් ආරම්භ වී තිබේ.

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල අධික මුදලක් තම ගුවන් සේවා වලින් අය කරන බව  ගුවන් සේවා ප්‍රධානීන් චෝදනා කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් ගුවන් මගීන් පිළිබඳව සැලකිලිමත් වීමට වඩා  ගුවන් සේවා තම ආර්ථික අරමුණු පිළිබඳ අවධානයක් යොමු කරන බව ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල ඊට ප්‍රති චෝදනා කරයි.

Australian airports
Source: AAP

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල ගුවන් මගීන් ගාස්තු වල සංශෝධනයක්

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල  airport passenger fees හෙවත් ගුවන් මගීන් ගාස්තු වල සංශෝධනයක් සිදු කර ඇතැයි Qantas ගුවන් සේවයේ ප්‍රධාන විධායක Alan Joyce සහ Virgin ගුවන් සේවයේ ප්‍රධානී Paul Scurrah පැවසුවෝය.

පසුගිය සතියේ කැන්බරා නුවරදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල මෙම ඒකාධිපතිත්වය මූලික කරගනිමින් ගුවන් තොටුපොළ අය කිරීම් සහ ගාස්තු අසාධාරණ ලෙස විශාල වශයෙන් ඉහළ දමන බව ඔවුහු එහිදී සඳහන් කළහ.

එමගින් ආර්ථිකයටද දැඩි හානි සිදුවන බව ඔවුහු පෙන්වා දුන්හ.

මේ හරහා ගුවන් තොටුපොළවල විශාල වශයෙන් ලාභ ලබන බවත් ඔවුන්ගේ මෙම අත්තනෝමතික ක්‍රියා නියාමනය කිරීමට කිසිදු බලපෑමක් නොමැති වීම එවැනි ක්‍රියා නොකඩවා සිදුකිරීමට පිටිවහලක් සපයන බවත් Alan Joyce පැවසුවේය.

ඒ අනුව බලන කළ ඔස්ට්‍රේලියානු ගුවන්තොටුපොළවල අධික වියදම් සහිත ස්ථාන ලෙසට ද ඔහු නම් කර තිබේ.

Australian airports
Qantas CEO Alan Joyce Source: AAP

ලෝකයේ අධික ලාභ ලබන ගුවන් තොටුපොළවල

ලෝකයේ අධික ලෙස ලාභ ලබන පළමු ගුවන් තොටුපොළවල 5 අතරින් හතරක්ම ඇත්තේ ඔස්ට්‍රේලියාවේ බව Qantas ගුවන් සේවයේ ප්‍රධාන විධායක Alan Joyce පැවසුවේය.

නමුත් ගුවන් මගීන් ගේ නිර්දේශ මගින් ශ්‍රේණිගත කරන ලොව හොඳම ගුවන් තොටුපොළවල ලෙස එම තොටුපොළවල ලෝක ශ්‍රේණිගත කිරීම් වල නැති බවද ඔහු පැවසුවේය.

ලොව අනෙකුත් ගුවන් තොටුපොළ ලබන සාමාන්‍ය වාර්ෂික ලාභ ප්‍රතිශතය 53% ක් වන නමුත් ඔස්ට්‍රේලියාවේ තොටුපොළ 80% ක පමණ සාමාන්‍ය වාර්ෂික ලාභ ප්‍රතිශතයක් ලබන බව Australian Competition and Consumer Commission හි හිටපු සභාපති Graeme Samuel විටෙක පවසා තිබේ.

නමුත් ඕස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල සංගමයේ ප්‍රධාන විධායිකා Caroline Wilkie මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

Australian airports
Source: AAP

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල ඉහළ ගිය ගාස්තු

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළවල ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා පිටවීමේ ගාස්තුව $101 සිට $180 දක්වා වූ පරාසයක වැඩි කර තිබේ.

මේ අතර සෑම ජාත්‍යන්තර ගුවන් ටිකට් පතකම ගාස්තුවකින්  $60 ක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ලැබෙන බවද සඳහන්.

Australian airports
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now