ඔස්ට්‍රේලියාවේ ජනගහනය අතින් විශාලතම නගරය ලෙස මෙල්බර්න් නුවර නුදුරේදීම කිරුළු පළඳින සෙයක් දක්නට ඇතැයි වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ජනගහනය අතින් මෙතෙක් ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය ලෙස වාර්තාවන්නේ සිඩ්නි නුවර වන අතර මෙල්බර්න් නුවර 2026 වන විට එය අභිබවා යනු ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත පෙන්වා දෙයි.

ජනගහනය සහ මෙල්බර්න්
මේ වන විට ලැබී ඇති දත්ත වලට අනුව දිනකට පුද්ගලයින් 327 ක් පමණ මෙල්බර්න් නුවරට එකතු වෙයි.
වසර 2017-18 කාලය තුළදී මෙල්බර්න් ජනගහනයට 119,421 ක පදිංචිකරුවන් එකතුවී ඇති අතර එනිසාම මෙල්බර්න් ජනගහනය මිලියන 5 සීමාවට ළඟා විය.
මෙල්බර්න් නුවරට වසරකට ලක්ෂයකට අධික පදිංචිකරුවන් නොකඩවා එක්වූ සිව්වන වසර ලෙස පසුගිය වසර වාර්තා වන අතර එම සිව් වසර තුළ වැඩිම පදිංචිකරුවන් පිරිසක් එක් කළ වසර වූයේ 2016-17 වසරය.
එම කාලයේදී පදිංචිකරුවන් 125,424 ක් මෙල්බර්න් නුවරට එකතු විය.

සිඩ්නි අභිබවා යන මෙල්බර්න්
වසර 2016 මැද භාගය වන විට මෙල්බර්න් ජනගහනය මිලියන 4.5 ක් වූ අතර එතැන් පටන් මේ දක්වා 460,000 කට අධික පිරිසක් මෙල්බර්න් ජනගහනයට එකතු විය.
නමුත් ඉහත කාල සීමාවේදී සිඩ්නි නුවරට එකතුවූ ජනගහනය ලක්ෂ 3ක් පමණ වූ බව ද සඳහන්.
වර්තමානයේ ක්‍රියාත්මක ජනගහනය වර්ධනය වීමේ අනුපාතය අනුව වසර 2026 දී මෙල්බර්න් නුවර, සිඩ්නි නුවර අභිබවා යනු ඇතැයි ජන විකාසන විද්‍යාඥයින් අනාවැකි පළ කරයි.
මේ අන්දමින් ජනගහනය අනුව අවසන් වතාවට මෙල්බර්න් නුවර සිඩ්නි නුවර පසුකර ඇත්තේ පසුගිය සියවසේදීය.
මෙල්බර්න් නුවර මෙලෙස ජනගහනය ශීග්‍රව වර්ධනය වීමට ප්‍රධානතම සාධකය බවට පත්ව ඇත්තේ විදෙස් සංක්‍රමණ බවද අනාවරණය වී ඇත.
නිපුණතා සංක්‍රමණිකයින් සහ ඔවුන්ගේ පවුල් වල උදවිය බොහෝ ලෙස මෙල්බර්න් නුවර ආශ්‍රිතව පදිංචි වීමත් ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ අනෙකුත් නගර වලට සාපේක්ෂව මෙල්බර්න් නුවරට වැඩි වශෙයන් පැමිණීමත් මේ තත්ත්වයට මුල පුරා තිබේ.

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර වල ජනගහන වර්ධනය
වසර 2017-18 කාලය තුළදී සිඩ්නි නුවරට 93,411 ක පදිංචිකරුවන් එකතුවී ඇති අතර එනිසාම සිඩ්නි ජනගහනය මිලියන 5.2 ක් බවට පත්විය.
එය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක සිදුවූ දෙවැනි විශාලතම ජනගහන වර්ධනය ලෙසද වාර්තා වේ.
එම ලැයිස්තුවේ තුන්වන තැන ගෙන ඇත්තේ බ්‍රිස්බර්න් නුවරය.
වසර 2017-18 කාලය තුළදී බ්‍රිස්බර්න් නුවරට 50,120 ක පදිංචිකරුවන් එකතුවී ඇති අතර එනිසාම බ්‍රිස්බර්න් ජනගහනය මිලියන 2.5 ක් බවට පත්විය.
21,582 ක පදිංචිකරුවන් ප්‍රමාණයක් පසුගිය වසරේදී පර්ත් නුවරට එකතුවුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස පර්ත් ජනගහනය මිලියන 2.1 ක් බවට පත්විය.
ඇඩිලේඩ් නුවරට පසුගිය වසරේදී 11,339 ක පදිංචිකරුවන් එකතුවී ඇති අතර එහි ජනගහනය මිලියන 1.3 ක් ලෙස වාර්තා විය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල පසුගිය වසරේදී සිදුවූ ජනගහනය ඉහළ යාම පහත වගුවෙන් සාරාංශගත කෙරේ.

සංක්‍රමණිකයින් ප්‍රධාන නගර වලින් බැහැර කිරීමට මධ්‍යම රජයේ සූදානම
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල හටගෙන ඇති ජනගහන තදබදය අවම කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීමට වත්මන් ඔස්ට්‍රේලියාවේ ලිබරල් සන්ධාන රජය පසුගිය සතියේ තීරණය කළේය.
ඒ අනුව මේ වන විට 190,00 ක්ව පවතින ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 160,000 දක්වා 30,000 කින් කප්පාදු කිරීමට තීරණය වී ඇත.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ව එම නගර වලින් බැහැර කිරීමටද මධ්‍යම රජයේ මේ වන විට ක්‍රියාකරමින් පසුවෙයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

