කුකුළු මස් අනුභව කිරීමෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කරගත හැකි බවට නවතම පර්යේෂණයක් හෙළිකරයි. (SBS සිංහල/ වාර්තා)

breast cancer

Source: Flickr

කුකුළු මස් අනුභව කිරීමෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කරගත හැකි බවට නවතම පර්යේෂණයක් අනාවරණය කරයි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


පිළිකා පිළිබඳ ජාත්‍යන්තර ජර්නලයේ අගෝස්තු මස ප්‍රකාශනයේ මේ පිළිබඳ වාර්තා වී ඇත.
Eating chicken linked to higher risk of cancer in new study
Eating chicken linked to higher risk of cancer in new study Source: Flickr

කුකුළු මස් සහ පියයුරු පිළිකා

පිළිකා පිළිබඳ ජාත්‍යන්තර ජර්නලයේ අගෝස්තු මස ප්‍රකාශනයේ අවධානය යොමුව තිබුණේ රතු මස් සහ කුකුළු මස් ආහාරයට ගැනීම හා පියයුරු පිළිකා අතර ඇති සම්බන්ධය පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමටය.

රතු මස් ආහාරයට ගන්නා කාන්තාවන්ට වඩා කුකුළු මස් ආහාරයට ගන්නා කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු බව එහිදී හෙළිවී තිබේ.
නමුත් මෙම පරීක්ෂණයේ දී එම නිරීක්ෂණ වලට හේතු සහ බලපෑම් මුළුමනින්ම සොයාගත නොහැකි වූ බවද සඳහන්.

ඇතැම් විට කුකුළු මස් වල අඩංගු යම් ආරක්ෂක ගුණාත්මකභාවයන් නිසා මේ තත්ත්වය ඇතිවී ඇති බවට අනුමාන කෙරේ.
breast cancer
Source: AAP

පර්යේෂණය

වයස අවුරුදු 35 - 74 වියෙහි පසුවන කාන්තාවන් 42,000 ක් පමණ යොදාගෙන පසුගිය වසර 8 පුරාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ Puerto Rico රාජ්‍යයේ මෙම පර්යේෂණය සිදු කර තිබේ.

එහිදී එක් එක් කාන්තාවගේ මස් අනුභව කිරීමේ ප්‍රමාණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලදී.

එහිදී ඒ ඒ කාන්තාවගේ මස් අනුභව කරන ප්‍රමාණය සටහන් කර එම දත්ත පියයුරු පිළිකා වැළඳීමේ අවදානම සමග විශ්ලේෂණය කර ඇත.
ඒ අනුව හරක් මස්, වහු මස්, ඌරු මස්, බැටළු මස්, දඩ මස් වැනි රතු මස් කුඩා ප්‍රමාණයක් ආහාරයට ගන්නා කාන්තාවන් ට වඩා ඒවා බහුලව ආහාරයට ගන්නා කාන්තාවන් හට 23% ක ප්‍රතිශතයක පියයුරු පිළිකා ඇතිවීමේ ඉහළ අවදානමක් ඇති බව අනාවරණය වී තිබේ.

එමෙන්ම කුකුළු මස්, කළුකුම් මස්, තාරා මස්, පාත්ත මස්, වටු මස් සහ වළි කුකුළු මස්  කුඩා ප්‍රමාණයක් ආහාරයට ගන්නා කාන්තාවන් ට වඩා ඒවා බහුලව ආහාරයට ගන්නා කාන්තාවන් හට 15% ක ප්‍රතිශතයක පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති බව අනාවරණය විනි.
breast cancer
Source: Press Association

අමතර සාධක

පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමට තවත් අමතර සාධක කිහිපයක්ම අනුමාන කළ හැකි බවද එම පර්යේෂකයෝ පවසති.

එම සාධක පහත පරිදි වේ.

  • වයස
  • ශරීරයේ ස්ථුලතාව
  • ආදායම් තත්ත්වය
  • අධ්‍යාපන මට්ටම
  • ආහාර වේලකින් ලබාගන්නා සම්පූර්ණ ශක්ති ප්‍රමාණය
  • මේද වලින් ලබාගන්නා ශක්ති ප්‍රමාණයේ ප්‍රතිශතය
  • ආහාරයට ගනු ලබන එළවළු ප්‍රමාණය
  • ආහාරයට ගනු ලබන පළතුරු ප්‍රමාණය
  • ආහාරයට ගනු ලබන කිරි ආහාර ප්‍රමාණය
  • තම දරුවන්ට මව් කිරි ලබාදුන් කාලය
breast cancer
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS Insight

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service