2019 වසර ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති වල බරපතල සංශෝධන රාශියක් සිදුවන වසරක් බවට පත්ව තිබේ.
ඔස්ට්‍රේලියාවේ එළඹෙන නව මුල්‍ය වර්ෂයේ සිට 190,000 කව පැවතුණු වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 දක්වා 30,000 කින් අඩු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට තීරණය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඊට අමතරව නව වීසා වර්ග කිහිපයක් හඳුන්වා දීමටත් නිපුණතා සංක්‍රමණික වීසා ධාරාවේ ලකුණු ක්‍රමය වෙනස් කිරීමටත් මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.

නිපුණතා සංක්‍රමණික වීසා ධාරාවේ ලකුණු ක්‍රමයේ වෙනස්කම්
මේ වසරේ අග භාගයේදී හඳුන්වා දීමට නියමිත 491 නව වීසා උප ඛාණ්ඩය ඇතුළුව 489,189 සහ 190 යනාදී සියලු නිපුණතා සංක්‍රමණික (General Skilled Migration) වීසා සඳහා අදාළ වන ලකුණු ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.
මෙම සංශෝධන බොහෝ විට එළඹෙන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අදහස් කර සිටින බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සමත් සංක්‍රමණිකයින් වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත කිරීම මෙම සංශෝධන වල මූලික අරමුණ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැහැදිලි කරයි.
මෙම සංශෝධිත නව ලකුණු ක්‍රමයට අනුව සහකරුවන් සිටින අයදුම්කරුවන්ට සහ තනිකඩ අයදුම්කරුවන්ට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් පිරිනැමීමට මධ්‍යම රජය අදහස් කර සිටින අතර සහකරුවාගේ හෝ සහකාරියගේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය අනුව තවත් අමතර ලකුණු හිමිවෙයි.

නව ලකුණු
- ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වාසය කරමින් රැකියා කිරීමට එකඟ වීම මත ඔස්ට්‍රේලියාවේ යම් ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයක් මගින් හෝ ප්‍රාදේශීය කලාපයක වාසය කරන පවුලේ සාමාජිකයෙකු විසින් අනුග්‍රහය දැක්වීම - ලකුණු 15
- සහකරුගේ හෝ සහකාරියගේ නිපුණතාව (අධ්‍යාපන සුදුසුකම්) ඔස්ට්‍රේලියානු ඇගයීම් වලට වලංගුතාවක් දැක්වීම - ලකුණු 10
- විශේෂිත වූ විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිතය (STEM) අධ්‍යාපනික සුදුසුකම් සඳහා - ලකුණු 10
- සහකරුගේ හෝ සහකාරියගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයට (competent English) - ලකුණු 5
- සහකරුවෙකු හෝ සහකාරියෙකු නොමැති ප්‍රධාන අයදුම්කරුවන්ට - ලකුණු 10

ලකුණු තත්ත්වය සමවූ විට අයදුම්පත් සලකා බැලීමේ ප්‍රමුඛතාව පහත සඳහන් පිළිවෙලට සිදුවෙයි.
01. සහකරුගේ හෝ සහකාරියගේ නිපුණතාව (අධ්‍යාපන සුදුසුකම්) ඔස්ට්‍රේලියානු ඇගයීම් වලට වලංගුතාවක් දක්වන විට එම ප්‍රධාන අයදුම්කරුවන්ගේ අයදුම්පත්.
02. සහකරුවෙකු හෝ සහකාරියෙකු නොමැති ප්‍රධාන අයදුම්කරුවන්ගේ අයදුම්පත්.
03. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් සහිත සහකරුවෙකු හෝ සහකාරියක සිටින ප්‍රධාන අයදුම්කරුවන්ගේ අයදුම්පත්.
04. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් නොමැති සහ ඔස්ට්‍රේලියානු ඇගයීම් වලට වලංගුතාවක් දක්වන නිපුණතාව (අධ්‍යාපන සුදුසුකම්) නොමැති සහකරුවෙකු හෝ සහකාරියෙකු සිටින ප්‍රධාන අයදුම්කරුවන්ගේ අයදුම්පත්.

Regional Sponsored Migration Scheme වසා දමයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක අනුග්‍රාහකයෙකු හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි Regional Sponsored Migration Scheme හෙවත් RSMS වීසා (උප ඛාණ්ඩ 187) මේ වසර අග භාගයේදී නවතා දැමීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
ඒ වෙනුවට 494 වීසා උප ඛාණ්ඩය යටතේ නව ප්‍රාදේශීය වීසා දෙකක් නොවැම්බර් මාසයේ පටන් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

