ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදී තම ඇගයීම් සහ විභාග වලදී වංචා කරනු ලබන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැනවීමට වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හොබවන ලිබරල් සන්ධානය සූදානම් වෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල පාඨ මාලා හැදෑරීමේදී ඒ හා සම්බන්ධ ඇගයීම් සහ විභාග වලදී බාහිර පුද්ගලයින්ගේ සහය ලබාගැනීම මෙන්ම වෙනත් පුද්ගලයෙකු හෝ ආයතනයක් හරහා තම ඇගයීම් (Assignments) කරගැනීම වර්තමානය වන විට බහුලව සිදුවන බවට වාර්තා වේ.

වංචාකාරී සරසවි සිසුන්ට දැඩි දඬුවම්
තම විශ්ව විද්‍යාල අධ්‍යන කාලයේදී යම් පුද්ගලෙයකු Contract Cheating හෙවත් ඉහත සඳහන් ඇගයීම් හෝ විභාග වංචා වලට හසුවුවහොත් එම පුද්ගලයාට සහ ඊට සම්බන්ධ පාර්ශව වලට ඩොලර් 210,000 දක්වා දඩ මුදලක් ගෙවීමට හෝ වසර 2ක් දක්වා වූ සිරගත කිරීමකට මුහුණ දීමට හෝ සිදුවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan, SBS පුවත් සේවයට පැවසීය.
අවංකව වෙහෙසවී අධ්‍යාපන කටයුතු සිදුකරන විශ්ව විද්‍යාල සිසුන්ට මෙවැනි වංචාසහගත සිසුන් නිසා දැඩි අසාධාරණයක් සිදුවන බවත් එනිසාම අවංකව තම අධ්‍යාපනය කරන විශ්ව විද්‍යාල සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමටත් මෙම තීරණය ගත් බව අමාත්‍ය Dan Tehan වැඩි දුරටත් පැවසීය.
මෙය නීතියක් ලෙස බලාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනා කිරීමට අපේක්ෂා කරන බවත් එළඹෙන මැයි මාසයේ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඊට පෙර මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.
නමුත් ඉන් අනතුරුව මෙය ඉදිරිපත් කර සම්මත කරගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවේය.
වසර 2ක් දක්වා වූ සිර දඬුවම මේ සඳහා දැඩි නොවේද යන ප්‍රශ්නය SBS මාධ්‍යවේදියා අධ්‍යාපන අමාත්‍ය Dan Tehan ගෙන් අසූ විට ඔහු පැවසුවේ එසේ නොකරේ නම් එය ඇගයීම් සහ විභාග වංචාකරුවන්ට නොදැනෙන බවය.

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවල ඇගයීම් සහ විභාග වංචා
ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වල සහ උසස් අධ්‍යාපන ආයතන වල Contract Cheating හෙවත් ඉහත සඳහන් ඇගයීම් හෝ විභාග වංචා බහුලව සිදුවන බව විටින් විට වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ මෙම Contract Cheating සම්බන්ධ සමීක්ෂණයක් Contract Cheating and Assessment Design Project ආයතනය විසින් පසුගිය වසරේදී පවත්වනු ලැබීය.
ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ නම ගිය විශ්ව විද්‍යාල 8 ක ගුරුවරුන් 1,147 ක් ද සිසුන් 14,086 ක්ද සහභාගී කරගත් බව ඔවුන් සඳහන් කරයි.
මෙම Contract Cheating සිදු කිරීමට සිසුන්ව පොළඹවන ප්‍රධාන සාධක 3ක් ඇති බව එහිදී අනාවරණය වූ බව ඔවුන් පවසයි.
එම සාධක ත්‍රිත්වය පහත පරිදි වේ.
01. ඉගෙනීම සහ ඉගැන්වීම සම්බන්ධයෙන් සිසුන් තුළ ඇති අතෘප්තිමත් බව.
02. වංචා කිරීමට බොහෝ මාර්ග ඇති බවට ඇති මානසිකත්වය.
03. ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂා භාවිත කිරීමට හැකිවීම.

ඔස්ට්‍රේලියාව තුළ Contract Cheating සිදු කරන ප්‍රධාන ආකාර
ඔස්ට්‍රේලියාව තුළ මේ වන විට Contract Cheating සිදු කරන ප්‍රධාන ආකාර 7 ක් හඳුනා ගැනීමටද Contract Cheating and Assessment Design Project ආයතනය සමත් වී තිබේ.
ඒවා පහත පරිදි වේ.
01. අධ්‍යාපන ලියවිලි සහ සටහන් අලෙවි කිරීම හෝ මිලට ගැනීම.
02. කුමන හේතුවක් මත හෝ පිළිතුරු සහිත සම්පූර්ණ කළ ඇගයීමක් (Assignment) ලබා දීම.
03. සම්පූර්ණ කළ ඇගයීමක් (Assignment) ලබාගැනීම.
04. විභාග වලදී උදව් සැපයීම.
05. විභාග වලදී උදව් ලබා ගැනීම.
06. අනෙක් පුද්ලයින් උදෙසා විභාග වලට පෙනී සිටීම.
07. තමන්ගේ විභාගයක් සඳහා වෙනකෙකු යෙදවීම.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

