ඔස්ට්‍රේලියාවේ cleaning සහ courier ක්ෂේත්‍ර වල ව්‍යාපාරකයින් හට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් ලැබුණු අලුත්ම අනතුරු ඇඟවීම මෙන්න. (SBS සිංහල/වාර්තා)

Cleaner, courier pay under ATO microscope.

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ cleaning සහ courier ක්ෂේත්‍ර වල ව්‍යාපාරකයින් හට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නවතම අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඉහත ක්ෂේත්‍ර වල නිරත ව්‍යාපාරකයින් තමන්ගේ යටතේ සේවය කරන සේවකයින්ට ගෙවනු ලබන සියලුම ගෙවීම් වල නිවැරදි හා පූර්ණ විස්තර ඇතුළත් වාර්ෂික වාර්තාවක් (taxable payments annual report) අගෝස්තු 28 වන දිනට පෙර යොමු කරන ලෙසට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දන්වා සිටියි.

Cleaner, courier pay under ATO microscope.
Source: SBS

Cleaning සහ courier ක්ෂේත්‍ර වල ගෙවීම්

ඔස්ට්‍රේලියාවේ cleaning සහ courier ක්ෂේත්‍ර වල නිරත සියලු කොන්ත්‍රාත්කරුවන්ට සහ උප කොන්ත්‍රාත්කරුවන්ට 2018/19 මුල්‍ය වර්ෂයේදී ගෙවනු ලැබූ සියලුම ගෙවීම් ඉහත වාර්තාවේ ඇතුළත් විය යුතු බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

එම ව්‍යාපාර කොන්ත්‍රාත්කරුවන්ට සහ උප කොන්ත්‍රාත්කරුවන්ට සිදුකළ අත්පිට මුදල් ගෙවීම් (cash payments) පවා එම වාර්තාවේ ඇතුළත් කළ යුතු බවට සඳහන් වේ.

මීට පෙර ක්‍රියාත්මක නොවූ අන්දමේ නව ආදායම් වියදම් වාර්තා කිරීමේ ක්‍රමයක් යටතේ මේ තොරතුරු විමර්ශනය කිරීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සූදානම් වේ.

අදාළ ක්ෂේත්‍ර වල නිවැරදි අන්දමින් කටයුතු කරන ව්‍යාපාර දිරිගැන්වීම සඳහා මෙම නව ක්‍රමය උපයෝගී වනු ඇතැයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහාකාර කොමසාරිස් Peter Holt, The Age පුවත්පතට පැවසීය.

Cleaner, courier pay under ATO microscope.
Source: Flickr

සමාගම් 70,000 ක් තවමත් ගෙවීම් තොරතුරු ලබා දී නැහැ

මේ වන විට cleaning සහ courier ක්ෂේත්‍ර වල ව්‍යාපාර 30,000 ක් පමණ අදාළ ගෙවීම් තොරතුරු ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට ලබාදී ඇති නමුත් තවත් සමාගම් 70,000 ක් පමණ තවමත් එම තොරතුරු වාර්තා කර නොමැති බවද සඳහන්.

යම් ව්‍යාපාරයක් මුළුමනින්ම  cleaning සහ courier සේවා ලබා නොදුන්නද එම සේවා තම වාර්ෂික පිරිවැයෙන් 10% කට වඩා වැඩිනම් අදාළ ව්‍යාපාරද මෙම තොරතුරු වාර්තා කළ යුතු වේ.

මෙම ක්‍රමවේදය වසර 2012 දී ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ස්ථාපනය කළ අතර එහිදී මධ්‍යම රජයට අහිමිවී ගිය බදු මුදල් ඩොලර් බිලියන ගණනක් නැවත රජයට ලබාගැනීමට හැකියාව ලැබුණි.

2015/16 මුල්‍ය වර්ෂයේදී එලෙස ලබාගත් බදු මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 2.7 කි.

Cleaner, courier pay under ATO microscope.
Source: Flickr

කළු සල්ලි ගැවසෙන ප්‍රධානතම ක්ෂේත්‍ර දෙකක්

ඔස්ට්‍රේලියාවේ Black Economy ක්‍රියාත්මක වන හෙවත් කළු සල්ලි ගැවසෙන ප්‍රධානතම ක්ෂේත්‍ර දෙකක් ලෙස  cleaning සහ courier ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති අතර නියම අන්දමින් ආදායම් - වියදම් වාර්තා නොකිරීමේ දැඩි අවදානමක් එම ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක බව වාර්තා වේ.

එනිසා අදාළ ක්ෂේත්‍ර වල සේවය කරන සියලුම කොන්ත්‍රාත්කරුවන්ට සහ උප කොන්ත්‍රාත්කරුවන්ට ගෙවනු ලබන මුදල් ප්‍රමාණය ලබාගැනීමෙන් එම ව්‍යාපාර වල නියම ආදායම නිරීක්ෂණය කිරීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට හැකියාවක් ලැබේ.

බොහෝ විට  cleaning සහ courier සේවා සපයන ව්‍යාපාර තම සත්‍ය ආදායම සඟවා සිය ආදායම් - වියදම් තොරතුරු වාර්තා කරන අතර එම නිසා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට ඩොලර් මිලියන ගණනක් වාර්ෂිකව අහිමිවන බවද වාර්තා වේ.

Cleaner, courier pay under ATO microscope.
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now