SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ පාසල් වල බරපතල මට්ටමින් වර්ගවාදය පවතින බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

Racism
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ පාසල් වල සිසු සිසුවියන් කැපී පෙනෙන ලෙස racial discrimination හෙවත් වර්ණවාදී වෙනස්කොට සැලකීම් වලට මුහුණ දෙන බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මෙය ඇත්තෙන්ම බරපතල කාරණයක් බව අධ්‍යාපන ප්‍රවීණයෝ පවසති.

racism
Source: Getty Images

සමීක්ෂණය

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ පාසල් වල සිසු සිසුවියන්ගෙන් 31% ක ප්‍රතිශතයක් තම සහෝදර සිසු සිසුවියන්ගෙන් වර්ණවාදී වෙනස්කොට සැලකීම් වලට භාජනය වන බව The Speak Out Against Racism (SOAR) සමීක්ෂණය වාර්තා කරයි.

මෙම සමීක්ෂණයට 5 වසරේ සිට 9 වසර දක්වා වන සිසුන් 4,600 ක් සහභාගී කරගත් බව සඳහන්.

එහිදී එම සිසුන්ගෙන් 27% ක ප්‍රතිශතයක් සමාජයෙන්ම එල්ල වන වර්ණවාදී වෙනස්කොට සැලකීම් වලට මුහුණ දෙන බව හෙළි විය.

එමෙන්ම සෑම සිසුන් දස දෙනෙකුගෙන් එක් අයෙකුම වර්ගවාදය නිරීක්ෂණය කරන බවද හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය සහ බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලය, ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම සහ වික්ටෝරියානු හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තු හා එක්ව මෙම සමීක්ෂණය මෙහෙයවා තිබේ.

Racism
Source: AAP

නිරීක්ෂණ බරපතලයි, ඉක්මන් ක්‍රියාමාර්ග අවශ්‍යයයි

මෙම සමීක්ෂණයේදී ලැබුණු නිරීක්ෂණ සහ දත්ත වලින් ඉතා බරපතල තත්ත්වයක් පෙන්නුම් කරන බවත් මේ තත්ත්වය මැඩ පැවැත්වීමට ඉක්මන් පියවර ගත යුතු බවත් මෙම සමීක්ෂණයේ ප්‍රධාන පර්යේෂිකාවක් වන ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Naomi Priest පැවසුවාය.

ළමුන් සහ තරුණ දරුවන් සැමවිටම රැකවරණය මධ්‍යයේ සතුටින් අධ්‍යාපනය ලැබිය යුතු බවත් හැදී වැඩිය යුතු බවත් ඇය අවධාරණය කළාය.

වර්ගවාදය සහ වෙනස්කොට සැලකීම සමාජයෙන් ඉවත් කළ යුතු නමුත් ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසී ළමුන් සහ තරුණ දරුවන් මෙන්ම සුළු ජාතීන්ගෙන් පැමිණෙන දරුවන් තවමත් වර්ගවාදයට සහ වෙනස්කොට සැලකීමට මුහුණ දෙන බව ද මහාචාර්ය Naomi Priest පැවසුවාය.

වර්ගවාදය සහ වෙනස්කොට සැලකීම හරහා පුද්ගලයෙකුගේ ජීවිතය බරපතල හානිදායක තත්ත්වයන්ට මුහුණ පෑමට වැඩි සම්භාවිතාවක් පවතින බවද ඇය සඳහන් කළාය.

තමන්ගේ පාසල් ගුරුවරුන් තමන්ට වෙනස් කොට සලකන බවට ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසී ළමුන්ගෙන් 20% ක් පමණ දන්වා තිබේ.

එමෙන්ම සුළු ජාතික පවුල් පරිසරයකින් පැවත එන සිසුන්ගෙන් 18% ත් 30% ත් අතර ප්‍රතිශතයක් ද එවැනිම වූ අත්දැකීම් වලට මුහුණ දෙන බවද වාර්තා වේ.

Racism
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now