සමාජ මාධ්‍ය ජාල වලට ඇබ්බැහි වීමට වඩා අඩු නින්ද යොවුන් පිරිස් වෙත අහිතකර බලපෑම් එල්ල කරන බවට හෙළිවෙයි. (SBS සිංහල/ වාර්තා)

social media

Source: Pixabay

සමාජ මාධ්‍ය ජාල වලට ඇබ්බැහි වීම යොවුන් වියෙහි පසුවන පිරිස් කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරන බවට ප්‍රවීණයෝ මත පළ කරති.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් සමාජ මාධ්‍ය ජාල වලට ඇබ්බැහි වීමට වඩා අඩු නින්ද යොවුන් පිරිස් වල මානසික සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කරන බව නවතම පර්යේෂණයක් මගින් අනාවරණය කර තිබේ.

social media
Source: Flickr

සමාජ මාධ්‍ය ජාල හරහා බලපෑම

එක්සත් රාජධානියේ The Lancet Child and Adolescent Health ජර්නලයේ මෙම නවතම පර්යේෂණයේ ප්‍රතිඵල පළ කර තිබුණි.

සමාජ මාධ්‍ය ජාල වලට වඩා අඩුවෙන් නිදා ගැනීම යොවුන් වියෙහි පිරිස් වල මානසික සෞඛ්‍ය වෙත දැඩි අහිතකර බලපෑම් එල්ල කරන බව එහිදී නිරීක්ෂණය කර තිබේ.

පාසල් සිසුන් 10,000 කගේ දත්ත ලන්ඩන් නුවර Imperial විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් විශ්ලේෂණය කරන ලදී.

තම සමාජ මාධ්‍ය ජාල ගිණුම් දිනකට තුන්වරකට වඩා පිරික්සන යොවුන් පිරිස් සහ මානසික පීඩාකාරී හැගීම් විඳීම අතර සම්බන්ධතාවක් පවතින බව එහිදී හෙළිවී තිබේ.

කෙසේනමුත්, එම ඍණාත්මක හැගීම් සමාජ මාධ්‍ය ජාල සමග සෘජුව සම්බන්ධ නොවන බවද ඔවුන් විශ්වාස කරයි.

එයට සයිබර් හිරිහැර වලට මුහණ දීම, අඩු නින්ද, අඩු ව්‍යායාම වැනි අනෙකුත් සාධකද බලපාන බව ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සැරිසරන දේවල් ද ඊට බලපාන බව Royal College of Paediatrics and Child Health හි මහාචාර්ය Russell Viner පැවසුවේය.

social media
Social media apps Facebook, Twitter and Instagram Source: AAP

අඩු නින්ද අහිතකර ලෙස බලපෑම

සමාජ මාධ්‍ය ජාල වලට ඇබ්බැහි වීම හරහා යොවුන් පිරිස් වෙත අනෙකුත්  ක්‍රියාකාරකම් වලට ඇති කාලය සීමා වන බවද මෙම පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඒ අනුව බොහෝ යොවුන් පිරිස් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් සැරිසැරීම හේතුවෙන් ඔවුන්ට සැලකිය යුතු අඩු නින්දක් ලැබෙන බවද ඔවුහු හෙළි කරති.

ඇතැම් විට පසුදා උදෑසන අවදිවී පාසලට ගොස් පාසල්  අධ්‍යාපන කටයුතු කරන විට පෙරදා රාත්‍රියේ ලැබූ අඩු නින්ද නිසා එම අධ්‍යාපන කටයුතු වලට සැලකිය යුතු බාධා එල්ල වන බවද ඔවුහු පැහැදිලි කරති.

social media
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now