SKIP TO MAIN CONTENT

උපාධිධාරීන් කොපමණකට රැකියා ලැබෙනවාද යන්න මත ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වෙත මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ නව මොඩලයක්. (SBS සිංහල/ වාර්තා)

University funding
Source: Flickr

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වෙත මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ ක්‍රියාවලිය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පසුගිය සතියේදී තවත් දැඩි කරනු ලැබීය.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන් හට ලබා දෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය මත අදාළ විශ්ව විද්‍යාල වෙත මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබන වසරේ සිට කටයුතු කරනු ඇත.

University funding
Source: AAP

නව මොඩලය

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා පිටව යන උපාධිධාරීන් කොපමණ සංඛ්‍යාවකට රැකියා ලැබෙනවාද සහ විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන්ගේ තෘප්තිමත් භාවය මත ලබන වසරේ සිට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙනු ඇත.

මේ අතර උපාධි පාඨ මාලා සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අමතර ඩොලර් මිලියන 80 ක මුදලක් ආයෝජනය කිරීමටද අපේක්ෂා කරයි.

මෙම නව මොඩලය යටතේ ඒ ඒ විශ්ව විද්‍යාල සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමේදී පහත සඳහන් ප්‍රධාන මිනුම් දඬු හතර පිළිබඳ සලකා බලයි.

  1. උපාධිය ලබා පිටව යන උපාධිධාරීන් කොපමණ සංඛ්‍යාවකට රැකියා ලැබෙනවාද යන්න.
  2. සිසුන්ගේ සාර්ථකත්වය
  3. සිසුන්ගේ විශ්ව විද්‍යාල අත්දැකීම
  4. ස්වදේශික ඔස්ට්‍රේලියානු සම්භවයක් සහිත සහ අඩු ආදායම් ලාභී පවුල් වලින් පැමිණෙන සිසුන් කොපමණ සංඛ්‍යාවක් ඇතිද යන්න
University funding
Education Minister Dan Tehan Source: AAP

නව මොඩලයයේ පරමාර්ථ

රැකියා වලට සූදානම් උපාධිධාරීන් (job-ready graduates) බිහි කරන විශ්ව විද්‍යාල සඳහා දිරිගැන්වීමක් සැපයීම මෙහි ප්‍රධාන අරමුණ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan  පැවසීය.

ලෝකයේ උසස්ම ප්‍රමිතියේ උසස් අධ්‍යාපන පද්ධතියක් ඔස්ට්‍රේලියාවට තිබෙන නමුත් එය තවත් ශක්තිමත් කර තිරසාර ලෙස කාලයට ඔබින අන්දමින් පවත්වාගෙන යා යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සිසුන්ගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ පළමු වසර තුළ ලියාපදිංචි වූ සිසුන් කොපමණ ප්‍රමාණයක් විශ්ව විද්‍යාලය හැර යනවාද යන්න මත බවත් සිසුන්ගේ විශ්ව විද්‍යාල අත්දැකීම මනිනු ලබන්නේ ඉගැන්වීමේ ගුණාත්මකභාවය මත බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

University funding
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now