ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ නිපුණතා සංක්‍රමණිකයින් ගැන ආගමන කටයුතු අමාත්‍යවරයා සිදුකළ නවතම හෙළිදරව්ව. (SBS සිංහල/ වාර්තා)

Immigration

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්, නිපුණතා සංක්‍රමණිකයින් සහ ප්‍රාදේශීය කලාප වෙත වැඩිපුර සංක්‍රමණිකයින් යොමු කිරීම  පිළිබඳ තමන් වැඩි අවධානයක් යොමු කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පවසයි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මෙම වසර ඔස්ට්‍රේලියානු ආගමන හා සංක්‍රමණික කටයුතු ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු කෙරෙන බවටද එහිදී පැහැදිලි කෙරිණි.
Immigration
Source: AAP

ජාත්‍යන්තර සිසුන් සහ නිපුණතා සංක්‍රමණිකයින්

ජාතියක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ සාර්ථකත්වයට මූලිකම අඩිතාලම සංක්‍රමණිකයින් හා ආගමන කටයුතු බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman, පසුගිය සතියේ Sydney Institute හි පැවති දේශනයකදී පැවසීය.

නමුත් ආගමන ක්ෂේත්‍රය පිළිබඳ පැහැදිලි දැක්මකින් කටයුතු කළ යුතු බව ද එහිදී ඔහු පැවසීය.
මේ අතර ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාවෙන් උපරිම ඵල නෙලාගැනීම සඳහා විදෙස් සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල ජීවත්වී රැකියා කිරීම කෙරෙහි තම මූලික අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.

එහිදී ජාත්‍යන්තර සිසුන් සහ නිපුණතා සංක්‍රමණිකයින් විශේෂ ස්ථානයක් ගන්නා බව හෙළිවූ අතරම වැඩිපුර  නිපුණතා සංක්‍රමණිකයින් පැමිණීම ඉතා යහපත් තත්ත්වයක් බවද අමාත්‍ය David Coleman පෙන්වා දුන්නේය.
Immigration
Source: Flickr

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව

පසුගිය මුල්‍ය වර්ෂය තෙක් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව පැවතියේ 190,000 ක් ලෙසය.

නමුත් 2019/20 මුල්‍ය වර්ෂයේ සිට එය 160,000 දක්වා කප්පාදු කිරීමට වත්මන් ලිබරල් සන්ධාන රජය පසුගිය වසරේදී තීරණය කළේය.

එම කෝටාවෙන්  නිපුණතා සංක්‍රමණිකයින් හට 70% ක පමණ ඉඩක් හිමිවන බවද සඳහන්.
2019/20 මුල්‍ය වර්ෂයේ සිට වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 දක්වා කප්පාදු කිරීමට මධ්‍යම රජය තීරණය කළද ඊට පෙර මුල්‍ය වසර දෙකෙහිද සංක්‍රමණික කෝටාවෙන් අවස්ථාව ලබා දී තිබුණේ 163,000 ක් වැනි ප්‍රමාණයකට ය.

විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුළ නිපුණතා සංක්‍රමණිකයින් සඳහා නිපුණතා සංක්‍රමණික වීසා නිකුත් කිරීම දැඩි ලෙස පහත දැමීමට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කළේය.
Immigration
Immigration Minister David Coleman with Australian PM Scott Morisson. Source: AAP

ජාත්‍යන්තර සිසුන් ඉතා වැදගත්

ජාත්‍යන්තර සිසුන් සඳහාවූ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ඔස්ට්‍රේලියාවට අතිශය වැදගත් බවත් එය තම රජයේ ආගමන ප්‍රතිපත්ති වල ප්‍රධාන අංශයක් බවත් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පැවසීය.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් ඩොලර් බිලියන 35 ක අපනයන කර්මාන්තයක් බවත් ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණික ක්ෂේත්‍රයේ ප්‍රධාන පුරුක ජාත්‍යන්තර සිසුන් බවත් අමාත්‍යවරයා පැවසීය.

පසුගිය වසරේ තිරිඟු අපනයනයෙන් ලැබී ඇත්තේ ඩොලර් බිලියන 4 ක් සහ හරක් මස් අපනයනයෙන් ලැබී ඇත්තේ ඩොලර් බිලියන 8.5 ක් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
Immigration
Source: Flickr

ජාත්‍යන්තර සිසුන්ව ප්‍රාදේශීය කලාප වෙත යාමට උනන්දු කරවීම

මෙල්බර්න්, සිඩ්නි වැනි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ජාත්‍යන්තර සිසුන් ප්‍රාදේශීය කලාප වෙත යාම උනන්දු කරවීම ලිබරල් සන්ධාන රජයේ තවත් එක් ප්‍රධාන පියවරකි.

එමෙන්ම පශ්චාත් උපාධි අධ්‍යන වීසා හිමියන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල වාසය කරමින් රැකියා කිරීමට තෝරාගන්නේ නම් ඔවුන්ට තවත් අමතර වසරක කාලයක වීසාවක් ලබා දීමටද මධ්‍යම රජය තීරණය කර තිබේ.
මේ සියලු කරුණු සාක්ෂාත් කරගැනීමට එළඹෙන නොවැම්බර් 16 සිට නව ප්‍රාදේශීය වීසා ඛාණ්ඩ ද්විත්වයක් ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

වසර 5 ක පූර්ණ කාලීන රැකියා වීසාවක් ලෙස නිකුත් කෙරෙන මෙම නව වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමටද හැකියාව ඇත.

නමුත් ඒ සඳහා වසර 3ක් අදාළ ප්‍රාදේශීය කලාපයේ වාසය කරමින් පූර්ණ කාලීනව රැකියා කිරීම ප්‍රධානතම කොන්දේසිය බවට දක්වා තිබේ.
Immigration
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service