ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක සමාගම්වල සහ ආයතනවල ඉහළ නිලධාරී මණ්ඩල අතරේ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස අඩු බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඇතැම් සමාගම් වල ඉහළ නිලධාරී මණ්ඩල අතරේ එකදු කාන්තාවක් හෝ නොමැති බවද සඳහන්.

ඉහළ තනතුරු වල කාන්තා නියෝජනය
ඔස්ට්‍රේලියාවේ ඉහළ පෙළේ සමාගම් 200 කට නායකත්වය දීම සඳහා 2019 වසරේදී ප්‍රධාන විධායක තනතරු වලට නව පත්වීම් 25 ක් සිදු කෙරුණු අතර එම සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටිනුයේ දෙදෙනකු පමණක් බව සඳහන්.
මේ අතර ඔස්ට්‍රේලියාවේ සමාගම් සහ ආයතන වල ඉහළ නිලධාරී මණ්ඩල අතරේ කාන්තා නියෝජනය මේ වසර වන විට 1% කින් පහත බැස ඇති බවද හෙළිවී තිබේ.
පසුගිය වසරේ 7% ක්ව තිබූ එම කාන්තා නියෝජනය මේ වසරේදී 6% දක්වා පහත වැටී ඇති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවේ Chief Executive Women සංවිධානය මගින් සිදු කළ වාර්ෂික සංගණනයට අනුව මෙම නවතම අනාවරණය සිදු කර ඇත.
සමස්ත ඔස්ට්‍රේලියාවේම ක්‍රියාත්මක සමාගම් සහ ආයතන නියෝජනය කරමින් ඒවායේ ඉහළ තනතුරු හොබවන කාන්තාවෝ 560 දෙනෙකු මේ වන විට Chief Executive Women සංවිධානය නියෝජනය කරති.
කාන්තාවන් සම්බන්ධව මේ පවතින තත්ත්වය පිළිබඳ Chief Executive Women සංවිධානය සිය නොසතුට පළ කරන අතර හඳුනාගත් ඉහළ පෙළේ සමාගම් 17 ක තවමත් ඉහළ පෙළේ විධායක ශ්‍රේණි වල කාන්තා නියෝජනයක් නොමැති බව ද ඔවුන් හෙළි කර සිටියි.

ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව
රැකියා වල ඉහළ තනතුරැ දැරීම යන කරුණ පදනම් කරගනිමින් ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව පිළිබඳ සාකච්ඡාවට බඳුන් කිරීමේදී එම තත්ත්වය ඉතා ශෝචනීය බව සඳහන් කළ යුතුය.
දැනට පවතින තත්ත්වය මත ඉහළ තනතුරු වල කාන්තා නියෝජනය පුරුෂ පාර්ශවය සමග සම තත්ත්වය ගැනීමට වසර 80 ක් පමණ ගතවන බව ඇස්තමේන්තු කර ඇති බව Chief Executive Women සංවිධානයේ සභාපතිනී Sue Morphet පැවසුවාය.
2019 වසරේ පත් කරනු ලැබූ නව ප්‍රධාන විධායක නිලධාරී තනතුරු 25 න් කාන්තාවන් දෙදෙනකු පමණක් සිටීම පිළිබඳ ඇය චෝදනාත්මක මුඛයෙන් කතා කළාය.
එලෙස 2019 වසරේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දැරීමට භාග්‍ය උදාකරගත් කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රී ලාංකික කාන්තාවක් වන ශෙමාරා වික්‍රමනායක මහත්මිය වන අතර ඇය Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස අභිනවයෙන් පත්වූවාය.
අනෙක් තැනැත්තිය වන්නේ Spark New Zealand සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්වූ Jolie Hodson ය.

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්
ඔස්ට්‍රේලියානු මුළු ජනගහනයෙන් කාන්තා නියෝජනය 50.7% කි.
ඔස්ට්‍රේලියාවේ රැකියා වල නියුතු පිරිසෙන් කාන්තාවන් 47% කි.
සාමන්‍යයෙන් සතියකදී ඔවුන් ලබන වැටුප පිරිමින්ට වඩා ඩොලර් 251.20 ක අඩුය.
එම හිඟය පියවාගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තාවක් වසරකට දින 56 ක් අමතරව සේවය කළ යුතු වේ.
ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී - පුරුෂ වැටුප් විෂමතාව 15.3% කි.
ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයින් රැකබලා ගැනීමේදී ඔස්ට්‍රේලියාවේ කාන්තන්වන්ගේ දායකත්වය 68% කි.
ළමුන් රැකබලා ගැනීමේදී කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව දිනකට තුන්ගුනයක කාලයක් මිඩංගු කරයි.
ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව මනිනු ලබන ගෝලීය දර්ශකයේ ඔස්ට්‍රේලියාව 2017 වසරේදී 35 වන ස්ථානයට පත්විය.

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකයට 2015-16 කාලයේදී ඩොලර් බිලියන 22 ක පිරිවැයක් දැරීමට සිදුවිය.

