ඔස්ට්‍රේලියාවේ පුද්ගලික අංශයේ සේවක වැටුප් වර්ධනය එක තැන පල් වෙද්දී රාජ්‍ය අංශයේ වැටුප් වර්ධනය ඉහළ යයි. (SBS සිංහල/වාර්තා)

wages

Source: AAP

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික අංශයේ සේවක වැටුප් වල කැපී පෙනෙන වර්ධනයක් සිදු නොවී එකම තලයක පැවත එන බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

 

පසුගිය මාස තුන පිළිබඳ සලකා බැලූ විට ඔස්ට්‍රේලියාවේ පුද්ගලික අංශයේ සේවක වැටුප් වල තීව්‍ර වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බවද සඳහන්.

wages
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය

පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ  wage price index හෙවත් වැටුප් මිල දර්ශකය 0.6% කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධනය 2.3% මට්ටමේම ස්ථාවර වී ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය අංශයේ වැටුප් සුළු ප්‍රතිශතයකින් පසුගිය කාර්තුවේදී ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.

0.8% ක් වැනි ප්‍රතිශතයකින් රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

මේ අතර ප්‍රාන්ත හා ටෙරිටරි සමග සංසන්දනය කිරීමේදී රාජ්‍ය අංශයේ වැඩිම වැටුප් වර්ධකයක් හිමිව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයටය.

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය කාර්තුවේදී රාජ්‍ය අංශයේ වැටුප් 1.5% කින් වැඩිවී ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.

නමුත් පුද්ගලික අංශයේ වැටුප් වර්ධනය 0.5% ක ප්‍රතිශතයකින් සිදුව ඇති අතර එය තවමත් 2.3% මට්ටමේ පවතී.

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික අංශයේ වැටුප් වර්ධනය අඩුවෙන්ම වාර්තා වන Northern Territory හි පසුගිය වසර පුරාවට පුද්ගලික අංශයේ වැටුප් වර්ධනය වී ඇති ප්‍රතිශතය 1.6% ක් බවද වාර්තා වේ.

මේ අතර රාජ්‍ය හා පුද්ගලික යන අංශ ද්විත්වයේම වැටුප් වර්ධනය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින්නේ වික්ටෝරියානු ප්‍රාන්තයේ බවද සඳහන්.

wages
Source: AAP

ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය ස්ථාවර මට්ටමේ පැවතීමට හේතු

ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය ස්ථාවර මට්ටමේ පැවතීමට ප්‍රධානතම සාධකය ලෙස රාජ්‍ය අංශයේ වැටුප් වර්ධනය දැක්විය හැකි බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Bruce Hockman, The Age පුවත්පතට පැවසීය.

එහිදී රාජ්‍ය සේවයේ සෞඛ්‍ය අංශය සහ සමාජ සේවා අංශය වැඩි දායකත්වයක් දක්වා ඇති බව ද ඔහු පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශයේ වැටුප් වර්ධනය 3.3% කින් පසුගිය වසර පුරාවට ඉහළ නැග ඇති අතර අන් සෑම ක්ෂේත්‍රයකටම වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් වර්ධනය වේගවත් බව  ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Bruce Hockman පැවසීය.

මේ අතර අඩුම වැටුප් වර්ධන වේගයක් සටහන්ව ඇත්තේ තොග වෙළෙඳාම් ක්ෂේත්‍රයේ බවත් එය 1.7% ක් බවත් සඳහන්.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධන වේගය 3.5% මට්ටමේ හෝ ඒ හා සමාන මට්ටමක දැකීමට තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති ආචාර්ය Philip Lowe පසුගිය සතියේදී පැවසුවේය.

wages
Source: SBS

ඔස්ට්‍රේලියාවේ අවම වැටුප

පසුගිය ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ අවම වැටුප 3% කින් ඉහළ දැමීමට Fair Work කොමිසම 2019 ජුනි මාසයේදී තීරණය කළේය.

මේ හරහා ඔස්ට්‍රේලියාවේ සේවය කරන මිලියන 2.3 ක පමණ සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවූ බව ද වාර්තා වේ.

නව සංශෝධනයත් සමග පසුගිය ජූලි 01 වන දින සිට අවම වැටුප් ලබන පූර්ණ කාලීන සේවකයෙකුගේ වැටුප සතියකට $21.60 කින් ඉහළ නැංවිණි.

ඒ අනුව වත්මනය වන විට ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන සේවකයෙකුගේ නව අවම වැටුප සතියකට $740.80 ක් වෙයි.

wages
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now