ද්විත්ව පුරවැසිභාවය හිමි ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාකරුවන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ස්වයංක්‍රීයව ඉවත් කෙරෙන නව යෝජිත නීති මගින් ත්‍රස්තවාදයේ අවදානම ඉහළ යන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බුද්ධි අංශ සේවය අනතුරු අඟවයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එවැනි පුද්ගලයින්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කර ඔවුන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළද ඔස්ට්‍රේලියාවට සෘජු ත්‍රස්ත ප්‍රහාර එල්ල වීම ඒ මගින් මුළුමනින්ම නොවැළකෙන බව Australian Security Intelligence Organisation හෙවත් ASIO ආයතනය පෙන්වා දෙයි.

අවදානම් තත්ත්ව
ද්විත්ව පුරවැසිභාවය හිමි ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාකරුවන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීම හරහා මතුවන ත්‍රස්තවාදී අවදානම අවම කරගැනීමට යම් ආකාරයෙන් හැකියාවක් ලැබෙන අතර ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමටද බලධාරීන්ට සැලකිය යුතු හැකියාවක් ලැබෙන බව ද ASIO ආයතනය පවසයි.
මෙම නව යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධ සෙනට් කමිටු විමර්ශනය හමුවේ ASIO ආයතනය මේ බව හෙළි කර තිබේ.
එක් ආකාරයක ත්‍රස්ත අවදානමක් මේ හරහා නැති කරගැනීමට අවස්ථාව සැලසෙන විට අනෙක් පසින් වෙනත් ත්‍රස්ත අවදානමක් ඒ හේතුවෙන් මතු විය හැකි බව ද ඔවුන් පෙන්වා දුන්නේය.
එවැනි ආකාරයේ පුද්ගලයින්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කර ඔවුන්ව ඔස්ට්‍රේලියාවෙන් නෙරපූ විට ඔවුන් පිළිබඳ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වලට සහ බුද්ධි අංශ වලට සෘජුව අධීක්ෂණය කිරීමට නොහැකි බවද ASIO ආයතනය පැහැදිලි කළේය.

ත්‍රස්තවාදීන්ට බැඳුනු ඔස්ට්‍රේලියානුවෝ
සිරියා - ඉරාක යුද්ධ සඳහා සම්බන්ධ වීමට ඔස්ට්‍රේලියානුවන් 230 ක් පමණ මේ වන විට මැදපෙරදිගට ගොස් ඇති බව ASIO වාර්තා දක්වයි.
එම පිරිසෙන් බාගයක් පමණ මේ වන විට සටන් වලින් මියගොස් ඇති බවත් 80 ක් පමණ තවමත් එම කලාපයේ සටන් වල නිරත වන බවත් ASIO ආයතනය හෙළි කරයි.
මේ අතර එලෙස ත්‍රස්තවාදීන්ට බැඳුනු 40 ක පමණ පිරිසක් නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බව ද ඔවුන් වාර්තා කරයි.
මේ වන විට ක්‍රියාත්මක නීති ආධාරයෙන් එම පිරිස් වලින් ද්විත්ව පුරවැසිභාවය හිමි 12 දෙනෙකුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවද සඳහන්.


