පසුගිය වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරිවරුන් (Accountants) කැපී පෙනෙන සංඛ්‍යාවකින් වැඩිවී ඇති බවත් ඉදිරි පස් වසර තුළ එය තවදුරටත් වර්ධනය වනු ඇති බවටත් වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඔස්ට්‍රේලියාවේ රැකියා පිළිබඳ මූලික දත්ත එක් රැස් කරන සහ විශ්ලේෂණය කරන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ joboutlook වෙබ් අඩවිය පළ කළ නවතම දත්ත අනුව මේ බව සඳහන් වේ.

ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරිවරුන්
2018 වසර වන විට ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරිවරුන් 199,200 ක් වාර්තා වූ බවත් 2023 වසර වන විට එය 207,200 දක්වා ඉහළ යනු ඇති බවත් joboutlook වෙබ් අඩවිය වාර්තා කරයි.
ගණකාධිකාරී ක්ෂේත්‍රයේ නව රැකියා බිහිවීමට නව රැකියා උත්පාදනය හේතුවක් වන නමුත් පවතින රැකියා හැර යාම නිසා ඇතිවන පුරප්පාඩු මත රැකියා බිහිවීම ප්‍රධානතම හේතුව වේ.
ඉදිරි වසර 5 ඇතුළත ඔස්ට්‍රේලියාව තුළ ගණකාධිකාරී ක්ෂේත්‍රයේ රැකියා 84,000 ක් පමණ ඇතිවනු ඇතැයි මේ වන විට අනාවැකි පළ වන අතර එම ප්‍රමාණය වසරකට 16,800 ක් පමණ වේ.
ගණකාධිකාරී ක්ෂේත්‍රය යනු ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳ පොළේ විශාල ඉඩක් හිමිකරගෙන ඇති රැකියා ක්ෂේත්‍රයකි.
ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම එක හා සමාන ලෙස ගණකාධිකාරී රැකියා පැතිරී පවතී.
පූර්ණ කාලීන ගණකාධිකාරීවරයෙකුගේ සතියක සාමාන්‍ය ආදායම ඩොලර් 1400 ක් පමණ වේ.
ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරී ක්ෂේත්‍රයේ නියැලී සිටින බහුතරයක් දෙනා පූර්ණ කාලීන රැකියා කරන අතර එය ප්‍රතිශතයක් ලෙස 81.5% කි.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරී ක්ෂේත්‍රයේ නියැලී සිටින 48.2% ක පිරිස කාන්තාවන් බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරී ක්ෂේත්‍රයේ බහුලව පවතින රැකියා
- Accountant (General)
- Management Accountant
- Cost Accountant
- Taxation Accountant, Agent හෝ Consultant
- Taxation Agent
- Taxation Consultant
- Finance Manager
- Auditor
- Corporate Treasurer
- Financial Investment Adviser
- Financial Investment Manager
- Accounting Clerk
- Bookkeeper

ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරී ක්ෂේත්‍රයට පිවිසීමේ සුදුසුකම්
ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරී ක්ෂේත්‍රයට පිවිසීම සඳහා අවම වශයෙන් පහත සුදුසුකම් සැපිරිය යුතුවේ.
- ගණකාධිකාරී ක්ෂේත්‍රයට සම්බන්ධ උපාධියක් හෝ ඊට ඉහළ අධ්‍යපාන සුදුසුකම්.
- ගණකාධිකාරී ක්ෂේත්‍රයට සම්බන්ධ වසර 5 ක අවම පළපුරුද්ද.
- ගණකාධිකාරී ක්ෂේත්‍රයට සම්බන්ධ අමතර අධ්‍යාපනික සුදුසුකම්.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරී ක්ෂේත්‍රයේ සේවය කරන සෑම ගණකාධිකාරීවරුන් 5 දෙනෙකුගෙන් 4 දෙනෙකු හටම විශ්ව විද්‍යාල උපාධියක් ඇති බවද වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

