සෞදි අරාබියාවේ ඉන්ධන සංකීර්ණ වලට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරය නිසා ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළ යන ලකුණු. (SBS සිංහල/ වාර්තා)

Fuel Prices

Source: AAP

සෞදි අරාබියාවේ ඛනිජ තෙල් සංකීර්ණ ද්විත්වයකට පසුගියදා එල්ල වූ ප්‍රහාරයත් සමග ලෝකයේ ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි සහ ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි බොහෝ දෙනා බියට පත්වී තිබුණි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඔස්ට්‍රේලියාවේද ඉන්ධන මිල මේ හේතුවෙන් ඉහළ යනු ඇතැයි බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීහු දෙගිඩියාවෙන් සිටියහ.

Fuel Prices
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන වලට බලාපාන අයුරු

සෞදි අරාබියාවේ ඛනිජ තෙල් සංකීර්ණ ද්විත්වයකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධන බෙදාහැරීමට හෝ මිල ගණන් වලට බලපෑමක් සිදුවිය හැකි බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ඩ්‍රෝන ප්‍රහාරයට ලක්වීම නිසා සෞදි අරාබියාවේ Aramco ඉන්ධන සැපයුම් සමාගම හරහා ලෝක ඉන්ධන වෙළෙඳ පොළට නිකුත් කෙරෙන ඉන්ධන 5% කින් පමණ අහිමිවීම නිසා ඉන්ධන බැරලයක තොග මිල 50% කින් පමණ වැඩි වනු ඇතැයි ව්‍යාපාරික ලෝකය අපේක්ෂා කළේය.

ඒ අනුව ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන සැපයුමට සිදුවන බාධා ඔස්ට්‍රේලියාවටත් එකසේ බලපාන බව Motley Fool Australia හි ප්‍රධාන ආයෝජන නිලධාරී Scott Phillips පැවසුවේය.

ඒ අනුව යම් හෙයකින් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඔස්ට්‍රේලියාවේ ද ඉන්ධන මිල ඉහළ යාමට බොහෝ දුරට ඉඩ ඇති බව ඔහු පැහැදිලි කළේය.

Fuel Prices
Source: Flickr

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්ථාවරය

සෞදි අරාබියාවේ ඛනිජ තෙල් සංකීර්ණ ද්විත්වයකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුමට ක්ෂණික බලපෑමක් ඇති නොවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ බලශක්ති අමාත්‍ය Angus Taylor පවසයි.

ගෝලීය වෙළෙඳපොළේ ඇති තරම් ඉන්ධන තොග ඇති බැවින් ඔස්ට්‍රේලියාවට බිය විය යුතු නැතැයි ඔහු ABC පුවත් සේවයට පැවසීය.

Fuel Prices
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළ යයිද?

පසුගිය සඳුදා වන විට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 12කින් ඉහළ ගොස් ඇති බවත් එනිසාම ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළේ ඉන්ධන මිලට එය ඩොලර් ශත 10 ත් 12 ත් අතර ප්‍රමාණයකින් බලපෑ හැකි බව FuelTrac සාමාන්‍යාධිකාරී Geoff Trotter පැවසුවේය.

මෙම ප්‍රහාරයත් සමග ඛනිජ තෙල් සැපයුම්කරුවන් සහ අතරමැදියන් අනවශ්‍ය ආකාරයෙන් මිල ඉහළ දැමීම් සිදුකර ඇති බැවින් වාහන හිමියන්ව සූරාකෑමකට ලක්වන බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මධ්‍යන මිල ඩොලර් 1.30 ක් පමණ වන අතර මෙම මිල ඉහළ යාම් නිසා එය බොහෝ දුරට ඩොලර් 1.40 මට්ටමේ පැවතිය හැකි බව ඔහු සඳහන් කළේය.

Fuel Prices
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now