සහශ්‍රක පරපුරේ ලොව ජීවත්වීමට වඩාත් සුදුසු නගරවල පළමු ස්ථාන 20 ට ඔස්ට්‍රේලියාවේ කිසිදු නගරයක් නැහැ. (SBS සිංහල/ වාර්තා)

liveable cities for Generation Z

Source: AAP

ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් ලොව අංක එක බවට 2011 වසරේ පටන් නොකඩවා වසර 7 ක් පුරාවට කිරුළු පැළඳි මෙල්බර්න් නුවර මෙවර එම දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

එමෙන්ම සිඩ්නි නුවර එම දර්ශකයේ තුන්වන ස්ථානයටත් ඇඩිලේඩ් නුවර 10 වන ස්ථානයටත් පත්ව තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් ලොව දරුවන්, යොවුන් පිරිස් සහ තරුණ වැඩිහිටියන් අතරේ ලෝකයේ ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් පළමු 20 ට කිසිදු ඔස්ට්‍රේලියානු නගරයක් තේරී පත් නොවීම සුවිශේෂී සිදුවීමකි.

liveable cities for Generation Z
Source: Flickr

2019 වසරේ සහශ්‍රක පරපුරේ නගර දර්ශකය

ලෝකයේ ජීවත්වීමට වඩාත් සුදුසු නගර පිළිබඳ ශ්‍රේණිගත කිරීමක් Nestpick ආයතනය විසින් වාර්ෂිකව සිදුකරනු ලබයි.

එය Generation Z City Index හෙවත් සහශ්‍රක පරපුරේ නගර දර්ශකය ලෙස හැඳින්වේ.

ඒ අනුව 2019 වසර සඳහා එම දර්ශකය පසුගියදා එළි දක්වා තිබූ අතර එහි පළමු ස්ථාන 20 අතරට කිසිදු ඔස්ට්‍රේලියානු නගරයක් තේරී නොමැති බව සඳහන්.

ලොව පුරා රටවල ප්‍රධාන නගර 110 ක් ආශ්‍රයෙන් සිදුකරන ලද සස්මීක්ෂණයකට අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි.

එහිදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 23 වන ස්ථානයටත් මෙල්බර්න් නුවර 24 වන ස්ථානයටත් පත්ව ඇත.

liveable cities for Generation Z
Source: AAP

2019 සහශ්‍රක පරපුරේ නගර දර්ශකයේ හොඳම නගර 5

2019 වසරේ  Generation Z City Index හෙවත් සහශ්‍රක පරපුරේ නගර දර්ශකයේ පළමු නගර 5 පහත පරිදි වේ.

01. ලන්ඩන් නුවර (එක්සත් රාජධානිය)

02. ස්ටොක්හෝම් නුවර (ස්වීඩනය)

03. ලොස් ඇන්ජලීස් නුවර (ඇමෙරිකාව)

04. ටොරොන්ටෝ නුවර (කැනඩාව)

05. නිව් යෝර්ක් නුවර (ඇමෙරිකාව)

liveable cities for Generation Z
London City Source: Pixabay

සහශ්‍රක පරපුර

සහශ්‍රක පරපුර ලෙස පොදුවේ හැඳින්වෙන්නේ 1997 සහ 2012 යන කාලය අතරේ උපත ලැබූ පිරිස්ය.

ඒ අනුව මෙම සමීක්ෂණය සඳහා දරුවන්, යොවුන් පිරිස් සහ තරුණ වැඩිහිටියන් පමණක් යොදාගෙන තිබේ.

මෙම සහශ්‍රක පරපුරේ නගර දර්ශකය සඳහා නගර ශ්‍රේණිගත කිරීමේදී සාධක 22ක් සළකා බලා තිබේ.

කෘතීම  බුද්ධිය,සම්බන්ධතා, පාරිසරික ක්‍රියාකාරකම්, ධරණීය බව, මානසික සෞඛ්‍ය සේවා පහසුකම්, ඩිජිටල්කරණය, නවීන තාක්ෂණයත් සමග බැඳුණු පුද්ගලිකත්වය සුරැකීම මෙන්ම විරෝධතා දැක්වීමට ඇති නිදහස වැනි කාරණා ඉන් ප්‍රධාන වේ.

liveable cities for Generation Z
Vienna Source: Flickr

EIU ජීවන දර්ශකයට අනුව 2019 ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර 10

1. Vienna, Austria

2. Melbourne, Australia

3. Sydney, Australia

4. Osaka, Japan

5. Calgary, Canada

6. Vancouver, Canada

7. Tokyo, Japan

7. Toronto, Canada

9. Copenhagen, Denmark

10. Adelaide, Australia

sbs sinhalese
Source: SBS Sinhala


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now