ලෝකයේ හොඳම සහ බුද්ධිමත්ම සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව වැඩසටහනක් අරඹයි. (SBS සිංහල/ වාර්තා)

Australian Visa

Source: SBS

හොඳම සහ බුද්ධිමත්ම සේවකයින් දහස් ගණනින් ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඒ සඳහා ඇතැම් විදේශ රටවල ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නියෝජනය කරන බඳවා ගැනීමේ නිලධාරීන් අනියුක්ත කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වේ.

Australian Visa
Source: Flickr

ලෝකයේ හොඳම සහ බුද්ධිමත් සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම

ලොව සිටින හොඳම සහ බුද්ධිමත් සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ අරමුණින් Global Talent Independent වැඩසටහන යටතේ ලොව ප්‍රධාන රටවල කිහිපයකම බඳවා ගැනීමේ නිලධාරීන් අනියුක්ත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

එසේ අනියුක්ත කළ එක් නිලධාරියෙකු පිළිබද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබද අමාත්‍ය David Coleman විසින් හෙළිදරව් කළේය.

අදාළ නිලධාරියා ජර්මනියේ බර්ලින් නුවර සිට සිය කටයුතු කරන බව ඔහු පැවසීය.

ඊට අමතරව ලබන මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයට, සිංගප්පූරුවට, සෙන්තියෝගෝ නුවරට, ෂැන්හයි නුවරට මෙන්ම ඩුබායි රාජ්‍යයට ද එවැනි  බඳවා ගැනීමේ නිලධාරීන් පිටත් කර හරින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබද අමාත්‍ය David Coleman පැවසීය.

Australian Visa
Australian Immigration Minister David Coleman. Source: AAP

ඉලක්කය

මෙම බඳවා ගැනීමේ නිලධාරීන් ගේ ප්‍රධාන ඉලක්කය ඔවුන්ගේ ක්ෂේත්‍ර නියෝජනය කරන හොඳම වෘත්තිකයින් 5,000 ක් බඳවා ගැනීම බව වාර්තා වේ.

එහිදී විශේෂයෙන්ම තාක්ෂණික අංශය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන බව ද වාර්තා වේ.

ලෝකයේ ඉහළ තරගකාරීත්වයක් සහ වර්ධනයක් තිබෙන ක්ෂේත්‍ර වල නිරත පුද්ගලයින් හට ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඒත්තු ගැන්වීම මෙම බඳවා ගැනීමේ නිලධාරීන් හරහා සිදු කෙරේ.

ඒ හරහා ඔස්ට්‍රේලියාවේ අදාළ ක්ෂේත්‍ර වල වර්ධනයක් ඇති කිරීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඉලක්කය වී ඇත.

එලෙස අදාළ ක්ෂේත්‍ර වල ව්‍යාපාර දියුණුවීමත් සමග ඉහළ නිපුණතාවක් සහිත ඕස්ට්‍රේලියානුවාසීන් විශාල පිරිසකට ඉහළ වැටුප් සහිත රැකියා ලබා දීමට ද අවකාශය ලැබෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබද අමාත්‍ය David Coleman විසින් හෙළිදරව් කළේය.

160,000 ක් වූ ඔස්ට්‍රේලියාවේ වාර්ෂික නිපුණතා සංක්‍රමණික නව කෝටාවේ 5,000 ක් කෝටාවක් මේ සඳහා වෙන් කර ඇති බවද සඳහන්.

කෙසේවෙතත්, ඉහළ සුදුසුකම් සහ නිපුණතාවක් සහිත පුද්ගලයින් සිටීනම් මේ වන විට ඇති distinguished talent හෝ skilled independent වීසා ඛාණ්ඩ හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කරන ලෙසද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉල්ලා සිටියි.

Australian Visa
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now