කුකුළු මස් අනුභව කිරීමෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කරගත හැකි බවට නවතම පර්යේෂණයක් අනාවරණය කරයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පිළිකා පිළිබඳ ජාත්‍යන්තර ජර්නලයේ අගෝස්තු මස ප්‍රකාශනයේ මේ පිළිබඳ වාර්තා වී ඇත.

කුකුළු මස් සහ පියයුරු පිළිකා
පිළිකා පිළිබඳ ජාත්‍යන්තර ජර්නලයේ අගෝස්තු මස ප්‍රකාශනයේ අවධානය යොමුව තිබුණේ රතු මස් සහ කුකුළු මස් ආහාරයට ගැනීම හා පියයුරු පිළිකා අතර ඇති සම්බන්ධය පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමටය.
රතු මස් ආහාරයට ගන්නා කාන්තාවන්ට වඩා කුකුළු මස් ආහාරයට ගන්නා කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු බව එහිදී හෙළිවී තිබේ.
නමුත් මෙම පරීක්ෂණයේ දී එම නිරීක්ෂණ වලට හේතු සහ බලපෑම් මුළුමනින්ම සොයාගත නොහැකි වූ බවද සඳහන්.
ඇතැම් විට කුකුළු මස් වල අඩංගු යම් ආරක්ෂක ගුණාත්මකභාවයන් නිසා මේ තත්ත්වය ඇතිවී ඇති බවට අනුමාන කෙරේ.

පර්යේෂණය
වයස අවුරුදු 35 - 74 වියෙහි පසුවන කාන්තාවන් 42,000 ක් පමණ යොදාගෙන පසුගිය වසර 8 පුරාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ Puerto Rico රාජ්‍යයේ මෙම පර්යේෂණය සිදු කර තිබේ.
එහිදී එක් එක් කාන්තාවගේ මස් අනුභව කිරීමේ ප්‍රමාණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලදී.
එහිදී ඒ ඒ කාන්තාවගේ මස් අනුභව කරන ප්‍රමාණය සටහන් කර එම දත්ත පියයුරු පිළිකා වැළඳීමේ අවදානම සමග විශ්ලේෂණය කර ඇත.
ඒ අනුව හරක් මස්, වහු මස්, ඌරු මස්, බැටළු මස්, දඩ මස් වැනි රතු මස් කුඩා ප්‍රමාණයක් ආහාරයට ගන්නා කාන්තාවන් ට වඩා ඒවා බහුලව ආහාරයට ගන්නා කාන්තාවන් හට 23% ක ප්‍රතිශතයක පියයුරු පිළිකා ඇතිවීමේ ඉහළ අවදානමක් ඇති බව අනාවරණය වී තිබේ.
එමෙන්ම කුකුළු මස්, කළුකුම් මස්, තාරා මස්, පාත්ත මස්, වටු මස් සහ වළි කුකුළු මස් කුඩා ප්‍රමාණයක් ආහාරයට ගන්නා කාන්තාවන් ට වඩා ඒවා බහුලව ආහාරයට ගන්නා කාන්තාවන් හට 15% ක ප්‍රතිශතයක පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති බව අනාවරණය විනි.

අමතර සාධක
පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමට තවත් අමතර සාධක කිහිපයක්ම අනුමාන කළ හැකි බවද එම පර්යේෂකයෝ පවසති.
එම සාධක පහත පරිදි වේ.
- වයස
- ශරීරයේ ස්ථුලතාව
- ආදායම් තත්ත්වය
- අධ්‍යාපන මට්ටම
- ආහාර වේලකින් ලබාගන්නා සම්පූර්ණ ශක්ති ප්‍රමාණය
- මේද වලින් ලබාගන්නා ශක්ති ප්‍රමාණයේ ප්‍රතිශතය
- ආහාරයට ගනු ලබන එළවළු ප්‍රමාණය
- ආහාරයට ගනු ලබන පළතුරු ප්‍රමාණය
- ආහාරයට ගනු ලබන කිරි ආහාර ප්‍රමාණය
- තම දරුවන්ට මව් කිරි ලබාදුන් කාලය


