ඔස්ට්‍රේලියාවේ මිලියන 3කටත් අධික ජනතාවක් දුප්පත් බවින් පෙළෙන බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

poverty line in Australia

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය මේ වන විට 4.9% මට්ටමේ පවතියි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

එය පසුගිය වසර කිහිපය තුළ 5.5% - 4.9% ත් අතර උච්ඡාවචනය වෙමින් පවතින අතර විවධ සාධක ඒ සඳහා බලපා තිබේ.

File image
Source: Press Association

විරැකියාව සහ ඔස්ට්‍රේලියාවේ Newstart දීමනාව

කැන්බරා විශ්ව විද්‍යාලයේ නව ආර්ථික ආකෘතියකට අනුව ඔස්ට්‍රේලියාවේ දරිද්‍රතාව පහළ හෙලීමටත් එමගින් ඔස්ට්‍රේලියාව තුළ ආර්ථික විෂමතාව අවම කිරීමටත් විරැකියාවෙන් පෙළෙන උදවියට ලබාදෙන ආර්ථික ප්‍රතිලාභ වැඩි කළ යුතු බවට යෝජනා කර තිබේ.

මේ අතර දැනට ලබා දෙන Newstart දීමනාව සතියකට ඩොලර් 75 කින් ඉහළ දැමුවහොත් එය වයස අවුරදු 25 ත් 36 ත් අතර පිරිස් වෙත විශාල ධනාත්මක බලපෑමක් සිදුකරන බව සමාජ සහ ආර්ථික ආකෘති පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NATSEM) පෙන්වා දෙයි.

මෙය සමස්ත ඔස්ට්‍රේලියවටම බලපාන ආකාරයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ හරහා පහත මැතිවරණ බලප්‍රදේශ වලට ඉහළම වාසි අත්වන බව ඔවුන් පෙන්වා දෙයි.

poverty line in Australia
Source: ABC Australia

ඔස්ට්‍රේලියාවේ දුප්පත්කම

ලොව poverty line හෙවත් දරිද්‍රතා රේඛාව ලෙස මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ දිනකට ඩොලර් 1.90 ක්වූ ආදායම වේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ මිලියන 3 කට අධික පිරිසක් එම දරිද්‍රතා රේඛාවට පහළ ආදායමක් ලබන බව Poverty in Australia 2018 වාර්තාව පවසයි.

එයින් 50% ක් ම අයත්වන්නේ මධ්‍යම ආදායමක් ලබන පවුල් බවත් එම පිරිසට දරුවන් 739,000 ක් පමණ ඇතුළත් වන බවත් වාර්තා වේ.

Poverty in Australia 2018 වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ සෑම වැඩිහිටියන් 8 දෙනෙකුගෙන් එක් අයෙකු දරිද්‍රතාවෙන් පෙළෙන බව සඳහන්.

එමෙන්ම සෑම දරුවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුම දුප්පත් බැවින් පෙලෙන බව සඳහන්.

මේ අතර OECD අධ්‍යන වාර්තාවකට අනුව ඔස්ට්‍රේලියාවේ විරැකියාවෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් 53.5% ක් ම දරිද්‍රතාවෙන් පෙළෙන බව වාර්තා වේ.

OECD රටවල් 33 න් ඔස්ට්‍රේලියාවේ විරැකියා ජනගහනය ලොව දෙවනියට දුප්පත්ම පිරිස බවට වාර්තා වේ.

එහිදී ඔස්ට්‍රේලියාව දෙවැනි වන්නේ කැනඩාවට පමණි.

poverty line in Australia
Source: AFP, Getty

OECD රටවල දුප්පත්ම විරැකියා ජනගහනය ඇති රටවල් 5

01. කැනඩාව

02. ඔස්ට්‍රේලියාව

03. එස්ටෝනියාව

04. ජර්මනිය

05. කොරියාව

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now