ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා 23,000 ක කෝටාවක්. (SBS සිංහල/ වාර්තා)

Migration

تأشيرات المناطق الريفية تزيد من فرص قبول طلبات الهجرة. Source: Getty Images

වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහනය පාලනය කිරීම උදෙසා පවතින සංක්‍රමණික වැඩසටහන සංශෝධනය කිරීමේ තම යෝජනාව නැවතත් තහවුරු කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදෙන වාර්ෂික කෝටාව කප්පාදු කිරීම නැවත වරක් තහවුරු කරමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පසුගිය සතියේදී නිල නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
Migration
Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික කෝටාව කප්පාදු කිරීම

පසුගිය වසර වනතෙක් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික කෝටාව පැවතියේ 190,000 ක් ලෙසිනි.

නමුත් එය 160,000 දක්වා 30,000 කින් කප්පාදු කරන බවට පසුගිය වසරේ අග භාගයේදී අගමැති මොරිසන් ප්‍රමුඛ වත්මන් ලිබරල් සන්ධාන රජය ප්‍රකාශ කළේය.

ඒ අනුව 2019/20 මුල්‍ය වර්ෂයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වෙයි.
Migration
Source: SBS

පසුගිය දශකය තුළ වාර්තා වූ පහළම ස්ථිර පදිංචි වීසා පිරිනැමීම

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ වාර්ෂික කෝටාව 30,000 කින් කප්පාදු නොකෙරුවත් 2018/19 මුල්‍ය වර්ෂයේද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අදාළ වීසා පිරිනමා ඇත්තේ 160,323 ක් බව වාර්තා වේ.

පසුගිය දශකය තුළ ඒ සම්බන්ධයෙන් වාර්තා වූ පහළම අගය ලෙසද මෙය සඳහන්.

එම සංඛ්‍යාවට Regional Sponsored Migration වැඩසටහන යටතේ 8,987 වීසා ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර එය 2017/18 වසරට වඩා 44% ක වැඩිවීමක් බවද වාර්තා වේ.

2017/18 වසරේදී Regional Sponsored Migration වැඩසටහන යටතේ නිකුත් කෙරුණු වීසා ප්‍රමාණය 6,221 කි.
Migration
Source: SBS

නව ප්‍රාදේශීය කලාප සැලසුම

මේ වසරේ සිට ඔස්ට්‍රේලියාවේ සෑම සංක්‍රමණික වැඩසහනක්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත යොමුකර තිබේ.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ ප්‍රධාන අවධානය යොමුව තිබෙන්නේ මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන්, පර්ත් සහ ගෝල්ඩ් කෝස්ට් යන ප්‍රධාන නගර 5 වෙතය.

නමුත් මෙතැන් පටන් එම ප්‍රධාන නගර 5 න් බැහැරව ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල සංක්‍රමණිකයින්ව ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව ප්‍රාදේශීය කලාප වල නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා 23,000 ක කෝටාවක් වෙන් කරන බව  ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පසුගිය සතියේ නිකුත් කළ නිව්දනයේ සඳහන්.

ප්‍රාදේශීය කලාප වල ක්‍රියාත්මක සමාගම්, කර්මාන්ත සහ ව්‍යාපාර ශ්‍රම හිඟයකින් පෙළෙන බවත් එම ප්‍රදේශ සඳහා පදිංචියට මෙන්ම රැකියා කිරීමටද මිනිසුන් අවශ්‍ය බවත් මධ්‍යම රජයට දිගින් දිගටම ඉල්ලීම් ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම නිසා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප සංවර්ධනය කිරීමටද මධ්‍යම රජය සූදානම් වන බවද වාර්තා වේ.
Migration
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service