විදේශ ගමන් බලපත්‍රවල බලවත්කම මනිනු ලබන ලොව ප්‍රධාන දර්ශකයක් වන Henley Passport දර්ශකයේ 2019 ශ්‍රේනිගත කිරීම් වලට අනුව ජපාන, සිංගප්පූරු සහ දකුණු කොරියානු විදේශ ගමන් බලපත්‍ර වලට පළමු ස්ථානය හිමිව තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
විදේශ ගමන් බලපත්‍ර වල බලවත්කම මනිනු ලබන ලොව අනෙක් ප්‍රධාන දර්ශකය ලෙස Global Passport Power Rank හැඳින්වේ.

2019 Henley Passport දර්ශකය
2019 Henley Passport දර්ශකයේ පළමු ස්ථානය ජපාන, සිංගප්පූරු සහ දකුණු කොරියානු විදේශ ගමන් බලපත්‍ර වලට හිමිව තිබේ.
එම විදේශ ගමන් බලපත්‍ර වලට වීසා නොමැතිව රටවල් 189 කට යාමට හැකි බව 2019 Henley Passport දර්ශකය වාර්තා කරයි.
මෙවර මෙම දර්ශකයේ දෙවැනි ස්ථානය හිමව ඇත්තේ ජර්මනියට වන අතර ජර්මානු විදේශ ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව රටවල් 188 කට යාමට හැකි බව සඳහන්.
ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ඉතාලිය සහ ස්වීඩනය යන රටවල විදේශ ගමන් බලපත්‍ර සඳහා මෙවර දර්ශකයේ තුන්වන ස්ථානය හිමිව ඇත්තේ වීසා නොමැතිව රටවල් 187 කට ගමන් කිරීමට හැකියාව ලබා දීම හේතුවෙනි.
මේ අතර ලක්ෂම්බර්ග් සහ ස්පාඤ්ඤය යන රටවල විදේශ ගමන් බලපත්‍ර සිව්වන ස්ථානය හිමි කරගෙන ඇති අතර එම විදේශ ගමන් බලපත්‍ර වලින් රටවල් 186කට වීසා නොමැතිව යා හැකි බව පැවසේ.
ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය, නෝර්වේ, පෘතුගාලය, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල ගුවන් විදේශ බලපත්‍ර පස්වන ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 185 කට වීසා නොමැතිව යාමට අවස්ථාව උදා කර දෙමිනි.

ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය
2019 Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 9 වන ස්ථානය වන අතර ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයට වීසා නොමැතිව රටවල් 181 කට ගමන් කළ හැකි වෙයි.
2018 Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට හිමිවුයේ 7 වන ස්ථානය වන අතර එහිදී වීසා නොමැතිව රටවල් 183 කට ගමන් කළ හැකිව තිබුණි.
නමුත් යුක්රේනය සහ තුර්කිය ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට visa-on-arrival ක්‍රමයට වීසා ලබාදීම අත්හිටවූ නිසා මෙවර දර්ශකයේදී ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයට ස්ථාන 2ක් පල්ලම් බැසීමට සිදුව ඇත.
නවසීලන්තය සහ අයිස්ලන්තයද 2019 Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 9 වන ස්ථානයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය
2018 Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකා ගුවන් විදේශ බලපත්‍රයට 95 වන ස්ථානය හිමිව ඇති අතර එමගින් වීසා නොමැතිව යා හැකි රටවල් ප්‍රමාණය 43 ක් බව දැක්වෙයි.
පසුගිය වසරේ මෙම දර්ශකයේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට හිමිවූයේ 93 වන ස්ථානය වේ.
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට visa-on-arrival ඇතුළුව වීසා නොමැතිව යාහැකි රටවල් 43 පහත පරිදි වේ.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

