ඔස්ට්‍රේලියාවට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයින් හා සරණාගතයින්ට ලබා දෙන උපකාරක සේවා සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන ගනනක් වෙන්කරයි (SBS සිංහල/ වාර්තා)

Rally for refugees

Pro-refugees protesters rally Source: AAP

ෆෙඩරල් රජය මගින් Bridging visa මත සිටින රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයින් හා සරණාගතයින්ට ලබා දෙන උපකාරක සේවා කප්පාදු කර තිබෙයි.

මේ අතරතුර දී උපකාරක සේවා සඳහා ඩොලර් මිලියන 3ක අරමුදල් වෙන් කර මෙම තත්වය සමනය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්තය රජය බලාපොරොත්තු වෙයි.

 


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


සුබසාධන ගෙවීම් ලබාගැනීමට තිබිය යුතු සුදුසුකම් දැඩි වෙයි

2017 වසරේ දී ෆෙඩරල් රජය මඟින් රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයින් හා සරණාගතයින්ට ලබා දෙන සුබසාධන ගෙවීම් ලබාගැනීමට තිබිය යුතු සුදුසුකම් දැඩි කර තිබෙයි. මේ හේතුවෙන් 2014 වසරට පෙර ඔස්ට්‍රේලියාවට නීති විරෝධී යාත්‍රා මඟින් පැමිණි සංක්‍රමණිකයින් හා සරණාගතයින් සැලකිය යුතු ප්‍රමාණයකට සුබසාධන ගෙවීම් සඳහා තිබූ අයිතිය අහිමි විය.

මෙම සුබසාධන ගෙවීම් වැඩසටහන හඳුන්වනුයේ Status resolution support සේවාව ලෙසයි. මේ තුළින් පුද්ගලයෙකුට දිනකට $35ක් පමණ ලැබෙයි.

ෆෙඩරල් රජය මගින් Status resolution support සේවාව කප්පාදු කිරීමත් සමඟම නීති විරෝධී සංක්‍රමණිකයින් හා සරණාගතයින් බොහෝ දුෂ්කරතා වලට මුහුණ දෙන බව ප්‍රජා සේවා සංවිධාන පවසයි.

ප්‍රජා සේවා සංවිධාන ප්‍රාන්ත රජයන්හි සහය පතයි.

Jesuit Refugee Service ආයතනය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙසෙන නීති විරෝධී සංක්‍රමණිකයින් හා සරණාගතයින්ට සහය ලබා දෙන සංවිධානයකි. මෙම පුද්ගලයින්ට ආහාර, ඇඳුම් පැලඳුම්, නිවාස කුලී ගෙවීම් සහ ඖෂධ ලබා දීමට ඔවුන් මසකට $16,800 පමණ වියදම් කරයි.

Carolina Gottardo - Director, Jesuit Refugee Service
Carolina Gottardo - Director, Jesuit Refugee Service Source: philanthropy.org.au

වික්ටෝරියානු ප්‍රාන්තය ආදර්ශයට ගෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඇතුළු අනෙකුත් ප්‍රාන්තද නීති විරෝධී සංක්‍රමණිකයින් හා සරණාගතයින්ට ලබා දෙන උපකාරක සේවා සඳහා අරමුදල් වෙන් කල යුතු බව Jesuit Refugee Service ආයතනයේ අධ්‍යක්ෂිකාව වන Carolina Gottardo පවසයි.

මෙය සමාජය තුල දැඩි අවදානමකට භාජනය වී සිටින පිරිසට ලබා දෙන “ජීවිතාරක්ෂක” සහයක් බවද ඇය පැවසුවාය.

එසේම දහස් ගනනක් වූ නීති විරෝධී සංක්‍රමණිකයින් හා සරණාගතයින් දරිද්‍රතාවයට පත්ව වාසස්ථාන නොමැතිව ජීවත් වනවා මෙන්ම ප්‍රමානවත් උපකාරක සේවා නොතිබීම හේතුවෙන් බරපතල මානසික හා ශාරීරික ගැටලු වලට මුහුණ දෙන බවද ඇය පැවසුවාය.

මෙසේ දුෂ්කරතා වලට මුහුණ දෙන පුද්ගලයින් අතරට තනි මව්වරුන් හා ගෘහස්ථ හිංසනයන්ට ලක් වූවන්ද ඇතුලත් වන බව ඇය වැඩිදුරටත් පවසයි.

දැනට මෙසේ ෆෙඩරල් රජය මගින් Bridging visa මත ඔස්ට්‍රේලියාව තුළ වාසය කරන නීති විරෝධී සංක්‍රමණිකයින් හා සරණාගතයින්ට ලබා දෙන උපකාරක සේවා කප්පාදු කිරීම හේතුවෙන් එය සමනය කිරීමට මැදිහත් වූ ප්‍රාන්ත හා ටෙරටරි වනුයේ ක්වීන්ස්ලන්තය, ACT හා වික්ටෝරියාව පමණි.

නීති විරෝධී සංක්‍රමණිකයින් හා සරණාගතයින්ගේ උපකාරක සේවා සඳහා ඇති ඉල්ලුම ඉහලට

2014 වසරට පෙර ඔස්ට්‍රේලියාවට නීති විරෝධී යාත්‍රා මඟින් පැමිණි සංක්‍රමණිකයින් හා සරණාගතයින් 8000ක් පමන තමන්ගේ වීසා අයැදුම් පත්‍රය සලකා බලන තුරු Bridging visa මත ඔස්ට්‍රේලියාව තුළ වාසය කරන බව වර්තා වෙයි.

Asylum seekers arriving by boat
Asylum seekers arriving by boat Source: AAP

Asylum Seekers Centre සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරිනි Frances Rush පවසනුයේ නීති විරෝධී සංක්‍රමණිකයින් හා සරණාගතයින්ගේ නිවාස, ආහාර සහ සෞඛ්‍ය වැනි අත්‍යාවශ්‍ය උපකාරක සේවා සඳහා ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන බොහෝමයක් නීති විරෝධී සංක්‍රමණිකයින් හා සරණාගතයින් ස්වාධීන ජිවීත ගත කිරීම සඳහා රැකියාවක යෙදීමට කැමති බව Rush මහත්මිය පැවසුවාය. කෙසේනමුත් යථාර්ථය නම් ඔස්ට්‍රේලියාව තුල ස්ථාපිත වී තම පවුල් සමග දිවි ගෙවීමට නම් ඔවුනට උපකාරක සේවා අවශ්‍ය බව ඇය වැඩිදුරටත් පවසයි.

2017 වසරේ දී නීති විරෝධී සංක්‍රමණිකයින් හා සරණාගතයින්ට ලබා දෙන සුබසාධන ගෙවීම් ලබාගැනීමට තිබිය යුතු සුදුසුකම් දැඩි කිරීම හෙතුවෙන්, එම පුදගලයින් දරිද්‍රතාවයට පත්ව ජීවත්වන වාසස්ථාන අහිමි විය හැකි බැවින් එම තීරණය වෙනස් කරන ලෙස නිර්දේශයක්ද පසුගිය ජූලී මාසයේදී මානව හිමිකම් කොමිසම කර තිබෙයි.

Australian citizen
Source: SBS Sinhala

3 min read

Published

By Gamidu Agampodi

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now