ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල අතරින් විශ්ව විද්‍යාල 7 ක් තම ආදායම උදෙසා බරපතල ලෙස චීන ජාතික ජාත්‍යන්තර සිසුන් මත යැපෙන බව නවතම වාර්තාවක් හෙළිදරව් කරයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ තත්ත්වය හේතුවෙන් අදාළ විශ්ව විද්‍යාල ආර්ථික කඩාවැටීමකට ලක්වීමේ බරපතල අවදානමක පසුවන බවත් චීනයේ බලපෑම අනිසි ලෙස ඔස්ට්‍රේලියාවට යොමුවීමේ අවදානමක් ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල චීන ජාත්‍යන්තර සිසුන් මත යැපීම
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල බහුතරයක් චීන ජාත්‍යන්තර සිසුන් මත යැපෙන බවත් ප්‍රධාන විශ්ව විද්‍යාල 7 ක් බරපතල ලෙස චීන ජාත්‍යන්තර සිසුන් මත යැපෙන බවත් libertarian think tank ස්වාධීන ආයතනය සිදුකළ නවතම අධ්‍යනයකින් හෙළිවී තිබේ.
වාර්ෂිකව ඩොලර් මිලියන ගණනක් මෙම චීන ජාත්‍යන්තර සිසුන් හේතුවෙන් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට ලැබෙන බවද සඳහන්.
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල වාර්ෂික මුළු ආදායමෙන් 13% ත් 23% ත් අතර ප්‍රමාණයක් චීන ජාත්‍යන්තර සිසුන්ගෙන් හිමිවන බව මෙම වාර්තාව අනාවරණය කරයි.
මෙහි ඇති ගැටළුව එම සිසුන් චීන ජාතිකයින් වීම නොව ඔවුන්ගේ ප්‍රමාණය අති බහුතරයක් වීම බව එම වාර්තාවේ කර්තෘ Salvatore Babones, SBS පුවත් වෙත පැවසීය.
විදෙස් සිසුන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගැනීම ඉතා යහපත් තත්ත්වයක් වන නමුත් ඔවුන් මතම විශ්ව විද්‍යාල වල ආදායම රදා පැවතීම නිසා ඉහළ අවදානමක් මතුවන බවද ඔහු පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර සිසුන්ගේ සංයුතිය
ඔස්ට්‍රේලියාවේ විශ්ව විදාලයක චීන ජාතික ජාත්‍යන්තර සිසුන් 10% ක ප්‍රමාණයක් හෝ අවම වශයෙන් සිටින බව libertarian think tank වාර්තාව පවසයි.
නමුත් එම විශ්ව විද්‍යාලයට අනෙකුත් සියලු රටවලින් පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රතිශතය 25% ක් පමණ වන බවද සඳහන්.
මේ සඳහා කදිම නිදසුනක් ලෙස සිඩ්නි විශ්ව විද්‍යාලය හැඳින්විය හැකි බවත් එහි සෑම සිසුන් 10 දෙනෙකුගෙන් එක් සිසුවෙකුම චීන ජාතික ජාත්‍යන්තර සිසුවෙකු බව මෙම වාර්තාවේ කර්තෘ Salvatore Babones, SBS පුවත් වෙත පැවසීය.

අවදානම් තත්ත්වය
ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල මෙවැනි බරපතල ආකාරයේ චීන ජාතික ජාත්‍යන්තර සිසුන් විශාල සංඛ්‍යාවක් සිටීම ඔස්ට්‍රේලියාවට පැති කිහිපයකින් අවදානම් සහගත තත්ත්වයන් ඇති කිරීමට හැකි බව libertarian think tank වාර්තාව පවසයි.
දේශපාලනික, ආර්ථික සහ සාමාජීය වශයෙන් මෙම අවදානම් තත්ත්වයන් මතු විය හැකි බව libertarian think tank වාර්තාවේ කර්තෘ Salvatore Babones, SBS පුවත් වෙත පැවසීය.
උදාහරණයක් ලෙස මේ වන විට ඇමෙරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය හේතුවෙන් යම් මොහොතක බටහිර රටවල ඉගෙනුම ලබන සියලුම චීන ජාතික ජාත්‍යන්තර සිසුන්ව චීනයට නැවත කැඳවුවහොත් ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල විශාල ආර්ථික කඩා වැටීමකට ලක්වන බව Salvatore Babones පැවසීය.
එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය වැනි චීන දේශපාලන පක්ෂ වලින් ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන චීන ජාතික ජාත්‍යන්තර සිසුන්ට අනිසි බලපෑම් ඇතිවිය හැකි බවත් ඒ හරහා ඔස්ට්‍රේලියාවේ ස්වාධීනත්වයට සහ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවිය හැකි බවත් පැවසේ.
චීනය සමග ඇතිකරගැනීමට සූදානම් වන උදර්පණ නීතියට විරුද්ධව මේ දිනවල ක්‍රියාත්මක වන හොංකොං විරෝධතා වලට විරෝධය පාමින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන චීන ජාත්‍යන්තර සිසුන් දහස් ගණනක් පසුගියදා විරෝධතා ව්‍යාපාරයක නිරතවීම මේ සඳහා කදිම නිදසුනකි.

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සඳහා නව අචාර ධර්ම පද්ධතියක්
ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට එල්ල වෙමින් පවතින විදෙස් මැදිහත්වීම් වලට සාර්ථකව මුහුණ දීම සඳහා ශක්තිමත් අචාර ධර්ම පද්ධතියක් නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සමග එක්ව කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂය ඇතුළු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට එල්ල විය හැකි අනෙකුත් විදේශීය බලපෑම් පිළිබඳ ලිබරල් සන්ධාන රජයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පසුගිය සතියේදී අවධාරණය කර සිටියහ.
චීනය සමග ඇතිකරගැනීමට සූදානම් වන උදර්පණ නීතියට විරුද්ධව මේ දිනවල ක්‍රියාත්මක වන හොංකොං විරෝධතා වලට විරෝධය පාමින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන චීන ජාත්‍යන්තර සිසුන් දහස් ගණනක් විරෝධතා ව්‍යාපාරයක නිරතවීමත් සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දැඩි අවධානය මේ සඳහා යොමු විය.
මෙම නව අචාර ධර්ම පද්ධතිය යටතේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළදී කතා කිරීමේ නිදහස, එක් රැස්වීමේ නිදහස වැනි ක්‍රියා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පැවසීය.


