SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට් කාඩ් පත් ලබාගැනීම අධික ලෙස ඉහළ යයි. 2017 වන විට ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ක්‍රෙඩිට් කාඩ් ණය ඩොලර් බිලියන 45ක්. ( SBS සිංහල/ වාර්තා)

Credit Cards
Source: Pixabay

3 min read

Published

By Madhura Seneviratne


Skip to article content

වසර 2012 ජූලි මාසයේ සිට 2017 ජුනි මාසය තෙක් කාලය තුළ ඔස්ට්‍රේලියාවේ වාසය කරන පිරිස් මිලියන 21.4 ක ක්‍රෙඩිට් කාඩ් පත් ගිණුම් විවෘත කර ඇති බව හෙළිවී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


Australian Securities and Investments Commission හෙවත් ASIC ආයතනය විසින් මේ බව නිවේදනය කර තිබේ.

Credit Card
Source: SBS

අධික ලෙස ක්‍රෙඩිට් කාඩ් පත් ලබාගැනීම

වසර 2012 සිට 2017 දක්වා මිලියන 21.4 ක ක්‍රෙඩිට් කාඩ් පත් ලබාගැනීමට ඔස්ට්‍රේලියාවේ වාසය කරන පිරිස් කටයුතු කිරීම එතරම් සුබදායී පුවතක් නොවන බව ASIC ආයතනය පවසයි.

ASIC ආයතනයට පාලනය කරගත නොහැකි මට්ටමකින් ඔස්ට්‍රේලියානුවාසීන් ක්‍රෙඩිට් කාඩ් පත් ගිණුම් විවෘත කරමින් සිටින බවද ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

Finder වෙබ් අඩවියට අනුව සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවාසියෙකු ගේ ක්‍රෙඩිට් කාඩ් පතේ ශේෂය $3,258 කි.

එම ණය ශේෂයෙන් තුනෙන් දෙකක්ම එනම් $1,986 ක්ම එකතුවන පොළිය බව සඳහන්.

ඒ අනුව වසර 2017 වන විට ඔස්ට්‍රේලියානුවාසීන් ක්‍රෙඩිට් කාඩ් නිසා ඩොලර් බිලියන 45ක් ණයවී ඇති බවද වාර්තා වේ.

Credit Card
Source: Flickr

අඩු පොළී අනුපාතික ක්‍රෙඩිට් කාඩ් පත්

අඩු පොළී අනුපාතික ක්‍රෙඩිට් කාඩ් පත් හේතුවෙන් 2016/17 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියානුවාසීන් සිය ක්‍රෙඩිට් කාඩ් පත් පොළියෙන් ඩොලර් මිලියන 621 ක සහනයක් ලබා ඇති බවද වාර්තා වේ.

නමුත් එම වසරේදී ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කරන ඔස්ට්‍රේලියානුවාසීන් සිය ක්‍රෙඩිට් කාඩ් ගිණුම් ගාස්තු සහ අනෙකුත් ණය ගෙවීම් මත ඩොලර් බිලියන 1.5 ක් පමණ ගෙවා ඇති බව වාර්තා වෙනවා.

මේ තත්ත්ව හමුවේ අර්බුදකාරී මුල්‍ය පරිසරයක්  නිර්මාණය වන බව ආර්ථික ප්‍රවීණයෝ මත පළ කරති.

Credit Card
Source: AAP

Minimum card repayments

බහුතරයක් ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කරන්නන් සිය ක්‍රෙඩිට් කාඩ් පතේ ණය මුදල ගෙවීමේදී එහි Minimum repayment හෙවත් අවම නැවත ගෙවීම පමණක් ගෙවන බව ද වාර්තා වේ.

මෙලෙස Minimum repayment එක ගෙවීම නිසා අදාළ ක්‍රෙඩිට් කාඩ් පතේ ණය මුදල සම්පූර්ණයෙන් ගෙවා දැමීමට ඉතා විශාල කාලයක් ගත වන බවත් ඇතැම් විට එය දශකයක් පුරාවට පමණ විහිදෙන බවත් Financial Counselling Australia හි Fiona Guthrie පැවසුවාය.

ක්‍රෙඩිට් කාඩ් පතක් ලබාගැනීමත් එහි ඇති මුදල් වියදම් කිරීමත් ඉතා පහසු බව ඇය පෙන්වා දෙයි.

එමෙන්ම බොහෝ  බැංකු සහ මුල්‍ය ආයතන ක්‍රෙඩිට් කාඩ් පත් වල ණය සීමාව ඉතා පහසුවෙන් ඉහළ දැමීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිකර දෙයි.

එලෙස ක්‍රෙඩිට් කාඩ් පත් වල ණය සීමාව ඉතා පහසුවෙන් ඉහළ දැමීමට අවස්ථාව හිමිවීම තමන්ට ලැබුණු සුවිශේෂී වරප්‍රසාදයක් බවට බොහෝ පාරිභෝගිකයින් සිතා බොහෝ විට ඔවුන් එම උගුලෙහි වැටෙන බව සුලබව පෙනී යන සිදුවීමකි.

කෙසේ වුවද, අවසානයේ තමන්ට නොදැනීම තමන් දැවැන්ත ණය කරුවෙකු බවට පත්වී ඇති බවත් ඔස්ට්‍රේලියාවේ ආර්ථික අර්බුදයක් ඇතිකිරීමට තමන් ද ක්‍රියාකාරී දායකයෙකුව ඇති බවත් අවසානයේ බහුතරයක් ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන්ට වැටහෙන විට සියල්ල සිදුවී හමාරය.

Credit Card
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now