නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත 2019-20 රැකියා ලැයිස්තුවේ අධික ඉල්ලුමක් සහිත වෘත්තීන් සඳහා පනවනු ලැබූ අමතර කොන්දේසි මෙන්න. (SBS සිංහල/වාර්තා)

NSW Skilled Occupation Lists

Source: Flickr, Getty

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled nominated migration වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුව මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

190 වීසා උප ඛාණ්ඩය යටතේ මේ සඳහා අයදුම් කළහැකි වන අතර අධික ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා මෙවර අමතර කොන්දේසි හඳුන්වා දී ඇතැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

Skilled nominated migration
Source: Flickr

2019-20 නිව් සවුත් වේල්ස් Skilled nominated රැකියා ලැයිස්තුව

2019-20 මුල්‍ය වර්ෂය සඳහා ප්‍රකාශිත නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහනේ රැකියා සහ වෘත්තීන් 186 ක් අඩංගු වේ.

එමෙන්ම මෙම වසරේ පටන් එක් එක් රැකියාව සහ වෘත්තීය ට අදාළ කෝටාවේ ඉල්ලුම පදනම් කරගනිමින් Availability හෙවත් උපයෝජ්‍යතා මට්ටම ද ප්‍රදර්ශනය කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.

ඒ අනුව සෑම රැකියාවකටම සහ වෘත්තීයකටම අදාළ කෝටාවේ උපයෝජ්‍යතා මට්ටම Low, Limited, Medium සහ High යනුවෙන් සඳහන් කර ඇත.

2019-20 නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුව මෙතනින් ලබාගත හැකිය.

NSW Skilled Occupation Lists
Source: SBS

අමතර කොන්දේසි

මෙවර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled nominated migration වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුවේ අධික ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා පහත සඳහන් අමතර කොන්දේසි ඉදිරිපත් කර ඇත.

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචි වීම.
  • අවම වශයෙන් වසරක කාලයක් හෝ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රැකියාවක නිරත වීම.

ඉහත අමතර කොන්දේසි බලාපාන වෘත්තීන් පහත පරිදී වේ.

Occupation IDOccupation
132211Finance Manager
221111Accountant (General)
221112Management Accountant
221113Taxation Accountant
221213External Auditor
221214Internal Auditor
233111Chemical Engineer
233211Civil Engineer
233311Electrical Engineer
233411Electronics Engineer
233511Industrial Engineer
233512Mechanical Engineer
233513Production or Plant Engineer
241411Secondary School Teacher
254415Registered Nurse (Critical Care and Emergency)
254499Registered Nurses nec
261111ICT business Analyst
261112Systems Analyst
261311Analyst Programmer
261312Developer Programmer
261313Software Engineer
261314Software Tester
262112ICT Security Specialist
263111Computer Network and Systems Engineer
263311Telecommunications Engineer
263312Telecommunications Network Engineer

අයදුම් කරන අයුරු

නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහන සඳහා අයදුම් කරන අයුරු සහ ඒ පිළිබඳ වැඩි විස්තර පහත ලිපියෙන් ලබාගත හැකිය.

NSW Skilled Occupation Lists
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now