ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මත අය කරන බදු වලින් ලැබෙන ආදායම පහත වැටෙමින් පවතින බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මහා මාර්ග ඉදිකිරීමේ අනාගත ව්‍යාපෘති වලට සෘජු බලපෑම් එල්ල වනු ඇතැයි විශ්වාස කෙරේ.

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මත අය කරන බදු
ඔස්ට්‍රේලියාවේ fuel excise හෙවත් ඉන්ධන මත අය කරන බදු යටතේ පහත සඳහන් බදු මුදල් ඒ ඒ ඉන්ධන වර්ගයට අනුකූලව අය කර ගැනේ.
- Unleaded පෙට්‍රල් ලීටරයකට - $0.412
- ඩීසල් ලීටරයකට - $0.412
- LP ගෑස් ලීටරයකට - $0.134
- එතනෝල් ඉන්ධන ලීටරයකට - $0.081
- ජීව ඉන්ධන ලීටරයකට - $0.041

ඉන්ධන මත අය කරන බදු පහත වැටීම
ඔස්ට්‍රේලියාවේ මාර්ග භාවිතා කිරීම සම්බන්ධව ඔස්ට්‍රේලියානු රජයට හිමිවන ප්‍රධාන ආදායම ලැබෙනුයේ ඉන්ධන මත අය කරන බදු වලිනි.
1999 වසරේ සිට මේ දක්වා එම බදු ආදායම 20% කින් පහත වැටී ඇති බව වාර්තා වේ.
නමුත් එම කාලය තුළ ඔස්ට්‍රේලියාවේ මහා මාර්ග භාවිතයේ කැපී පෙනෙන වර්ධනයක් ඇතිවී ඇති බවද අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම ආදායම් බැස්මත් සමග අනාගතයේදී ඔස්ට්‍රේලියාවේ මහා මාර්ග ඉදිකිරීම් සමබන්ධ ව්‍යාපෘති සඳහා රජයට බදු ආදායමෙන් ලැබෙන මුදලට අමතරව විශාල මුදලක් භාණ්ඩාගාරයෙන් නිකුත් කිරීමට සිදුවනු ඇත.
2017/18 වසරේදී ඔස්ට්‍රේලියාවේ මහා මාර්ග ඉදිකිරීම් සමබන්ධ ව්‍යාපෘති සඳහා යෙදවූ මුදල් වලින් 61% ක දායකත්වයක් සපයා තිබුණේ මෙම ඉන්ධන මත අය කරන බදු ආදයමෙනි.
නමුත් එය 2021/22 වසරේදී 32% දක්වා පහත වැටෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ඉන්ධන මත අය කරන බදු පහත වැටීමට හේතු
මෙලෙස ඉන්ධන මත අය කරන බදු පහත වැටීමට ප්‍රධාන හේතු කිහිපයක් සොයාගෙන තිබේ.
ඉන්ධන කාර්යක්‍ෂමතාව ඉහළ තත්ත්වයේ පවතින මෝටර් රථ ඔස්ට්‍රේලියානු මහා මාර්ග වලට එක් වීම එහිදී ප්‍රධානතම සාධකය ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව මහා මාර්ග භාවිත කරන වාහන සංඛ්‍යාව සහ ඉන්ධන මත අය කරන බදු අතර විෂමතාව ඉහළ යමින් පවතී.
ඊට අමතරව විදුලියෙන් ධාවනය කෙරෙන මෝටර් රථ භාවිතය ද කැපී පෙනෙන ලෙස වර්ධනය වෙමින් පැවතීම තවත් ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.
ඒ අනුව ජනගහන වර්ධනය ශීග්‍රයෙන් ඉහළ යාමට සාපේක්ෂව මහා මාර්ග භාවිතය ද ඉහළ යන නමුත් ඉන්ධන මත අය කරන බදු පහත වැටීම සිදුවීම දිගින් දිගටම සිදුවෙමින් පවතී.
මේ තත්ත්වය මගහැර මාර්ග තදබදයද අවම කරගැනීමට නව ආදායම් බදු ආකෘතියක් හඳුන්වා දීමට බලධාරීන් සැරසෙන බවද වාර්තා වේ.
එම ක්‍රමය 'road user network charging' ලෙසින් හැඳින්වේ.
මෙම ක්‍රමය යටතේ යම් රථයක් ධාවනය කෙරෙන දිනය, වේලාව සහ ස්ථාන සමබන්ධ කරගනිමින් බදු අය කිරීම සැකසෙන බව සඳහන්.
ඒ අනුව මහා මාර්ග වල අධික තදබදයක් සහිත වේලාවලදී වාහන ධාවනය කළහොත් වැඩි බදු ප්‍රමාණයක් මෙයින් අය කර ගැනෙයි.


