ඔස්ට්‍රේලියාවේ partner visa හරහා සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ඉතා පහසුවෙන් ලබාගන්නවා යයි නවතම වාර්තාවක් පෙන්වා දී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු ජනගහන පර්යේෂණ ආයතනය විසින් එළිදැක්වූ මේ වාර්තාවට අනුව වෙනත් මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අපහසුවී ඇති සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ partner visa හරහා තම ඉලක්ක සපුරාගැනීමට කටයුතු කරන බවට වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ partner visa අනිසි ලෙස යොදාගැනීම
වෙනත් මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට අපහසුවී ඇති සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ partner visa හරහා තම ඉලක්ක සපුරාගැනීමට යාම විය හැකි දෙයක් බව ඔස්ට්‍රේලියාවේ ජනවිකාස විද්‍යාඥ (demographer) Bob Birrell, SBS පුවත් සේවයට පැවසීය.
බටහිර ලෝකයේ රටවවල සමග සසඳන කල partner visa සම්බන්ධ ඉතා මෘදු හා නම්‍යශීලී නීති ඇති රටක් ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්විය හැකි බව ඔහු පැහැදිලි කළේය.
නමුත් සංක්‍රමණිකයින් විසින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට ඔස්ට්‍රේලියාවේ partner visa අනිසි ලෙස යොදාගන්නවා යන්න සනාථ කිරීම සඳහා මේ වන විට කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ජනවිකාස විද්‍යාඥ ආචාර්ය Liz Allen, SBS පුවත් සේවයට පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ partner visa ලබාගැනීම බරපතල කාර්යයක් බවත් ඒ සඳහා සහකරුවන්ගේ නීත්‍යානුකූල සම්බන්ධය සනාථ කිරීමට ප්‍රබල සාක්ෂි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ඉදිරිපත් කළ යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි සෑම වැඩිහිටි පුද්ගලයෙකුටම තමන්ගේ සහකරුවන්ට අනුග්‍රහය දැක්වීමට අයිතියක් තිබෙන බවත් එයට අභියෝග කිරීමට තමන් සූදානම් නොමැති බවත් ජනවිකාස විද්‍යාඥ Bob Birrell, SBS පුවත් සේවයට පැවසීය.
නමුත් ඔස්ට්‍රේලියාවේ partner visa සඳහා සුදුසුකම් ලබාගැනීමට අදාළ අවශ්‍යතාවන් සහ කොන්දේසි දැඩි කිරීමට කාලය එළඹ ඇති බව ඔහු පැහැදිලි කළේය.

අනුග්‍රහය දැක්වීමට සුදුසු වයස් සීමාව ඉහළ දැමීම
ඔස්ට්‍රේලියාවේ partner visa සඳහා සුදුසුකම් ලබාගැනීමට අදාළ අවශ්‍යතාවන් සහ කොන්දේසි දැඩි කිරීමේදී partner visa සඳහා අනුග්‍රහය දැක්වීමට සුදුසු වයස් සීමාව ඉහළ දැමීම ආචාර්ය Bob Birrell ගේ එක් යෝජනාවක් වේ.
මේ වන විට ඒ සඳහා අනුමත වයස අවුරුදු 18 ක්ව පවතින නමුත් එය වයස අවුරුදු 21 දක්වා ඉහළ දැමිය යුතු බවට ඔහු යෝජනා කරයි.
මේ හරහා තමන්ගේ සහකරුවා ඔස්ට්‍රේලියාවට පැමිණි පසු ඔස්ට්‍රේලියානු රජයට බරක් නොවී ඇයව හෝ ඔහුව රැකබලාගැනීමට අදාළ අනුග්‍රාහකයාට හැකියාවක් තිබිය යුතු වීම ඒ හරහා සපිරෙන බව ඔහු පැවසීය.

වාර්තාව වැරදි බව FECCA සංවිධානය පවසයි
ඔස්ට්‍රේලියානු ජනගහන පර්යේෂණ ආයතනය විසින් එළිදැක්වූ මේ වාර්තාව වැරදි බව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකන් සම්බන්ධ ප්‍රමුඛතම සංවිධානයක් වන FECCA සංවිධානය පවසයි.
ඔස්ට්‍රේලියාවේ තාවකාලික හෝ ස්ථිර පදිංචිය සඳහා වූ partner visa ලබාගැනීමේ ක්‍රියාවලිය එතරම් පහසු නොවන බව FECCA සංවිධානයේ සභාපතිනී Mary Patetsos පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ partner visa සම්බන්ධ අයදුම්පත් සලකා බැලීම සඳහා බොහෝ විට වසර 2ක පමණ කාලයක් ගතවන බවත් එක් අයදුමපතක් සඳහා $8,000 ක් වැනි ඉතා ඉහළ මුදලක් වැයවන බවත් ඇය පෙන්වා දුන්නාය.
ඔස්ට්‍රේලියාවේ partner visa සම්බන්ධ අයදුම්පතක් ප්‍රතික්ෂේප වුවහොත් අයදුම්කරුට මුදල් නොලැබෙන අතර ඔස්ට්‍රේලියානු රජයට එම මුදල ස්ථිරවම හිමිවන බවද ECCA සංවිධානයේ සභාපතිනී Mary Patetsos පැවසුවාය.


