මෙල්බර්න් නුවර Monash විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියව හප්පා ඝාතනය කළ පුද්ගලයින්ව පොලිස් අත්අඩංගුවට. (SBS සිංහල/වාර්තා)

Police

Police Source: AAP

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා (29/08) රාත්‍රියේ මෙල්බර්න් නුවර ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික ජාත්‍යන්තර සිසුවියක් වන නිසලි පෙරේරා මෙනවිය ඝාතනය කළ බවට සැලකෙන පුද්ගලයින් අද (03/09) දහවල් අත්අඩංගුවට ගත් බව වික්ටෝරියානු පොලීසිය නිවේදනය කළේය.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මේ වන විට ඔවුන් දෙදෙනා පොලිස් බාරයේ පසුවන අතර සිද්ධිය පිළිබඳ ඔවුන්ගෙන් විමසීම් කරන බවද සඳහන්.

VIC Police
Source: VIC Police

අනතුර

මෙල්බර්න් නුවර Monash විශ්ව විද්‍යාලයේ Clayton මණ්ඩපය ඉදිරිපිට පදික මාරුවෙන් පාර මාරු වීම සඳහා ගමන් කරන විට මෙම ශ්‍රී ලාංකික සිසුවියව අදාළ පුද්ගලයින් පැමිණි මෝටර් රථයෙන් හප්පා පැනගොස් තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම අනතුර සිදුවී ඇති අතර බරපතල තුවාල ලැබූ නිසලි ජීවිතක්ෂයට පත්ව තිබේ.

පදික මාරුවේ "කොළ පැහැති මිනිසාගේ" රුව දැල්වූ විට නිසලි පාර මාරුවූ බවත් ඇයගේ කිසිදු වැරැද්දක් නොමැති බවත් ඒ ස්ථානයේ CCTV  දර්ශන නැරඹු පොලීසිය පවසයි.

මාර්ගයේ වර්ණ සංඥා එළි රතු පැහැ ගැන්වී තිබූ ඒ අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි අඳුරු පැහැති Mazda මෝටර් රථය රතු පැහැති වර්ණ සංඥා එළි නොතකා ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව මේ වන විට ඔප්පු වී තිබේ.

VIC Police release images in hunt for alleged fatal hit-run driver that killed Sri Lankan International Student.
CCTV Footage the man and the woman over the incident. Source: ABC Australia

මෙල්බර්න් නුවර Monash විශ්ව විද්‍යාලයේ Clayton මණ්ඩපයේ වානිජ සහ ව්‍යාපාර සම්බන්ධ උපාධිය හදාරමින් සිටි නිසලි අවසන් වසරේ අධ්‍යන කටයතු වල පසුවෙමින් සිටි බවද වාර්තා වේ.

එමෙන්ම ඇය සිය පවුලේ එකම දරුවා ලෙසද සඳහන්.

නිසලි පෙරේරා යනු සමාජශීලී කරුණාවන්ත චරිතයක් බවත් වික්ටෝරියානු පොලීසිය තොරතුරු හෙළිකර සිටී.

Melbourne's Monash University Clayton Campus.
Melbourne's Monash University Clayton Campus Source: Wikipedia

සැකකරුවන්

නිසලිගේ ඝාතනයට සම්බන්ධ මේ වන විට පැනගොස් සිටින පුද්ගලයින් දෙදෙනා ගේ CCTV දර්ශන සහ ඡායාරූප වික්ටෝරියානු පොලීසිය ඊයේ මාධ්‍ය වෙත නිකුත් කළේය.

ඒ අනුව 37 හැවිරිදි Shane Cochrane සහ 33 හැවිරිදි Lauren Hindes නමැති දෙදෙනා මේ ඝාතනයට සම්බන්ධ බව වික්ටෝරියානු පොලීසිය පවසයි.

VIC Police release images in hunt for alleged fatal hit-run driver that killed Sri Lankan International Student.
Police want to talk to Shane Cochrane (left) and Lauren Hindes (right) over the fatal hit-and-run collision. Source: Victoria Police

Shane Cochrane නැමැත්තා Bayswater ප්‍රදේශයේද Lauren Hindes නමැත්තිය Clayton ප්‍රදේශයේද වාසය කළ බවට හෙළිවී තිබේ.

VIC Police release images in hunt for alleged fatal hit-run driver that killed Sri Lankan International Student.
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now