ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල සේවය කරන පුද්ගලයින් දිනකට මිනිත්තු 66 ක් මහ මග කල් ගෙවන බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

The average weekly commuting time in Australia

Source: AAP

ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයින් තම සේවා ස්ථානයට ගමන් කිරීමේදී ඒ සඳහා වැය කරන කාලයේ වැඩිවීමක් සිදුව ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


නවතම HILDA වාර්තාව හෙවත් Household, Income and Labour Dynamics in Australia සමීක්ෂණ වාර්තාවට අනුව 2002 වසරේ පටන් 2017 දක්වා ගෙවුණු වසර 15 තුළ ඔස්ට්‍රේලියානුවාසීන් සිය රාජකාරී ස්ථාන සඳහා ගමන් කරන කාලයේ කැපී පෙනෙන ඉහළ යාමක් සිදුව තිබේ.

The average weekly commuting time in Australia
The average weekly commuting time in Australia Source: AAP

සේවා ස්ථාන සඳහා යාමට ගතවන කාලය

වසර 2002 දී ඔස්ට්‍රේලියානුවාසීන් සිය රාජකාරී ස්ථානයට ගමන් කිරීමේදී ඒ සඳහා වැය කරන සාමාන්‍ය කාලය සතියකට පැය 3.7 ක් වූ නමුත් 2015 වසරේදී එය පැය 4.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම HILDA වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, ඇඩිලේඩ් සහ පර්ත් යන ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල සේවය කරන පුද්ගලයින් එම නගර වලින් පිටත සිටින පුද්ගලයින්ට වඩා ඉතා වැඩි කාලයක් තම සේවා ස්ථාන වෙත යාමට වැය කරන බවද හෙළිවී තිබේ.

එම ප්‍රධාන නගර වල සේවය කරන පුද්ගලයින් සෑම දිනකම පාහේ තම සේවා ස්ථාන වෙත ගමන් කිරීමට පැයකට අධික කාලයක් මිඩංගු කරන බව එහිදී පෙනී ගෝ තිබේ.

එහි සාමාන්‍ය මධ්‍යන කාලය මිනිත්තු 66 ක් ලෙස සඳහන්.

නමුත් එම  සාමාන්‍ය මධ්‍යන කාලය 2002 වසරේදී සටහන් වූයේ මිනිත්තු 55ක් ලෙස වන අතර වසර 2017 වන් විට එය 20% කින් ඉහළ ගොස් තිබේ.

The average weekly commuting time in Australia
Source: SBS

ප්‍රධාන නගර අනුව සේවා ස්ථාන වෙත ගමන් කිරීමට වැය වන කාලය

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන වෙත ගමන් කිරීමට වැඩිම කාලයක් වැය වන නගරය ලෙස සිඩ්නි නගරය වාර්තා වන අතර එය 2017 වසරේදී මිනිත්තු 71ක් බව සඳහන්.

දෙවැනි ස්ථානයට  බ්‍රිස්බේන් නුවර පත්වී ඇති අතර සේවා ස්ථාන ගමන් කිරීමට බ්‍රිස්බේන් වැසියෙකු හට ගතවන මධ්‍යන සාමාන්‍ය කාලය මිනිත්තු 67 කි.

මෙල්බර්න් නුවර එම කාලය මිනිත්තු 65 ක් ලෙස වාර්තා වන අතර පර්ත් නුවර එය මිනිත්තු 59 කි.

ඇඩිලේඩ් නුවර පස්වන ස්ථානයට පත්ව ඇත්තේ මිනිත්තු 56 ක කාලයක් සටහන් කරමිනි.

ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථාන වලට අඩුම කාලයකින් ගමන් කළ හැකි ප්‍රාන්තය ලෙස Northern Territory හැඳින්වේ.

මිනිත්තු 35 කින් Northern Territory ජනයාට තම සේවා ස්ථාන වෙත ළඟා වීමට හැකියාව ලැබෙන බව නවතම HILDA වාර්තාව පෙන්වයි.

The average weekly commuting time in Australia
Source: SBS

අහිතකර බලපෑම්

සේවා ස්ථාන වෙත වාර්තා කිරීමට සැලකිය යුතු ලෙස වැඩි කාලයක් ගතවීම නිසා විවිධ අහිතකර බලපෑම් ඇතිවන බව ද නවතම HILDA වාර්තාව පෙන්වා දෙයි.

යම් පුද්ගලයෙකු හට තම සේවා ස්ථානයට වාර්තා කිරීමට සහ නැවතත් තම නිවසට පැමිණීමට වැඩි කාලයක් ගත කිරීමට සිදුවීම නිසා ඔහුට තම ජීවිතයේ අනෙකුත් ක්‍රියාකාරකම් මගහැරී යන බව එම වාර්තාව පැහැදිලි කරයි.

ශාරීරික ව්‍යායාම සිදු කිරීමට කාලය නොමැතිවීම, පවුලේ සාමාජිකයින් සමග ගත කිරීමට කාලය අහිමිවීම සහ සමාජ ක්‍රියාකාරකම් සමග මුසුවීමට කාලයක් නොමැතිවීම යන කරුණු ප්‍රමුඛ උදාහරණ ලෙස ඔවුන් දක්වා තිබේ.

එමෙන්ම වැඩි කාලයක් සේවා ස්ථාන වෙත වාර්තා කිරීමට යාමේදී ශබ්ද දූෂණය, පරිසර දූෂණය සහ මාර්ග අනතුරු වැනි අහිතකර අතුරු ප්‍රතිඵල ද ඇතිවිය හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි.

SBS Sinhalese
Source: SBS Sinhala

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now